IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විදෙස් කතට අමතක වූ බෑගය ආපසු බාර දෙයි

(ඉන්දිකා රාමනායක)

රුපියල් ලක්ෂ 10 ට අධික වටිනා මුදල් හා තවත් දෑ සහිත ගමන් බෑගයක් විදේශ කාන්තාවක  අමතක කර දමා ගොස් තිබියදී එම  බෑගයක් හිමි කාන්තාව සොයා බාර දීමට කටයුතු කළ බව යුද හමුදාව පවසයි.

පීරූ රාජ්‍යයේ සිට මෙරටට පැමිණි ජැක්ලින් ස්ලින්ඩා නැමැති එම කාන්තාව  අවුකන බුදු පිළිමය අසල සිය බෑගය අමතර කර දමා ගොස් ඇත.

එම බෑගයේ රුපියල් ලක්ෂ 7 ක මුදල් සහ රුපියල් ලක්ෂ 3 ක් වටිනා කැමරාවක්, ඒ ටී එම් කාඩ්පත් දෙකක් තිබූ බව යුද හමුදාව පවසයි.

මෙම ස්ථානයේ රාජකාරි කරමින් සිටි 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකයේ කෝප්‍රල් එන්. ඊ ඩී පී නානායක්කාර මහතා එම බෑගය දැක එය යුද හමුදා පොලිසිය වෙත බාර දී ඇත.

එම විදේහිය කාන්තාව සම්බන්ධයෙන් තොරතුරු සොයා අනණ්‍යතාව තහවුරු කරගෙන පසුව ඇයට එම බෑගය බාර දුන් බව හමුදාව කියයි.

 



අදහස් (4)

විදෙස් කතට අමතක වූ බෑගය ආපසු බාර දෙයි

පිටිගල මිලානෝ Tuesday, 15 November 2022 11:11 PM

හොද වෙලාවට අර 225න් එකෙක් ඔතනින් ගියෙ නැත්තේ….

:       1       7

මහසෙන් Wednesday, 16 November 2022 08:24 AM

රටට ගවුරවයක්. ලොව තුල අපට කීර්තියක් .

:       0       18

Sarath Dharmakeerthi Wednesday, 16 November 2022 09:36 AM

ආදර්ශමත් නිලධාරියෙක්. ඉතා අගය කළ යුතු ක්‍රියාවක්. යුධ හමුදාවේ ගෞරවය , රටේ ගෞරවය ආරක්ෂා කළ යහපත් පුතෙක්. ඔබේ සද්ක්‍රියාව බෙහෙවින්ම අගය කරමි.

:       1       21

Nihal Dharmatileke Wednesday, 16 November 2022 11:38 AM

දකුණු ඇමෙරිකන් අය ගන්නේ, විමසිල්ලෙන් ඉන්නේ. මත් ද්‍රව්‍ය ලෝකෙටම නිෂ්පාදනය කරන්නේ දකුණු ඇමෙරිකාවයි. මෙම මුදල් මෙම කාන්තාවට ලැබුණේ කොහොමද කියලා, ගුවන් තොටුපළේදී මාරු කළා නම් රිසිට් පත බලන්න තිබුණා.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site