
(ඩයනා උදයංගනී)
අනුරාධපුර සිට බෙලිඅත්ත බලා අද (15) උදෑසන 5.00ට ගමන් ඇරඹූ රජරට රැජිණ දුම්රිය ඉන්ධන කාන්දුවක් සිදුවීම හේතුවෙන් පැය එකහමාරක පමණ කාලයක් ප්‍රමාද වී ධාවනය වී ඇත.
පොතුහැර දුම්රිය ස්ථානය ආසන්නයේ දී මෙම දුම්රිය කාන්දුව සිදුව තිබේ.
මෙම දුම්රිය උදෑසන 10.20 වන විට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟා විය යුතු වුවත් අද එය කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණ ඇත්තේ දහවල් 12.04 ට පමණය.
දුම්රිය නිසි ලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් කාර්මික දෝෂයන්ට ලක්වීම ඉහළ ගොස් ඇති බව දුම්රිය සේවකයෝ පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දුම්රිය එන්ජිම පවසන්නේ මේ දුර්ධාන්ත රජයටත් රටටත් අත්වී තිබෙන කේදනීය ඉරණමයි.