(යොහාන් භාසුර)
දරුවන්ට සහ කාන්තාවන්ට මුහුණදීමට සිදුවන ගැටළු යොමු කිරීමට කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ළමා ආරක්‍ෂණ අධිකාරිය සහ කාන්තා කාර්යාංශය ක්‍ෂණික දුරකථන අංක දෙකක් හදුන්වා දී තිබේ.
ළමුන් මුහුණ දෙන ගැටලු පැය 24 පුරාම 1929 අංකයට ඉදිරිපත් කළ හැකි බවත් කාන්තාවන් සම්බන්ධ පැමිණිළි 1938 යන අංකයට රාජකාරි දිනයන්හි පෙරවරු 8.30 සිට පස්වරු 5.15 දක්වා ඉදිරිපත් කළ හැකි බවත් එම රාජ්‍ය අමාත්‍යංශය පවසයි.
ළමුන් පිළිබඳ පැමිණිළි සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ඉදිරිපත් කළ හැකි බව ද එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මැරෙන්න කියලා තර්ජනය කරනවා.
මේ සේවය ගොඩක් වටිනවා, නමුත් පොලිස් ස්ථානවල ඇති ළමා හා කාන්තා අංශ, තම කාර්යය සාධාරණව ඉටු කරනවාද කියලා සැකයක් තියනවා. මමත් ගිහින් තියනවා, ඒත් මට සාධාරණයක් වුනේ නෑ, මම තාමත් ඒ ප්‍රශ්නත් එක්ක ජීවත් වෙන්නේ...
ප්‍රතිකාර ගතයුතු මට්ටමේ මානසික ආබාධයක් සහිත අවිවාහක මහලු (71) කාන්තාවක් රවටා රඳවා තබාගෙන කිසිඳු මුදලක් නොගෙවා හරියාකාරව ආහාර පවා නොදී ගෙදරක වැඩපල කරවා ගැනීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට තිබේ. එය ඉදිරිපත් කරන්නේ කොහෙටද සහ කෙසේද යන්න දැන ගැනීමට කැමැත්තෙමි. තවද ඔවුන් මාහට ඥාති සම්බන්ධතාවක් ඇති හෙයින් එහි රහස්‍යභාවය පිළිබඳවද දැනගැනීමට කැමැත්තෙමි. ඔබගේ ඉක්මන් පිළිතුර ඉතා කාරුණිකව බලාපොරොත්තු වෙමි.
මගේ මගේ බිරිඳ දරුවන් දෙදෙනා හැර ගිහින් අදට දින 21 වෙනවා.. ඒත් අද වෙනකම් කිසිම තොරතුරක් නැත. මම දැනට ආරක්ෂක අංශයේ රැකියාවක් කරනවා මට දරුවන්ගේ මව සොයා දීමට උදව්වක් කරනවද?
මගේ නිවස අසල නිවසක දරුවෙකූට අන්ත අමානුෂික ලෙස බැන වදිමින් නිතර පහර දෙනූ ලබයි. මේ ගැන සොයාබලා කටයුතූ කරන ලෙස ඉල්ලා සිටිමී...!
කාන්තාවකගේ මානසික ගැටළුවක් නිරාකරණය කරගැනීම සඳහා කාන්තාවන් පමණක් පිළිතුරු දෙන දුරකථන අංකයක් තිබේද?
මටත් මැරියන්,ගෙදරින් පලයන් කියනව,මට නම් අප්පිරිය වෙලා ඉන්නේ
ඇඹිලිපිටිය , කොතලාවල හන්දියෙහි ලීනා ගෙස්ට් නම් ස්තානයේ අවුරුදු 17ක තිලිනි සෙවව්න්දි නම් දැරියක් බලෙන් රදවාගෙන ගනිකා සේවයට ප්‍රමෝත් ජයශාන් , මොරටුව යොදවා ඇති අතර ඈ මා හට තුන්වරක් දුරකථන හරහා බේර ගන්න ලෙස ඉල්ලීම් කලේය සාක්ශි ඇත
කුරුණෑගල ප්‍රෙදේශයේ අබන්පොල (මහව)අංක 185 අමුණුගම.ග්‍රාම නිලධාරි වසමේ H.M.සුමිත් බංඩාර යන අය තම දරුවන්ගෙන් පලිගැනීම් ගනිමින් ඒවා වීඩියෝ දර්ශන ඔස්සේ ඇතැම් පුද්ගලයන් හට මුදා හැර ඇති බැවින්.ඔහුගේ බිරිදත් සමග ඇති කර ගත් ගැටුම් හේතුවෙන් මෙවැනි දෑ ඔහු ඔහුගේ දරුවන් හට කරමින් සිටියි.කරුණාකර මෙය දකින ළමා හා කාන්තා කාර්‍යංශයේ කෙනෙක් වෙතොත් මා හට වට්සැප් දුර කතන අංකයක් ලබා දී මෙම්ව් දරුව හට කරන කරදර හිරිහැරවලින් මෙම දරුවන් බේරා ගැනීමට කරන මෙන් ඉල්ලා සිටිමී.වීඩියෝ දර්ශන මා සතුයි..ස්තූතියි
මං අවුරුදු 30ක බබාල දෙන්නෙක්ගෙ මවක්. දෙවෙනි බබා ලැබිලා මාසයයි..මහත්තයා හරිම ජරා විදියට කතා කරන්නෙ ..ගෙදර කොයිවෙලෙත් කුනුහරප . මත්ද්‍රව්‍ය මොනාට හරි ඇබ්බැහි වෙලා කියලා සැකයි..මත් පෙති පාවිච්චි කරලා මට අහුවුනා..ඉන්නෙත් ගෑණු ළමයි දෙන්නෙක්..ලොකු දුව ඉස්කෝලේ 5 වසරේ..එයාට ඉගෙන ගන්න සුදුසු මානසික මට්ටමක් නෑ ගෙදර..මාත් හරි බයෙන් ඉන්නෙ හැමවෙලේම..මේකට විසඳුමක් බලාපොරොත්තු වෙමි
බරනිඳුගේ තමිඳු ගීතාන්ජන කියන පුද්ගලයා ගැහැණු ළමයි රූම් එක්කන් ගිහිල්ලා පිරිසිදුකම නැතිකරනවා. ඊටපස්සේ එයාලාව එ මාර්ගයෙන් බලහත්කාරෙන් තියාගෙන ඉන්නවා. ඊට පස්සේ ඒ ගැහැණු ළමයිව තමන්ගේ යාලුවොන්ට විකුණනවා. යාලුවන්ට දිලා එයාලා අර කෙල්ලන්ව විනාශ කරන එක දිහා බලාගෙන ඉඳලා සතුටු වෙනවා. කෙල්ලන්ගේ නිරුවත් විඩියෝ අන්තර්ජාලයට මුදා හැරලා තියනවා. තව කෙල්ලොන්ව බ්ලැක්මේල් කරනවා... එයලාගේ ෆොටො එඩිට් කරලා දානවා කියලා මේකට දැඩි නීතිමය කියාමාර්ග ගන්න මට උදව් කරන්න...
මගේ ස්වාමිපුරුෂයා වෙන ගැහැනු සමග සම්බන්ධතා ඇති කරගෙන යනවා. මටයි, දරුවාටයි කන්න බොන්නවත් හරියට දෙන්නේ නෑ. ගොඩක් දුක් දෙනවා මට ගහනවා...
විදේශගත වෙලා ඉන්න මවට තම දරුවා සමඟ කතා කිරීමට හෝ කිසිදු සම්බන්ධතාවයක් තබා ගැනීමට පියා කටයුතු නොකරයි නම් එයට ගත හැකි ක්‍රියාමාර්ගය කුමක්ද? දන්න කෙනෙක් කියන්න. පිං සිද්ධ වෙයි. දරුවට වියදම හැම දේම සපයන්නේ මව වේ.
සර් මම රට ඉන්නේ .මගේ දරුවා මහත්තයා ලග ඉන්නෙ .මට දරුවාව බේරලා දෙන්න. එයා ප්‍රේම සම්බන්දයක් නියෙනවා මට දරුවව ඕන .මහත්තයා කියන දේ අහන්නෙ නෑ
මම දැනට විදේශ ගතව සිටිමි. පලමු වර විදේශ ගතව සිටියදි මගෙ දරුවා පාසල් නොයැම හේතුවෙන් ලංකාවට පැමින පාසල් යවා නැවත මා විදේශ ගතව ඇත .පසුව දරුවා මාසයක් පමන පාසල් ගිය මුත් නැවත පාසල් නොයයි .ඔහුගෙ පියාද දරුවා පාසල් යැවීමට සැලකිල්ලක් නැත .මෙයට ගත හැකි ක්‍රියා මාර්ගය කුමක්ද .දරුවා පාසලට හො වෙනයම් ආයතනයක් සදහා යොමු කර ඉගැන්විය හැකි ක්‍රමයක් තිබේද .මෙම ප්රශ්නය නිසා මා මානසිකව පිඩා විදිමි .රැකියාව පවා හරි හැටි කර ගැනිමට නොහැකි තත්වයක සිටී
මම කුවේට් වල රැකියාව කරන්නෙ මගෙ අවුරුදු 7ක දියනිය ඇගේ ලොකු අම්මාට පවරා මම රට ආවේ .මගෙ සැමියා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වු අයෙක් ..සිරගතව සිට ගිය මස එලියට පැම්න මගෙ දියනිය බලහත්කාරයෙන් ඔහු ඔහුගේ නිවසට ගෙන ගොස් මට තර්ජනය කරමින් මුදල් ඉල්ලා සිටියි...අනේ ඔබතුමන්ලාගෙන් පිහිටක් බලාපොරොත්තු වෙමි
මගේ එහා ගෙදර ට වයස 17 පාසල් දැරියක පැමිණ තිබෙනවා එ නිවසේ පුත්‍රයාගේ බිරිද ලෙසට ඔහු පෙර මත්ද්‍රව්‍ය අරන් පුණරුප්තාපන වෙලා බව කියනවා නමුත් මවත් ඔහුත් ජීවත් වු අතර, ඔහු වයස 22 තරුණයකු වනවා ඔහු මෙර වෙනත් තරුණියක් නිවසට රුගෙන ආවද ඒ දෙමාපියන් ඇයව නැවත රැගෙන ගිය අතර, ඒ කම්බන්ධන්ධව දවසක් අත්අඩංගුවේ පසු වන විට හුදනාගත් මිතුරුකුගේ නැගණියක් වන දැන් ඔහුගේ බිරිද සහ ඇගේ අක්කා යැයි කියු දෙදෙනාම එම නිවසට එකතු කරගෙන ඔහුගේ පියා විසින් මුලදී පැමිණියේ සිය පුතාගේ මිතුරා නිසා බව ප්‍රකාශ කර තිබුනී.
මා වෘත්තීයෙන් ගුරුවරියක් වන අතර මට අවු 12ක පුතෙක් සිටියි. මාගේ සැමියාගේ අධික බීමත්කම මට හා දරුවාට දැඩි මානසික පීඩනයක් එල්ල කරයි. දිනපතා ඔහු මත්පැන් බී නිවසට පැමිණෙන අතර බොහෝ දිනවල අප අතර බහින් බස් වීම් ඇති වේ. මෙයට මට සහනයක් ලෙස සැමියාගේ මත් පැනට ඇබ්බැහිවීම නවතා ගැනීමට උදව් කරන ලෙස ඉල්ලා සිටිමි.
සර් මගේ බිරිඳ මගේ දුව එයාලා 2 මගේ ගෙදරින් එක්ක ගිහින් නෑනා සහ මස්සිනා අදට මාස 4 වෙනවා මම අක්මීමන පොලිසියේ පැමිණිල්ලක් දැම්මේ... ඒත් එදා රාජකාරි හිටපු පොලිස් මහත්තයා කිව්වේ මට ළමයා බලන්න එයාලාගේ ගෙදර යන්න බැහැ කියලා... මම pickme රියදුරු කරන්නේ මම ගොඩාක් මහන්සි වෙලා සල්ලි හොයන්නේ.. ඒත් නැන්දම්මාට එක මදි... මොකද මස්සිනා හොස්පිටල් එකට කෑම බඩු දනවා. එයා එතැනට ලොකු වංචාවක් කරනවා. ඒවා ගෙනැල්ලා කඩයක් දැම්මේ ඉතින් සර් මගේ බිරිඳට මං ගැන බොරු කේලම් කියලා අපි 2 තරහ කරලා එයව රවට්ටන් කඩේ වැඩ ගන්නවා. දරුවා දාලා මෙයා උදේ ගිහින් රෑ 8 /9 යන්නේ... පව් අර කෙල්ල අර කට්ටිය දරුවාට ගහනවා. සර් දරුවා මොන්ටි සෝරි යවන්නේ නෑ. මම එයා වෙනුවෙන් මොන්ටි සෝරි දාන්න ඔක්කෝම හදලා තියනවා. අපි බැඳලා අවුරුදු 9ක් වෙනවා. දරුවාට අවුරුදු 4 මාස 3 සර් මට ඕනේ අපි 3 එකතු කරන්න අර දෙමව්පියන් (අම්මා)ටමයි එයාට මාව එපා කරන්නේ... අපි යාලු වෙලා බැන්දේ... අනේ බුදු මහත්තයෝ මට මගේ බිරිඳයි, දරුවයි මගේ නිවසට ගෙනැවිත් දෙන්න මට දරුවා නැතුව ජීවිතේ ගෙනියන්න බැහැ... මම එයාලාට ගොඩක් ආදරෙයි. ඒකයි මෙහෙම ඉල්ලන්නේ...
මේ දේවල් වලට විසඳුම් ලැබෙනවද ? තියෙනවා මටත් දෙයක් කියන්න. කොහොමද කාටද කියන්න ඕනේ ?
මට අපහාස නින්දා කරනවා. අසල්වැසි පිරිසක් එකතු වී මට පාරේ යන්න බැහැ.. මම ගේ ඇතුලේම හිරවෙලා ගොඩාක් දුක් විඳිනවා... මම ඇවිදින විදිහ සහ කතා කරන විදිය කරලා පෙන්නනවා... ගැහැනියක්ද, පිරිමියෙක්ද කියලා අහලා කනස්සල්ලට පත් කරනවා මාස 7ක කාලයක් තිස්සේ මායි අම්මායි විතරයි ඉන්නේ අපිට නෑයෝ කවුරුත් නැහැ... මට උදව් කරන්න.