ඉන්දියාවේ වෙලින්ටන්හි ආරක්ෂක සේවා මාණ්ඩලික විද්‍යාලය සහ පූනේහි හමුදා තාක්ෂණ ආයතනයේ හමුදා උපදේශකවරුන්ගෙන් සමන්විත සිව් දෙනෙක්ගෙන් යුත් දූත පිරිසක් මෙරට නිල සංචාරයක නිරත වූහ.

දූත පිරිස විසින් බටලන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා හදාරන ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සඳහා නවීනතම යුද තාක්ෂණය සහ වර්තමාන,අනාගත යුද කටයුතුවලදී එහි ප්‍රයෝජනය පිළිබඳ පුහුණු වැඩසටහනක් පවත්වනු ලැබ ඇත.

ඉන්දියාවේ ආරක්ෂක ආයතන තුළ වසරකට පුහුණුවීම් අවස්ථා 1500 පමණ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත ලබා දෙන බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දුන්නේය.

එය ඉන්දියාවේ අසල්වැසියා ප්‍රථමයෙන් ප්‍රතිපත්තිය පිළිබිඹු කරන බවත් කලාපීය සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය සඳහා ඉන්දියානු සහ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව අතර පවතින සුහද සබඳතා වර්ධනය කර ගැනීම වැදගත් බවත් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේය.

(034)