
(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) ඉන්ධන මිල ඉහළ නොදමන බවත් බොරතෙල් මිල ඉහළ යෑමෙන් සංස්ථාවට වන පාඩුව හැකිතාක්කල් දරාගන්නා බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ‘ලංකාදීප’යට පැවසීය.
පසුගිය මාසයේ සිට ඩීසල් ලීටරයකින් රුපියල් 35 ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 7 ක පාඩුවක් ලබන බව කී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා බොරතෙල් මිල තව දුරටත් ඉහළ ගිය හොත් පාඩුව තව දුරටත් වැඩි වන බව ද සඳහන් කළේය.
දෙසැම්බර් මස බොරතෙල් බැරලයක මිල ඩොලර් 74 ක්ව පැවතිය ද පසුගිය සතිය අවසන් වන විට බොරතෙල් බැරයක මිල ඩොලර් 93 ඉක්මවා දැවැන්ත ලෙස මිල ඉහළ ගිය බවත් බොරතෙල් මිල ඉහළ ගිය ද ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණයක් ගෙන නොමැති බවත් අමාත්‍ය ගම්මන්පිල මහතා කීය.
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන මිල ඉහළ දැමීම පිළිබඳව කළ විමසුමේදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (7) එසේ පැවසීය.
කොළඹ සහ අවට සිපෙට්කෝ ඉන්ධන පිරිවුම්හල් අසළ ඊයේ තරමක වාහන තදබදයක් දැකිය හැකි වූවද ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඔප්ටේන් 92 ක පෙට්‍රල් හිඟයක් පැවතුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැමන්, පරිප්පු වලින් අලාබෙ අල්ලන්න බැරිද?
ඉහළ දාන්නේ නෑ. මිල සම කරනවා...
ඒකත් බලමුකෝ... කෝ බයියන් කිරිබත් කනවද?
මේවා ඔක්කොම මේ විකටයින්ගේ විකට කතා... අපි බලාගෙන ඉන්නවා... මොකක්ද වෙන්නේ කියලා...!
දැන් ඔය සෙප්පඩ විජ්ජාවල් හරියන්නේ නැහැ. මම යනවා මහණ වෙන්න...!
මේ සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ යෑමේ පෙර නිමිත්තක්...
කවද්ද ලොක්කෝ තමුන් කියපු දේ හරියට සිදුවුනේ මුන්දෑ කියන ආකාරයට 2022 පෙබරවාරි අවසන් වෙන්න පෙර වැඩි නොවෙන්න නම් බස්නාහිර පැත්තෙන් ඉර පායන්නම ඕනෑ...
දවස් කීයකටද?
ඔය කිව්වේ දවස් කීයකට වැඩිවෙන්නේ නැහැයි කියලාද? කොහොමත් කිව්වේ ගම්මන්පිලනේ, ඒක නිසා විශ්වාස කරන්නම ඕනෑතමයි.
මහත්තයෝ කොහොමද IOC එක... රුපියල් 32ක පාඩුවට ඩීසල් විකුණන්නේ...?
බොරු... බලන්න වෙන දේ..!