IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


ගනේමුල්ලේ තුෂාරි ගේ ඝාතකයා මාට්ටු

සුමිත් පොතුපිටිය

පානදුර පින්වත්ත ප්‍රදේශයේ සංචාරක හෝටලයක දී මීට මාස හතකට පෙර මරා වැසිකිළි වළක දමා තිබූ තුෂාරි දිල්හානී නමැති දෙදරු මවගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු කිරීඉබ්බන් ආර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .

සැකකරු එවකට හෝටලයේ කළමනාකරු ලෙසින් සේවය කර ඇති අය බව ද පොලිසිය කීය.

තුෂාරී දිල්හානී නැමැත්තියගේ මළසිරුර සොයාගැනිමට පෙරදින රාත්‍රී හෝටල් පරිඝණක‍යේ දත්ත මකාදමා පුද්ගලික ලියකියවිලිද රැගෙන  පානදුර සිට මාතර ඔස්සේ ඇඹිලිපිටිය බලා ගමන්කර ඇති බවත් ඒ අතරතුර සිය සිම් කාඩ්පත කඩා විසිකර තිබූ බවට පරීක්ෂණවලදී හෙලිව ඇති බවත් උසස් පොලිස් නිලධාරීයෙක් කීය.

ඇඹිලිපිටිය ප්‍රදේශයට පලාගොස් ඇති සැකකරු පොලිසියෙන් මිදීම සදහා වරින්වර පදිංචිය වෙනස් කරමින් සිට ඇති බවද සදහන් වේ.

ඝාතනයට ලක් වූ කාන්තාව මෙම ඝාතනයට දින කීපයකට පෙර හදුනාගෙන ඇති බවත් කඩවත රාත්‍රි සමාජ ශාලවක සිට පානදුර හෝටලයකට කැටුවවිත් එහි කාමරයේ රදවා තවත් පුද්ගලයන් තිදෙනකු සමග වරින්වර ඇය සමග එකට සිට ඇති බවත් හෙලිව ඇතැයිද පොලිසිය කීය.

කාන්තාවගේ සිරුර වැසිකිළිවලට දමා එය වසාදමා ඇයගේ ගමන් බෑගය මුහුදු වෙරළට ගොස් පුළුස්සා දැමු බවට හෙලිව ඇතැයිද පොලිසිය සදහන් කරයි.

 



අදහස් (0)

ගනේමුල්ලේ තුෂාරි ගේ ඝාතකයා මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 157 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 305 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 653 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site