
(අජන්ත කුමාර අගලකඩ)
රේගුව භාරයේ ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ අඩංගු බහාලුම් කඩිනමින් නිදහස් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට අද (07)දහවල් උපදෙස් දී ඇත .
රේගුව භාරයේ ඇති ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් දී ඇත .
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව පවත්වාගෙන යාම සඳහා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක්ද ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබ ඇත .
වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන, වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න , මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල මහත්වරු සහ වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය එම කමිටුවට ඇතුළත් වෙති .
උත්සව සමයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි ද ජනාධිපතිවරයා මෙම කමිටුවට උපදෙස් දී ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd