(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මහජනතාව වැඩ වැඩ කරන්නේ නැතිනම් කිරෙන් පෙරපු රාජ්‍ය සේවයක් හැදුවත් වැඩක් නැතැයි ක්‍රීඩා යෞවන කටයුතු හා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

රට ගොඩගන්න නම් ජනතාව වැඩ කරන්නම ඕන බවද ජනතාව ඒ තැනට අරගෙන රටක් විදියට නැගිටින්නේ කොහොමදැයි  වැඩපිළිවෙළක් හැදිය යුතු බවද රොෂාන් රණසිංහ මහතා කීය.

"යුද්ධයෙන් පසුව ජපානය  බිංදුවට වැටුණා. ඔවුන් දියුණු වුණේ රාජ්‍ය සේවකයන් දේශපාලකයන් මෙන්ම මහජනතාවත් හොඳින් කැප වීම නිසා .අපේ වගකීම හා වගවීම හදන්නේ නැතිව කවදාවත් ඉදිරියට යන්න බෑ.ඒ සඳහා ක්‍රියාත්මක වන ව්‍යූහයක් හදන්න අයවැයෙන් උත්සාහ කර තිබෙනවා.

උද්ධමනය අඩු කරන අතර පොලී අනුපාතය අඩු කර ජනතාව නැවත ආයෝජන සඳහා යොමු කරන්නේ කෙසේද යන කාරණය ගැන අප අවධානය යොමු කර තිබෙනවා.

2023 ජනප්‍රිය අය වැයක් නොවේ. වාහනයක් ගේන්න පුළුවන් කවදාදැයි ජනතාව බලාගෙන ඉන්නවා.ඒ තැනට යන්න නම් ඉක්මනින් රටේ ආර්ථිකය  නැංවිය යුතුයි"යනුවෙන්ද රොෂාන් රණසිංහ මහතා කීය.