IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගීතා පානදුර පොලිස් ස්ථානාධිපතිට එරෙහි වෙයි

(යොහාන් භාසුර)

විරෝධතාවක් අතරතුරදී පොලිස් කාන්තාවකගේ බෙල්ලෙන් අල්ලා තල්ලු කර තර්ජනය කළ උසස් පොලිස් නිලධාරියාගේ සේවය වාහාම අත්හිටුවීමට කටයුතු කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බව රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය අද (14) පැවසුවාය.

ජනතාවගේ ආරක්‍ෂාව සැලසීමට සිටින පොලිසියේ උසස් නිලධාරියෙක්, පොලිසියේම නිලධාරිනියකට ඉතාම අප්‍රසන්න සහ නින්දිත ලෙස බෙල්ලෙන් අල්ලා තල්ලු කරමින් තර්ජනය කිරීමේ අසික්කිත වැඩේ ඉතාම බළවත් ලෙස කණගාටු වෙමින් හෙලා දකින බව කී කුමාරසිංහ මහත්මිය පොලිසියේම නිලධාරිනියන්ට මේ ආකාරයට සළකන්නේ නම් මහ ජනතාවට මොනවා කරනවා ඇද්දැයි ද සඳහන් කළාය.

පොලිස් සේවයේ මේ වන විට කාන්තාවන් 9,000 ක් පමණ සේවය කරන බවත් මව්වරු දියණියන් පොලිස් සේවයට එවන්නේ මෙවැනි දේවල් බලාපොරොත්තුවෙන් නොවන බවත් ඇය කීවාය.

 



අදහස් (12)

ගීතා පානදුර පොලිස් ස්ථානාධිපතිට එරෙහි වෙයි

ලුම්බිණි Monday, 14 November 2022 05:05 PM

මේ ගැන විරෝධතාවය පලකිරීම ගැන ස්තුතියි...!

:       2       53

දසුන් Monday, 14 November 2022 05:16 PM

ආයතනයේම පහත් නිලවලට මෙහෙම සලකන අනෙක් උසස් නිලධාරීන්ට පාඩමක් හැටියට මෙයාට දඬුවමක්‌ දෙන්නම ඕනෑ...

:       1       57

sharm warn Monday, 14 November 2022 05:23 PM

කියන තරම් තදින් දඬුවම් දෙයිද කියලා බලමු ඉතින්...

:       1       33

Sunil Monday, 14 November 2022 05:41 PM

මේ සිද්ධිය වෙනුවෙන් හඬක් නැගීම ගැන ස්තුතියි.

:       2       40

sena Monday, 14 November 2022 06:24 PM

මෙතුමිය සාධාරණ පැත්තේ හිටගත්තාට වැඩක් නැහැ.කවුරුවත් ගණන් ගන්නේ නැහැ .අවනීතිය එහෙම්මම රජ කරනවා

:       0       4

warnasinghe Monday, 14 November 2022 06:31 PM

කතාව දෝලාවෙන් ගමන පයින් නැතුව වැඩෙි කරල ඊට පස්සෙ කියන්න

:       1       1

Shantha Abeynayake Monday, 14 November 2022 06:43 PM

මේකිත් හොදයි මානව හිමිකම් එකේ රෝහිණී ට ගොන් ගෑනු. රොහිණිට 72, මේකිට ටිකක් අඩු ඇති. රට වටේ ගිය ගොන් බඩු. රෝහිණී නම් හොරකමුත් කරා

:       0       1

ඉල්ලමු... Monday, 14 November 2022 07:09 PM

දැන් රටට අවශ්‍ය ඉතා ප්‍රබල නායකයෙක්.... ප්‍රබාකරන් හිටියනම් අද වටිනවා කියලා මනාව හැමෝටම ආවබෝධයි... බැරිද ගීතා අම්මේ.. ලංකාව ප්‍රබල මුස්ළිම් රාජ්‍යකට බාරදීලා බැගෑපත්ව ඉල්ලන්න අනේ දෙයියෝ අපේ රටේ නීතිය සාමය ආර්ථික දියුණුව හැකිවිගස හදලා දෙන්න කියලා..!

:       2       2

Rocky Tuesday, 15 November 2022 05:56 AM

තක්කඩි නිලධාරියාගේ ක්‍රියාව හෙලා දැකීම ගැන ඔබට ප්‍රසංශා කරමි

:       0       3

Bamunuarachchi Tuesday, 15 November 2022 07:18 AM

ඒවා රාජකාරී මට්ටමින් කෙරෙන ඒවා . එකටයුතුවලට හොම්බ දමන්නේ නැතුව හිටියොත් හොඳයි. හමුදාවක , පොලිස් හෝ ත්‍රිවිද හමුදාවල උසස් නිලදාරීන් දෙන නියෝග පිලි නොපදින එවුන්ගේ බලෙන් හෝ ඒ නියෝගය ක්‍රීයාත්මක කරගත යුතුය. නැතිනම් මහා විනාසයක් වෙන්න ඉඩ ඇත. ඒ ගැන හොඳට බලා ගන්න අයි ඉන් ද ස්කයි, ඇමරිකන් ස්නයිපර් වැනි මුවිස් බලන්න. පොලිස් සතානාධිපති ගේ නියෝගයට අවනත් නොවූ ඒ පොලිස් ගැහැනුන්ට කලයුතුදේ ගැන ඇයි කතා නොකරන්නේ? එම පොලිස් සතානාධිප්තිට විරුද්දව කටයුතු කිරීම ඒ ගොල්ලෝ කර ගනී. ඔහේ හොම්බ නොදා ඉන්නකෝ.

:       5       1

Vihanga Tuesday, 15 November 2022 08:37 AM

වෙන රස්සාවල් නැතුව වගේ තමන්ගෙ දූවරු, පෙම්වතියෝ පොලිසියේ හමුදාවෙ ජොබ් වලට එවන්න එපා. මෙතන විතරක් නෙමේ නිවාඩුවක් ඉල්ලන්න ගියාම වෙන වැඩකට ගියාම වෙන දේවල් දන්නෝ දනිති. වෙන රස්සාවක් නැත්තම් කඩේක වැඩට යවපන් පොලිසියට යවන්නෙ නැතුව

:       0       7

BamunuarachchiTuesday, 15 November 2022 04:55 PM

පොලිස්සියටත් හොඳට `ඇඟපත තිබෙන දැඩි තීන්දු තීරණ ගන්න පුළුවන් මිනිස්සු බඳවා ගන්න. නියෝගයක් දුන්නාම කකුල් දෙක ගැහෙන ගොයියෝ පොලිසිය වැනි සේවාවන් වලට නුසුදුසුයි. මේ කහටු ගොයියෝ පොලිස් සේවයට ගත්තාම පන බයේ සේවය කරන්නේ,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site