
(ඩයනා උදයංගනී)
ඌව පළාතේත්, මඩකලපුව, අම්පාර, හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
සෙසු පළාත්වල වැසි රහිත කාලගුණයක් පවතින බව එම ප්‍රකාශකයා කීවේය.
ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු වළක්වා ගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd