(අංජුල මහික වීරරත්න)
චීන ආධාර යටතේ ලංකාවට ලැබෙන ඩීසල් ලීටර් ලක්ෂ 75ක් ගොවිතැන් කටයුතු සඳහා නොමිලයේ ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙි.
චීන රජය ලංකාවේ කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා ඉන්ධන ලීටර් මිලියන 10.6ක් ලබා දීමට රජයට එකඟත්වය පළ කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන රජයෙන් කළ ඉල්ලීමකට අනුවයි.
එම ඉන්ධන වලින් ලීටර් මිලියන 7.5ක් හෙවත් ලීටර් ලක්ෂ 75ක් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබා දීමට නියමිතය.
මෙම ඉන්ධන තොගය මෙම වසරේ දෙසැම්බර් මස වනවිට මෙරටට ලැබීමට නියමිත බැවින් මෙරට ගොවීන්ට කුඹුරු අස්වැද්දීම සඳහා ලබා දීමට නොහැකි වුවත්, අස්වනු නෙලන අවස්ථාවේදී එම ඉන්ධන ගොවීන් සඳහා ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම නොමිලේ දෙනවානම් රයිස් 100 ට දෙන්න ඕනේ.එහෙම නැතුව ගොවියෝ ජනතාවගේ මුදල් සූරා කයි