(ඉන්දිකා රාමනායක)
පොලිස් නිලධාරීන් අතින් මේ දිනවල දිගින් දිගටම සිදුවන ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ පොලිස්පතිවරයා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා ඇතැයි එම කොමිසම පවසයි.
මෙම මස 21 වැනි දින පෙරවරු 10..00ට මෙම කර ඇතැයිද එම කොමිසම පවසයි.
පොලිස් නිලධාරීන් ගේ අත්තනෝමතික ක්‍රියාත්මක වීම් තුලින් ජනතාවගේ මානව හිමිකම් දිගින් දිගටම උල්ලංඝනය වන තත්ත්වයක් නිරීක්ෂණය වන බවත්, තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජීවගුණයට නීතියේ ආධිපත්‍යයට බලවත් තර්ජනයක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.
නීතිය ආරක්ෂා කිරීමට බැඳී සිටින පොලිස් නිලධාරීන් ගේ හැසිරිම කිසිසේත් අනුමත නොකරන බව ද මානව හිමිකම් කොමිසම් සභාව දන්වා සිටිය.
මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැතිකමට රස්සාවක් හැටියට කළාට මම ළඟින් ආශ්‍රය කරන පොලිසියේ නිලධාරීන් ඉන්නවා වෙන කරන්න දෙයක් නැතිකමට රස්සාව කරගෙන යන අය...
මෙසෑම දෙයක්ම, නූගත් සහ දුප්පත් සමාජයක ක්‍රියා කාරකම්ය. අපි මධ්‍යම අප්‍රිකාවෙ රටක් තත්වයට පත්වීවීම දැන් ඉතින් වැලැක්විය නොහැක.
මෙතනින් නතර වෙන්න කියල පොලීසිය සංඥා කලහම , සෙනග ඉදිරියට එනවානම් , ඊළගට පොලීසියට කරන්න තියෙන මානව හිමිකම, ඕන තැනකට ඇතුල් වෙන්න දීල බලා සිටීමද ? අපි පාරේ වාහනයක යද්දිත් , හොරකන් කරලා දුවද්දීත් , පොලීසියන් නවතින්න කිව්වොත් එහෙමනම් නතර වෙන්න අවශ්ෂ නැහැනේ මම හිතන්නේ . ඒ හැමදෙයක්ම මානව හිමිකම් .''''''''
මේ කාලකන්නි දේශපාලකයන්ට කඩේ ගිහින් අන්තිමට අනාගන්නවා