(අංජුල මහික වීරරත්න)
චීන ආධාර යටතේ ලංකාවට ලැබෙන ඩීසල් ලීටර් ලක්ෂ 75ක් ගොවිතැන් කටයුතු සඳහා නොමිලයේ ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙි.
චීන රජය ලංකාවේ කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා ඉන්ධන ලීටර් මිලියන 10.6ක් ලබා දීමට රජයට එකඟත්වය පළ කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන රජයෙන් කළ ඉල්ලීමකට අනුවයි.
එම ඉන්ධන වලින් ලීටර් මිලියන 7.5ක් හෙවත් ලීටර් ලක්ෂ 75ක් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබා දීමට නියමිතය.
මෙම ඉන්ධන තොගය මෙම වසරේ දෙසැම්බර් මස වනවිට මෙරටට ලැබීමට නියමිත බැවින් මෙරට ගොවීන්ට කුඹුරු අස්වැද්දීම සඳහා ලබා දීමට නොහැකි වුවත්, අස්වනු නෙලන අවස්ථාවේදී එම ඉන්ධන ගොවීන් සඳහා ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගොවිතැනට නොමිලේ ඩීසල්
Prase Monday, 14 November 2022 06:19 PM
මෙහෙම නොමිලේ දෙනවානම් රයිස් 100 ට දෙන්න ඕනේ.එහෙම නැතුව ගොවියෝ ජනතාවගේ මුදල් සූරා කයි