චමල්ගේ නිවස ඉදිරිපිටත් උණුසුම් වෙයි තෙදිනක් තිස්සේ දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබූ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ දෙබර වැව පිහිටි නිවස වටලා අද (04) දහවල් තිස්සමහාරාම ප්‍රදේශයේ තරුණයෝ උද්ඝෝෂණය කළහ. 04 April 2022
සුදර්ශනී ඉල්ලා අස්වෙයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය එම රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කර තිබේ. 04 April 2022
රට පුරා අදත් විරෝධතා රට පුරා අද (04) දිනයේදීත් ආණ්ඩුවට විරෝධය දක්වමින් උද්ඝෝෂණ රැසක් පැවැත්වේ. 04 April 2022
ජනක බණ්ඩාරගේ නිවෙස ඉදිරිපිට විරෝධතාවක් ඒ නවය මාර්ගය හරස් කරමින් දඹුල්ල යාපාගම ප්‍රදේශයේ අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ නිවෙස ඉදිරිපිට විශාල පිරිසකගේ සභාගීත්වයෙන් විරෝධතාවක් මේ අවස්ථාවේ පැවැත්වේ. 04 April 2022
ඩොලරයේ විකුණුම් මිල තවත් ඉහළට මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 289.24 වූ අතර විකුණුම් මිල 299.49 ලෙස සටහන් විය. 04 April 2022
ජනපති හදිසි රැස්වීමක් කැඳවයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ හදිසි රැුස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද(04) පස්වරු 3.30 ට පැවැත්වේ . 04 April 2022
‘ආණ්ඩුවේ බහුතරය හෙට නැතිවෙනවා‘ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50කට අධික සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ ස්වාධීනවීමට සූදානමින් සිටින බව හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි. 04 April 2022
නව අමාත්‍යවරු සිවුදෙනෙක් දිවුරුම් දෙති නව අමාත්‍යවරු සිවුදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී අද (04) දහවල් දිවුරුම් දුන්හ. 04 April 2022
උද්ඝෝෂකයෝ ’’කාල්ටන්’’ වටලති සිවිල් සංවිධානවල 500 කට අධික ජනතාවක් තංගල්ල බස් නැවතුම්පොළේ සිට රාජපක්ෂ විරෝධී පෝස්ටර් අතැතිව අද (4) තංගල්ල කාල්ටන් නිවෙස ඉදිරිපිට ඇති පොලිස් මාර්ග බාධකය පෙරළා කාල්ටන් නිවෙස ඉදිරිපිට ඇති මාර්ග බාධකය වෙත පැමිණ උද්ඝෝෂණයේ යෙදෙමින් සිටිති. 04 April 2022
අර්බුදය විසඳන්න එක්වන්නැයි ජනපති ඉල්ලයි උද්ගතව ඇති ජාතික අර්බුදයට විසැඳුම් සෙවීමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපති ගෝඨාභයට රාජපක්ෂ මහතා ඇරයුම් කළේය. 04 April 2022
මහබැංකු අධිපති ඉල්ලා අස්වෙයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ධුරයෙන් අද (04) පෙරවරුවේ ඉල්ලා අස්විය. 04 April 2022
තිදරු මව ගෙල කපා ඝාතනය කරලා අක්මිමණ නියාගම ජනපදයේ පදිංචි තිදරු මවකගේ ගෙල මන්නා පිහියකින් කපා ඝාතනය කොට ඇති බැව් අක්මිමන පොලිසිය පවසයි. 04 April 2022
අකුණුසැර වැදී ගොවියා මරුට මැදවච්චිය කිරි ගල්වැව ප්‍රදේශයේ කුඹුරක වැඩ කරමින් සිටී ගොවි මහතෙකු අකුණු සැර වැදීමෙන් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. 04 April 2022
දුම්රිය නැතිව මගීහු අතරමං වෙති ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය සංඛ්‍යාවෙන් සියයට 50 ක් පමණ ධාවනය වන බව සාමාන්‍ය අධිකාරි ගාමිණී සෙනවිරත්න මහතා ලංකාදීපයට පැවැසීය. 04 April 2022
අද සවස තද වැසි උතුරු පළාත හැර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (4) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 04 April 2022
මත ගැටුම් මැද කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වෙයි රට තුළ මතුව ඇති අර්බුදය හමුවේ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. 03 April 2022
නාමල් අමාත්‍ය තනතුරු අත්හරියි ක්‍රිඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඔහු දැරූ සියළු තනතුරුවලින් ඉවත්ව ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. 03 April 2022
කැරලිකාර කණ්ඩායම මැති සබේ ස්වාධීන වෙයි ඇමතිධුරවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු හවුල්කාර පක්ෂ දහයේ මන්ත්‍රීවරුන් 16 දෙනා පාර්ලිමේන්තුවේ දී ස්වාධීන කණ්ඩායමක් ලෙස හෙට (05)වෙනම අසුන් ගනු ඇතැයි ආරංචි මාර්ග සදහන් කරයි. 03 April 2022
ඇඳිරිය අස්සේ රටපුරා උද්ඝෝෂණ රට පුරා ඇඳිරිනීතිය පනවා තිබියදීත් එය නොතකමින් බොහෝ පිරිස් විවිධ ප්‍රදේශවලදී ඊයේ (3) විරෝධතාවයන්හි නිරත වූහ. 03 April 2022
ශ්රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වෙයි? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 03 April 2022
ප්‍රතිපත්තිවලට විරුද්ධ නම් ආණ්ඩුව පෙරළන්න රට පෙරළන්න එපා ’’ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට විරුද්ධ නම් ආණ්ඩුව පෙරළන්න. ඒත් රට පෙරළන්න එපා’’ යැයි ජනමාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම මහතා රජයේ හා පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානින් හමුවේ ප්‍රකාශ කර ඇත. 03 April 2022
අගමැති ඉල්ලා අස්වන කතාව බොරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වන බවට පැතිර ගිය වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය ලේකම් රෝහාන් වැලිවිට මහතා පවසයි. 03 April 2022
දේශපාලන පෙරැළියක් අත ළග? ආණ්ඩුව තුළ දේශපාලන පෙරළියක් සිදු වීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරයි. 03 April 2022
හෙට විදුලිය පැය හතක් කපයි විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (4) ප්‍රදේශ රැසකට පැය 7 යි විනාඩි 15 ක් විදුලිය කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය අද (3) පස්වරු පැවසීය. 03 April 2022
ඇඳිරිය කැඩුවැයි ඇල්ලූ අටකට ඇප වාරියපොල නගරය ආසන්නයේදී අද (03) උදෑසන අත් අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් 08 දෙනකු ඇප මත මුදාහරින ලෙස වාරියපොල වැඩබලන මහේස්ත්‍රාත් චමිලා දිල්රුක්ෂි ජයමහ මහත්මිය නියෝග කළාය. 03 April 2022
තීරණයක් ගන්න ශ්‍රීලනිප මන්ත්‍රීහු සභාපති නිවෙසට ආණ්ඩුවේ තවදුරටත් සිටිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම තව සුළු මොහොතකින් හිටපු හිටපු ජනාධිපති මෛත්රීපාලසිරිසේන මහතාගේ නිවසේ දී රැස් වීමට නියමිතය. 03 April 2022
’’භාරකාර ආණ්ඩුවක් නැත්නම් අපි ආණ්ඩුවෙන් යනවා’’ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර භාරකාර ආණ්ඩුවක් යටතේ රට පාලනය කිරීමට පියවර ගත යුතු බවත්, එසේ නොකළොත් තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් දැනුම් දී ඇත. 03 April 2022
ඇමැති චමල් ඔප්පු බෙදීමේ උත්සවය මගහරී සූරියවැව ප්‍ර දේශවාසීන්ට ඔප්පු බෙදාදීමේ උත්සවයක් සූරියවැව නගර ශාලාවේ දී අමාත්‍ය චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (02) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබුණු අතර ආණ්ඩුවට ඇති වී තිබෙන ජනතා විරෝධය හේතු කොටගෙන ඇමතිවරයා එම අවස්ථාවට සහභාගී නොවීය. 03 April 2022
’’අන්තර්වාර ආණ්ඩුවකට ජනපති අගමැති එකඟ වුණා’’ සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පත්කිරීම සඳහා කළ යෝජනාවට ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. 03 April 2022
පැය 7 ක විදුලි කප්පාදුවට කොමිසම විරුද්ධ වෙයි පැය 7 කට වැඩි විදුලි කප්පාදුවක් හෙට (4) ක්‍රියාත්මක කිරීමට විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 03 April 2022
මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත් ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒ.. 02 January 2026