IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වියට්නාම වෙරළේදී බේරාගත් ලාංකිකයන් 303ට මානුෂීය ආධාර

(විමුක්ති එස් රුද්‍රිගු)

වියට්නාම වෙරළ සීමාවේදී බේරා ගනු ලැබූ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 303 දෙනාට මානුෂීය ආධාර ලබා දෙන බව සංක්‍රමණ සඳහා වන ජාත්‍යන්තර සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

හැනෝයි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා සහ වියට්නාම රජය සමග සම්බන්ධීකරණයෙන් සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකා,වියට්නාම මෙහෙයුම් කාර්යාල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ඇතිව මෙම ශ්‍රී ලාංකිකයන් 303 දෙනාට අවශ්‍ය සහාය, ආරක්ෂාව සපයන බව එම නිවේදනයේ සඳහන් වේ.

දේශීය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට මෙන්ම නීතීන්ට යටත්ව මෙම සහාය සපයන බව සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.එසේම වියට්නාමය මෙම ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 303 දෙනාට සහාය දැක්වීමට ඉදිරිපත් වීම පිළිබඳව අගය කරන බවත එම නිවේදනයේ සඳහන් වේ.

නමුත් මෙම සංක්‍රමණිකයන් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අකමැත්ත ප්‍රකාශ කර ඇති අතර එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස්ගෙන්  මෙම ගැටලුවට මැදිහත් වන ලෙස ඉල්ලීමක්ද කර ඇති බව වියට්නාම මාධ්‍ය වාර්තා කළේය.



අදහස් (1)

වියට්නාම වෙරළේදී බේරාගත් ලාංකිකයන් 303ට මානුෂීය ආධාර

Prabha Monday, 14 November 2022 02:35 PM

එන්න අකමැති නම් වියට්නාමේත් හොඳයි දියුණු වෙන්න .හැබැයි අත පය වෙහෙසලා වැඩ කරලා

:       1       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site