(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

වතුකරයේ ජනතාවගේ පඩි සම්බන්ධයෙන් අයවැයේ එකම වචනයක්වත් නැතැයි ද වතුකරයේ  ජනතාවට සාධාරණයක් ඉටු කර තිබුණා නම් තමා අයවැයට පක්ෂව අත් දෙකම ඔසවන බවද සමගි ජන ජනබලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම නිසා මතු වතුකරයේ ජනතාවට සාධාරණයක් ඉටු ඉටු කිරීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස ලෙසද වඩිවේල් සුරේෂ් මහතා ඉල්ලා සිටියේය.

අයවැය දෙවන වර කියවීමේ විවාදයට සහභාගී වෙමින් වඩිවෙල් සුරේෂ් මහතා මේ බව කීය.