(අජන්ත කුමාර අගලකඩ)

පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව ඉදිරියේදී වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ අද (07) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කළේය.

රටේ ඇතිව තිබෙන විදුලි අර්බුදය, පුනර්ජනීය බලශක්ති ප්‍රබවයන් පාවිච්චි කිරීම , අපනයන ආර්ථිකය වර්ධනය කරගැනීම ආදී කරුණු සම්බන්ධයෙන් ඊයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

රටේ අපනයන ආදායම ඉහළ දැමීම සඳහා ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා එහිදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කර ඇත . ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතාද ඇමති වරුද සහභාගි වූහ.