ආටිගල ඉල්ලා අස්වෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම්.එස්.ආර්.ආටිගල මහතා එම ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ. 05 April 2022
තිස්ස ජනනායකත් සමාව ඉල්ලයි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම සඳහා විශාල දායකත්වයක් ලබා දුන් ප්‍රකට ජීව විද්‍යා ගුරුවරයෙකු වන තිස්ස ජනනායක මහතා රටේ සියලුම ජනතාවගෙන් සමාව අයැද තිබේ. 05 April 2022
අලුත් මුදල් ඇමැති බන්දුල? නව මුදල් අමාත්‍යවරයා ලෙස ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පත්වීමට නියමිතය. 05 April 2022
ඩොලරය තවත් රුපියලකින් ඉහළට මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 289.72වූ අතර විකුණුම් මිල 299.99 ලෙස සටහන් විය. 05 April 2022
නීතිඥවරුන් දැවැන්ත විරෝධතාවක ආණ්ඩුවට එරෙහිව කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දී අද (05) නීතිඥවරුන් දැවැන්ත විරෝධතාවක නිරත වූහ. 05 April 2022
‘සියලු දෙනා එක්ව අර්බුදයට විසඳුම් සෙවිය යුතුයි‘ විධායකයට ක්‍රියා කරන්නට බැරි වී ඇති හෙයින් වගකීම පාර්ලිමේන්තුව බාරගෙන සියලුම දෙනා එකතු වී අර්බුදයට විසඳුමක් සෙවිය යුතු බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අද (5) පැවසීය. 05 April 2022
‘විද්වතුන්ගෙන් සමන්විත මුදල් මණ්ඩලයක් පත්කරන්න‘ ජාතික ලැයිස්තුවෙන් පත්ව සිටින මන්ත්‍රීවරු අඩියක් පස්සට තබා දේශීය සහ විදේශීය ශ්‍රී ලාංකික විද්වතුන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව ලබාදිය යුතු බවත් එම විද්වතුන්ගෙන් සමන්විත ප්‍රායෝගිකව කටයුතු කළ හැකි මුදල් මණ්ඩලයක් පත්කළ යුතු බවත් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ වැඩබලන සභාපති, තැපැල්පති රංජිත් ආරියරත්න මහතා අද (5) පැවසීය. 05 April 2022
අලුත් මුදල් ඇමැති පැය 24 න් ඉල්ලා අස්වෙයි මුදල් අමාත්‍ය ලෙස දිවුරුම් දුන් නීතිඥ අලි සබ්රි මහතා ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. 05 April 2022
කාදිනල්තුමෝ විරෝධයට එක්වෙති රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් රට වෙනුවෙන් දෙවියන්ට කරන කන්නලව්වක් සහ සාමකාමී විරෝධතාවයක් කොළඹ අගරදගුරු මැදුර ඉදිරිපිට දී පැවැත්විණි. 05 April 2022
ආණ්ඩුවේ 42ක් ස්වාධීන වෙයි ආණ්ඩුව නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිස් දෙදෙනකු ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇත. 05 April 2022
‘හදිසි නීතිය පැනවීම ගැන එකඟ වෙන්නේ නැහැ‘ හදිසි නීතිය පැනවීම ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම එකඟ වන්නේ නැතැයි හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 April 2022
’’මහජන දේපල කොල්ල කෑ ඇවන්ගාඩ් ලොක්කා රටෙන් පැනලා’’ කෝටි ගණනින් මහජන දේපල කොල්ල කෑ නිශ්ශංක සේනාධිපති කටුනායක ගුවන් තොටුපළෙන් පැන ගොස් තිබෙන බව ජාතික ජන බලවේගයෙ ගම්පහ බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 April 2022
ලංකා කම්කරු කොංග්රසයත් ස්වාධීන වෙයි ලංකා කම්කරු කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනාද පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇත. 05 April 2022
පොහොට්ටුවේ 10 ක් ස්වාධින වෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දස දෙනකු පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇත. 05 April 2022
ඇවන්ඩ්ගාඩ් ලොක්කා රට යයි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද (05) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීවරයෙකු පැවසීය . 05 April 2022
නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ස්වාධින වන බව හිටපු ජනපති කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 April 2022
ආණ්ඩුවේ පක්ෂ 10 ක මන්ත්‍රීවරු ස්වාධින වෙයි ආණ්ඩුවේ සිටි පක්ෂය දහයක 10 ක මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. 05 April 2022
ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපති ධුරයට? ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ධුරය හෙබ වූ ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ මීළඟ අධිපතිවරයා ලෙස පත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. 05 April 2022
‘මේ මොහොතේ රට ගොඩ ගත හැකි එකම නායකයා රනිල් ‘ රට පත්ව තිබෙන මේ දැවැන්ත අර්බූදයෙන් ගොඩගැනීම අගමැතිකම ලබාගෙන කළ නොහැකි බවත්, ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව විධායක ජනාධිපතිවරයාගේ බලතල අවශ්‍ය කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. 05 April 2022
පාර්ලිමේන්තු කටයුතු ඇරැඹෙයි නියොජ්‍ය වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව පෙරවරු 10ට රැස්විය. 05 April 2022
පාර්ලිමේන්තු අවට දැඩි රැකවල් පාර්ලිමේන්තු අවට ප්‍රදේශයේ සන්සුන් වාතාවරණයක් පවතින අතර ආරක්ෂක විධිවිධාන දැඩි කර තිබෙනු දැකගත හැකිවිය. 05 April 2022
අගුණකොලපැලැස්සේ වෙඩි තැබීමක් වෙඩිතබා ඝාතනය කළ බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු අඟුණකොළපෑස්ස රෝහලට ඇතුළත් කොට ඇති බව අගුණකොළපෑලැස්ස පොලීසිය පවසයි. 05 April 2022
ඩලස් ජනපතිට ලිපියක් යවයි පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ සමඟ සාකච්ඡා කර, නිශ්චිත කාල සීමාවක් සඳහා භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම මේ මොහොතේ කළ යුතු ප්‍රායෝගික ක්‍රියා මාර්ගය බව ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යවමින් සඳහන් කරඇත. 05 April 2022
ප්‍රදේශ රැසකට අද සවස වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (5) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 05 April 2022
හිරු මුදුන්විම ඇරැඹෙයි සූර්යයා දෘෂ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම අද (5) ආරම්භ වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 05 April 2022
ඥානක්කාගේ නිවස වටලති අනුරාධපුර ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට අද (04) රාත්‍රියේ විරෝධතා කරුවන් විශාල ප්‍රමාණයක් කඩා වැදී දැඩි විරෝධයක් පෑමත් සමග ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්වයක් ඇති විය. 05 April 2022
ජනපති ලේකම් කාර්යාල අසල විරෝධයක් කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලට අසල විසාල පිරිසක් උද්ඝෝෂණයක නිරත වෙමින් සිටිති.එම කර්යාලය අසල රැඳීසිටින 500ක් පමණ පිරිස විවිධ සටන් පාඨ කියමින් ආණුඩුවට විරුද්ධව විරෝධතාවයේ නිතර ව සිටිති. 04 April 2022
විරෝධතාකරුවෝ ඇමැති රෝෂාන්ගේ නිවෙසට කඩා පනිති රජ්‍ය අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතාගේ බැඳිවැව නිවෙසට අද රාත්‍රී 300ක පමණ පිරිසක් කඩා වැදී ඇති අතර එම පිරිස නිවසට අලභ හානි සිදු කර ඇති බවට සැකකරන බව පොලිසිය කියයි. 04 April 2022
විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයෙක් පත්කරන්න විදුලිබල හා ඛනිජ තෙල් ක්ෂේත්‍ර අර්බුදකාරී තත්ත්වයක පවතින බැවින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයකු කඩිනමින් පත්කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම රජයට දැනුම් දෙයි. 04 April 2022
මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත් ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒ.. 02 January 2026