(නිමන්ති රණසිංහ)
කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධන මහතාට මිරිස් කුඩු මිශ්‍ර කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කළේ යැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නාගරික මන්ත්‍රී සමන් අබේගුණවර්ධන සහ නාගරික මන්ත්‍රීනී සුරේඛා අබේගුණවර්ධන යන දෙදෙනා එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අද (07) නියෝග කළේය.
පවතින කොරෝනා තත්වය හේතුවෙන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකරන බවට බන්ධනාගාරය වාර්තාවක් මගින් මහේස්ත්‍රාත්වරයාට දැනුම් දීමක් දීමක් කළේය.
කොළඹ මහනගර සභාවේ පරිසර කමිටුවට සභාපතිවරයකු තෝරා ගැනීමේ ඡන්ද විමසීමක් නගර සභා කමිටු ශාලාවක දී පැවැති අතර ඡන්ද විමසීමෙන් අනතුරුව එම නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධන මහතාට ඉකුත් 31 වැනිදා පෙරවරුවේ මෙම මිරිස් කුඩු මිශ්‍රිත කුණු බිත්තර ප්‍රහාරය සැකකරුවන් විසින් එල්ල කරනු ලැබ තිබිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබන සතියේ... නිදහස් කියලා අහන්න ලැබේවා..!!!
කතානායකගේ කට්ටිය...!
එතකොට ඔය බිත්තර දාපු කිකිළියන්ට කිසි දඬුවමක් නැද්ද?