IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සියලු මන්ත්‍රීවරුන්ට බදු ලිපිගොනුවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කැමති සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බදු ලිපිගොනුවක් විවෘත කර ගැනීමට කතානායකවරයාගේ අවසර ඇතිව  වැඩපිළිවෙළක් ළඟදිම අරඹන බව  මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද  (15)  පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ රජයේ අයවැය ලේඛනය  පිළිබඳ දෙවැනි වර  කියැවීමේ විවාදයේදීය.

සියඹලාපිටිය මහතා මෙසේද සඳහන් කළේය.

පාර්ලිමේන්තුවටත් මොකක් හරි උදව්වක් කරන්න එපැයි. ඒ නිසා මම කතානායකවරයාගේ අවසරය ඇතිව මුදල් අමාත්‍යාංශ දිනයේදි  නිලධාරීන් කැඳවලා  අවශ්‍ය ඕනෑම අයෙකුට ආදායම් බදු ලිපිගොනුවක් හදලා දෙන්න බලාපොරොත්තු වෙනවා.  මොකද අපි රටටම කියනවා වයස 18 ට වැඩි සෑම පුද්ගලයෙකුටම ලිපි ගොනුවක් හදාගන්න කියලා. අපි ඒක පාර්ලිමේන්තුවෙන් පටන් ගනිමු.  ඒ නිසා ඒකට අවශ්‍ය පසුබිම සකසා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.



අදහස් (6)

සියලු මන්ත්‍රීවරුන්ට බදු ලිපිගොනුවක්

සඳුන් Tuesday, 15 November 2022 07:40 PM

වයස 18 ට වැඩි හැමටම බදු ගොනුවක් අරින්න කියලයි පනතේ තියෙන්නෙ. මේ ගොල්ලො තමයි පනත් සම්මත කරන්න. ඒත් මේ ගොල්ලන්ට කැමති නම් විතරයිලු. නිදහසෙන් පස්සෙ ලංකාව දියුණුවෙන් දියුණුවට පත්වෙන්නෙ ඒකයි.

:       0       2

perera Tuesday, 15 November 2022 08:46 PM

මෙය සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අනිවාර්ය විය යුතුය

:       0       3

ravin Tuesday, 15 November 2022 09:51 PM

මන්ත්‍රී කියන්නේ පොදු ජනයාගෙන් කෙනෙක් නොවේද?කැමතිනම් ?කැමති අකමැති නැහැ .අනිවාර්යයෙන්ම බදු ලිපිගොනු තිබිය යුතුය .බදු ලිපිගොනු නැතිනම් චන්දේ නැහැ

:       0       2

චන්දන Wednesday, 16 November 2022 07:25 AM

එදිනෙදා වේල අමාරුවෙන් හම්බ කරන එකාට බලෙන් ලිපි ගොනු විවෘත කරනව. හරිම අපූරු යි.

:       0       2

දාස Wednesday, 16 November 2022 07:44 AM

ලිපි ගොනුව තියෙයි, හැබැයි ඔය එකෙක් සතයක් වත් බදු ගෙවන එකක් නෑ, මොකද උන් ඉන්නෙ රටේ නීතියට ඉහලින්

:       0       3

jaya Wednesday, 16 November 2022 08:36 AM

මාර කතාවක් නේ. කැමති ? දීමනා එක්ක ( පෙට්‍රල්, දුරකථන, පැමිණීමේ) රුපියල් ලක්ෂ 10 වත් ගන්න මේ කට්ටිය 36% බදු ගෙවන්න ඕන.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site