මත් කුඩු කිලෝ 12ක් ආදුරුප්පු වීදියෙන් අල්ලයි කොළඹ ආදුරුප්පු වීදිය ප්‍රදේශයේදී නිවෙසක බංකරයක් තුළ සඟවා තිබූ මත් කුඩු කිලෝ 12ක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 18 July 2021
පොලිසිය සමග වෙඩි තබා ගත් පාතාල සාමාජිකයා මරුට ප්‍රබල මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල සාමාජිකයකු බව කියන ලලිත් පිංතු නැමැත්තකු සීදූව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය සමග ඇතුවූ වෙඩි හුවමාරුවකු දි මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 18 July 2021
රිෂාඩ් බදියුදීන් රෝහල් ගත කරයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 17 July 2021
දෙහිවල සතුන් වත්තේ තවත් සතුන් හතර දෙනකුට කොරෝනා දෙහිවල සත්වෝද්‍යානයේ චිම්පන්සි දෙදෙනෙකුට සහ ඔරං ඔටං දෙදෙනෙකුටද කොවිඩ් වයිරසය ආසාදනයවී ඇතැයි පී.සී.ආර් පරීක්ෂණයකින් තහවුරුවූ බව එහි ආරංචි මාර්ග කියයි. 17 July 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 980ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 980 දෙනෙක් අද (17) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 17 July 2021
කොවිඩ් මරණ තවත් 31ක් කොවිඩ් ආසාදිතවූ තවත් 31 දෙනකු ඊයේ (16) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (17) තහවුරු කළේය. 17 July 2021
බලගල්ල ඇදුැරුතුමෝ අවසන්වරට ජපුරට යති අභාවප්‍රාප්ත වු මහාචාර්ය විමල් ජි. බලගල්ලේ මහතාගේ දේහය අවසන් ගෞරව දැක්වීම සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අද පෙරවරුවේ රැගෙන ආවේය. 17 July 2021
‘කොතලාවල විශ්ව විද්‍යාලය ප්‍රතිපාදන කොමිසම යටතට ගේනවා‘ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ ඇති බාධා ඉවත් කර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඒ යටතට ගෙන එන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 17 July 2021
ජාතික ජන බලවේගයේ උද්ඝෝෂණයක් කොටුවේ සිසුන්ගේ ශාස්ත්‍රීය නිදහස උල්ලංඝණය කරන, අධ්‍යාපනය මිලිටරීකරණය කරන කොතලාවල අධ්‍යාපන පනත වහා හකුලා ගනිව්’’ යන ඉල්ලීම මුල්කරගනිමින් ජාතික ජන බලවේගය සංවිධාන කරන ලද උද්ඝෝෂණයක් අද (17 ) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්විය 17 July 2021
කොරෝනා සමග දරුවන්ට වැළඳෙන අලුත් ලෙඩක් බහු ඉන්ද්‍රීය ආසාදනය යනුවෙන් හැඳින්වෙන රෝගය වැළඳුණු දරුවන් 34 දෙනකු මෙරටින් වාර්තාවී ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලීන්. සී. කිතුල්වත්ත මහතා පවසයි . 17 July 2021
විරෝධතාවන්ට වතුර ගැසූ පොලීසියට මිලියන 64ක් යහපාලන රජය සමයේ පැවති විරෝධතා ව්‍යාපාරවලට ජල ප්‍රහාර එල්ල කළ පොලිස් නිලධාරීන් සදහා රුපියල් මිලියන 64 ක අතිරේක දීමනාවක් ගෙවා ඇති බව වාර්තා වෙයි. 17 July 2021
’’මට සලකනවා මදි’’ තමාට සලකන ආකාරය ගැන කළකිරීමක් තිබුණත් ඒ ගැන නොසැලෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසයි. 17 July 2021
ජපානය දුන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලක්ෂ 14 ඉදිරි සතියේදී ලංකාවට ජපානයේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා දාහතර ලක්ෂ පනස්දහස ඉදිරි සතිවල දී ජපානයේ සිට ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ජපානයේ ටෝකියෝ හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී. 17 July 2021
කොවිඩ් මරණ ගැන ජනපති කමිටුවෙන් හෙළිදරව්වක් කොවිඩ් ආසාදිතයන් ලෙස පසුගිය දින කිහිපයේදී හඳුනාගත් වැඩි දෙනෙකු සහ මරණයට පත්වූ වැඩිදෙනෙකු කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් අය බව හෙළි වී ඇතැයි කොවිඩ් මර්දන ජනාධිපති කමිටුව පවසයි. 17 July 2021
‘ගෑස් සමාගම් පාරිභෝගිකයා නොමග යවනවා‘ ලීටර් 18 නව ගෑස් සිලින්ඩරයක් හඳුන්වාදීමෙන් ,ගෑස් සමාගම් පාරිභෝගිකයා නොමග යැවීමක් කර ඇතැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇත. 17 July 2021
රාජ්‍ය ඇමතිවරුන් තිදෙනකුගේ විෂය පථ වෙනස් වෙයි රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකුගේ විෂය පථයන් සංශෝධනය කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් අලුත්ම ගැසට් නිවේදනයක් අද (17) නිකුත් කරනු ලැබීය . 17 July 2021
සංචාරකයන්ට පැනවූ නීති තවත් ලිහිල් වෙයි විදේශයන්හි සිට පැමිණෙන සංචාරකයන් ඇතුළු පිරිස්වලට මෙතෙක් ක්‍රියාත්මක වූ සෞඛ්‍ය නීති තවදුරටත් ලිහිල් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත. 17 July 2021
තනතුරු නැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට අධීක්ෂණ මන්ත්‍රීධූර ආණ්ඩු පක්ෂයේ තනතුරු නොමැති මන්ත්‍රීවරුන් සඳහා අධීක්ෂණ මන්ත්‍රී ධූර ලබාදීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි . 17 July 2021
අල්ලස් ගත් ඉඩම් නිලධාරියාට-ක්ෂේත්‍ර නිලධාරියාට වැඩ වරදී වැලි ගොඩ දැමීමේ බලපත්‍රයකට අවශ්‍ය නිර්දේශය ලබා දීමට කටයුතු කිරීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් බව කියන පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරියකු සහ ක්ෂේත්‍ර නිලධාරියකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 17 July 2021
මැති ඇමැතිවරුන්ට ඇන්ටිජන් පරීක්ෂාවක් 19දා පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තුවේ සියලුම මැති ඇමතිවරුන් 19 වැනිදා පාර්ලිමේන්තුවේ දී ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කිරීමට තීරණය කර ඇත . 17 July 2021
කොළඹ ඩෙල්ටා රෝගීන්ගේ වාර්තාව එළියට ශ්‍රී ලංකාවේ පෙරේදා දිනයේදී වාර්තා වූ ඩෙල්ටා රෝගීන් අතර එකොළොස් දෙනෙකු කොළඹ නගර සීමාවේ අය බවට තහවුරු වුණු බව කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා මහතා පවසයි . 17 July 2021
රිෂාඩ්ගේ නිවසේදී මිය ගිය දැරියගේ මරණය ගැන විශේෂ විමර්ශනයක් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ කොළඹ 7 පිහිටි නිවසේදී පිලිස්සුම් තුවාල ලබා මියගිය 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යාංශයේ සහ බොරැල්ල පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 17 July 2021
වෛද්‍ය සිසුවාගේ ආශ්‍රිතයන් තැන් දෙකකින් ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ වෛද්‍ය ශිෂ්‍යයාගේ ආශ්‍රිතයන් තැන් දෙකකින් හමුවී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය . 17 July 2021
‘ඔලිම්පික්‘ යන ශ්‍රී ලංකා නිල කණ්ඩායමට කෝටි 5 ක් ජපානයේ ටෝකියෝ නුවරදී ලබන 23 වැනිදා ආරම්භ වන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වන 26 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා නිල කණ්ඩායම සඳහා ක්‍රීඩා අමාත්‍යංශය රුපියල් කෝටි 5 කට ආසන්න (මිලියන 46.2) මුදලක් වැයකරන බව ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පැවසීය. 17 July 2021
පළාත් කිහිපයකට තද වැසි නැගෙනහිර,උතුරුමැද සහ ඌව පළාත්වල අද (17) සවස් කාලයේදී හෝ රාත්රියේදී මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 17 July 2021
පැය 24 කදී නිරෝධායන නීති කැඩූ 207 ක් අත්අඩංගුවට නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 207 දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 17 July 2021
කොරෝනා මරණ 41ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 41දෙනකු ඊයේ (15) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (16) තහවුරු කළේය. 16 July 2021
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ වගන්ති වෙනස් කිරීමට අවධානය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ යම් යම් වගන්ති වෙනස් කිරීමට රජය අවධානය යොමු කර ඇති බවත් , ඒ පිළිබදව සොයා බලා කරුණු ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කළ බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. 16 July 2021
කොරෝනා නිසා ’’වෙඩින්’’ ලක්ෂ හතක් නැවතිලා කොවිඩ් 19 වසංගතයත් සමග රට වසා දැමුණු කාලසීමාවේදී විවාහ මංගල උත්සව ලක්ෂ හතක් පමණ කල් දමන්නට සිදුව ඇතැයි දේශීය වෙදකම් ප්‍රවර්ධන,ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පවසයි. 16 July 2021
දෙමටගොඩ පොලිස් මුරපොළකට හොරු පනිති දෙමටගොඩ මූලස්ථාන පොලිසිය යටතේ ක්‍රියාත්මක වන මිහිඳුසෙත්පුර පොලිස් මුරපොලේ මුදල් සහ භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියට පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 16 July 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026