විරෝධතාකරුවෝ ඇමැති රෝෂාන්ගේ නිවෙසට කඩා පනිති රජ්‍ය අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතාගේ බැඳිවැව නිවෙසට අද රාත්‍රී 300ක පමණ පිරිසක් කඩා වැදී ඇති අතර එම පිරිස නිවසට අලභ හානි සිදු කර ඇති බවට සැකකරන බව පොලිසිය කියයි. 04 April 2022
විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයෙක් පත්කරන්න විදුලිබල හා ඛනිජ තෙල් ක්ෂේත්‍ර අර්බුදකාරී තත්ත්වයක පවතින බැවින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයකු කඩිනමින් පත්කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම රජයට දැනුම් දෙයි. 04 April 2022
ශ්‍රීලනිප ඇමැතිවරු ඉල්ලා අස් වෙති විශේෂඥ සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමැතිවරිය සහ දයාසිරි ජයසේකර, ප්‍රියංකර ජයරත්න ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක රාජ්‍ය අමාත්‍යවරු එම අමාත්‍යධූරවලින් අද (4) ඉල්ලා අස්වූහ. 04 April 2022
කොවිඩ් ආසාදිතයන් තව 112 ක් කොවිඩ් ආසාදිතයින් තව 112 ක් අද (4) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 04 April 2022
කොවිඩ් මරණ 4 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් සිවුදෙනකු ඊයේ (3) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (4) තහවුරු කළේය. 04 April 2022
උද්ඝෝෂකයන්ට නීතිඥ සහාය නොමිලේ සාමකාමි විරෝධතාවල නිරතවීම හේතූවෙන් අයුතු සහගත ලෙස නීතීය හමුවට පමුණුවන ඕනෑම තරාතිරමක පුද්ගලයන් වෙනුවෙන් ගාස්තු රහිතව පැය 24 පුරාම නීතීඥ සහය ලබාදීමට තීරණය කොට ඇති කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නීතීඥ සංගමය එම පුද්ගලයන් වෙනුවෙන් නඩු අවසන් වනතුරු නොමිලේ අධිකරණවල පෙනීී සිටීමටද තීරණය කොට ඇත 04 April 2022
ලොකුගේ ගේ නිවෙස වැටලූ පිරිසට කඳුළු ගෑස් හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ නිවෙස ඉදිරිපිට සිටි පිරිස විසුරුවා හැරීම සඳහා මීට සුළු මොහොතකට පෙර කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. 04 April 2022
කොළඹදී විරෝධතා රැසක් ආණ්ඩුවේ වැඩපිළිවෙලට විරෝධය පා සංවිධානය කර තිබූ විරෝධතා ගණනාවක් කොළඹ නගරයේ දී අද (4) දිනය පුරා පැවැත්විණි. 04 April 2022
අමාත්‍ය නාලකගේ කාර්යාලටය බිත්තර ප්‍රහාරයක් දරාගත නොහැකි ජීවන වියදමට එරෙහිව සහ රජයට විරෝධය පළ කරමින් ගම්පහ නගරයේ සිට යක්කල මාර්ගය ඔස්සේ අද (4) සවස ගමන් ගත් විරෝධතාකරුවන් පිරිසක් බණ්ඩාරවත්තේ පිහිටි රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ කාර්යාලයට බිත්තර ප්‍රහාරයක්ද එල්ල කළේය. 04 April 2022
පාර්ලිමේන්තුවේ හෙට පුටු පෙරළියක් පාර්ලිමේන්තුව තුළ හෙට (05) දිනයේ දී පුටු පෙරළියක් සිදුවීමට නියමිතය. 04 April 2022
බහුතරය පෙන්වන අයට බලය පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වන ඕනෑම කෙනකුට ආණ්ඩු බලය ලබා දීමට තමා සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අද පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 04 April 2022
නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ ස්වාධීනවීමට තීරණය කර ඇත. 04 April 2022
නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරීගෙන් මගීන්ට දැනුම් දීමක් අන්තර්ජාලය ඔස්සේ වෙන් කරගත් ආසනවලට අදාළ ප්‍රවේශ පත්‍ර මුද්‍රණය කල් වේලා ඇතුව කරගන්නැයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) වී.එස් පොල්වත්තගේ මහතා මගී ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. 04 April 2022
’’ඉන්නවද මළාද කියල සොයා නොබලපු ආණ්ඩුව සහය ඉල්ලීම විහිළුවක්’’ මෙපමණ කාලයක් ඉන්නවාද මැරුණාද කියලා සොයා නොබලපු ආණ්ඩුව අද විපක්ෂයේ සහය ඉල්ලීම මේ රටේ ලොකුම ලොකු විහිලුව බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට පැවැසීය. 04 April 2022
තරුණ අරගලයට එතෙර ලාංකිකයන්ගෙන් සහය වර්තමානයේ ලංකාවේ උද්ගතව පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් රටතුල හටගෙන ඇති ජන අරගලයට සහයදීම සදහා නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අද (04) විරෝධතාවයක් සංවිධානය කළ තිබිණි. 04 April 2022
පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාව පාර්ලිමේන්තු සංකීර්ණය සඳහා විශේෂ ආරක්ෂක විධිවිධාන යෙදවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම සංකීර්ණයේදී අද (4) පෙරවරුවේ පැවැත්වුණු විශේෂ සාකච්ඡාවකදී තීරණය කර ඇත. 04 April 2022
‘‘බල පෙරේතයන්ට දාලායන්න වෙලා‘‘ රටේ මහජනතාව සිය පරමාධිපත්‍ය බලය මහ පාරට ගෙනාවම තන්හාව සහ බල පෙරේතකමට බලය බදාගෙන හිටිය පුද්ගලයන්ට අතහැරීමට සිදුව ඇති බවත් 69 ලක්ෂයේ ජනවරම දිහා විවෘතව සහ අවංකව නොබලා ජනවරම වැරදියට අර්ථකතනය කර එය පවුල් දේශපාලනයට ලැබුණු වරම් ලෙස සැළකූ බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (4) පැවසීය. 04 April 2022
මහජන උපයෝගීතා කොමිසමේ පෙත්සමට දින නියමවෙයි විදුලිය උත්පාදනයට අවශ්‍ය ඉන්ධන විදුලිබල මණ්ඩලයට අඛණ්ඩව ලබා දෙන ලෙසට බලශක්ති අමාත්‍යවරයාට නියෝගක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිසම ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 08 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කළේය. 04 April 2022
රූ රැජින - රූ රැජන හබය අදත් අධිකරණයට ශ්‍රී ලංකා විවාහක රූ රැජිනට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියකට අදාළව තමන් නිවැරදිකරුවන් බව 2019 ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජුරි සහ නිරූපණ ශිල්පිණී චූලා පද්මේන්ද්‍ර යන මහත්මින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඉදිරියේ අද (04) ප්‍රකාශ කළාය. 04 April 2022
කාල්ටන් අසල විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල කාල්ටන් නිවෙස ඉදිරිපිට විරෝධකාරුවන් විසුරුවා හැරීම සඳහා මේ වන විට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට පොලිසිය පියවර ගත්තේය. 04 April 2022
ජනපති පුතුගේ ඇමෙරිකාවේ නිවස ඉදිරිපිටත් විරෝධතාවයක් සිය පියාව ඇමෙරිකාවට ගෙන්නා ගන්නා ලෙස ඉල්ලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත් මනෝජ් රාජපක්ෂ මහතාගේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හි පිහිටි නිවස ඉදිරිපිට පිරිසක් විරෝධතාවයේ නිරත වූ බව වාර්තා වේ. 04 April 2022
“දෙමටගොඩ රුවන්ගේ” අනියම් බිරිය යළි රිමාන්ඩ් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදු කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රුවන් චමිල නොහොත් “දෙමටගොඩ රුවන්” නමැත්තා සහ ඔහුගේ අනියම් භාර්යාව බව කියන සුබෝධා දයාන්ගනී නමැත්තිය ලබන 18 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (04) නියෝග කළේය. 04 April 2022
හිටපු කැබිනට්ටුව 8 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට ආණ්ඩුව ජනතාවට ලබාදෙන දෙන අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල අසාධාරණ ලෙස ඉහල දැමීම හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 8 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කළේය. 04 April 2022
මිලට ගත් පොහොරවලට සහනාධාරයක් ගොවීන් මිලදී ගත් රසායනික පොහොර සඳහා ද සහනාධාර මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබේ. 04 April 2022
රනිල් කිසිවක් බාර නොගනියි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් කල් බාර ගත්තේ නැති කිසි දෙයක් දැන් බාර ගැනීමට ද සූදානම් නැතැයි එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි. 04 April 2022
‘ජගත් කුමාරගෙන්‘ ජනපතිට ලිපියක් රටේ ඇතිවී ඇති අවාසනාවන්ත තත්වයට පිළියමක් ලෙස ජනතාවට කඩිනමින් සහන ලබාදීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ජනාධිපතිවරයාට ලිපියක් යවමින් ඉල්ලීමක් කළේය. 04 April 2022
හෙට විදුලි කප්පාදුව පැය හය හමාරක් විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (5) ප්‍රදේශ රැසකට පැය 6 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය අද (4) පස්වරු පැවසීය. 04 April 2022
‘රමේෂ් පතිරණගේ‘ නිවස ඉදිරිපිටත් විරෝධතා හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ නිවස ඉදිරිපිට ද අද (04) පස්වරුවේ විරෝධතාවයක් පැවැත්විණි. 04 April 2022
යාපනය සරසවිය වහයි යාපනය විශ්ව විද්‍යාලයේ සියලුම පීඨයන් හි අධ්‍යන කටයුතු අද (04) සිට නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට පියවරගත් බව යාපනය විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය පවසයි. 04 April 2022
‘අලුත් බාල්දියකින් පරණ නෑම පටන් අරන්‘ නව ඇමති මණ්ඩලය දෙස බලන විට අලුත් බාල්දියක් ගෙන සුපුරුදු නෑම පටන් ගෙන ඇති බව පෙනෙන්නේ යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ට්විටර් සටහනක් තබමින් කියා සිටී. 04 April 2022
මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත් ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒ.. 02 January 2026