IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ඕමානයේ අතරමං වූ කාන්තාවන් 16 ක් නැවත ගෙන්වයි

(යොහාන් භාසුර)

සංචාරක වීසා යොදාගනිමින් ඕමානයේ ගෘහ සේවයට ගොස් සිටියදී විවිධ  දුෂ්කරතාවලට පත්ව සිටි කාන්තාවන් පිරිසක් යළි දිවයිනට ගෙන්වාගැනීමට කටයුතු කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මෙම කණ්ඩායමට කාන්තාවන් 16 දෙනෙක් ඇතුළත්ව සිටිති.

විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය  ප්‍රියංකර ජයරත්න මහතාගේ මැදිහත්වීමෙන් එම කාන්තාවන් යළි ගෙන්වාගැනීමට කටය තු කළ බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.

මෙම කාන්තාවන් පිරිස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදේශගතව ඇති අතර තැරැව්කරුවන් අදාල කාන්තාවන් බලහත්කාරයෙන් සේවයේ යොදවා පහරදීම්, අතවර කිරීම් සහ වැටුප් ලබා නොදීම ආදී ගැටළු හේතුවෙන් ඕමානයේ ශ්‍රී ලංකා ලංකා තානාපති කාර්යාලයට පැමිණ සිටි බවත් මැදපෙරදිග ගෘහ සේවයට යෑමේ නිසි වයස සම්පූර්ණ නොකළ කාන්තාවන් ද ඒ අතර සිටි බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

අදාල කාන්තාවන් සතුව විදේශ ගමන් බලපත්‍ර ද නොතිබීමෙන් තානාපති කාර්යාලය මැදිහත්ව තාවකාලික  විදේශ ගමන් බලපත්‍ර සකස් කර නැවත  ශ්‍රී ලංකාවට එවූ බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩි දුරටත් කියයි.

මෙම කාන්තාවන් නීති විරෝධී ලෙස විදේශ ගතකළ ජාවාරම්කරුවන් නීතිය හමුවට පැමිණවීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විමර්ශන ආරම්භ කර තිබේ.  



අදහස් (2)

ඕමානයේ අතරමං වූ කාන්තාවන් 16 ක් නැවත ගෙන්වයි

nish Friday, 04 February 2022 10:54 AM

හෙදියන් ලෙස කාන්තාවන්ට පුහුණුවදි රට යවන්න. මෙම පවුල්වල පිරිමින්ට විදෙස් රැකියා සඳහා අවශ්‍ය පුණුව ලබාදීමට ආයතනයක් පිහිටුවන්න.

:       0       0

Pradeep Kumara Friday, 04 February 2022 12:19 PM

මෙලෙස නීති විරෝධීව අපේ කාන්තාවන් ගුවන්තොටුපලෙන් පිටවෙන්නේ කෙසේද? ඒ කියන්නේ ගුවන්තොටුපලේ ආරක්ෂක සේවාවල සහ ආගමන විගමන නිලධාරීන්ගේ කාර්යයන් වල ගැටළුවක් තිබෙනවා කියන එකද..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 884 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site