(යොහාන් භාසුර)
දියවැඩියාව නිසා අතිවන අන්ධභාවයෙන් ජනාතව ආරක්‍ෂා කරගැනීම සඳහා ශ්‍රී ලංකා ජාතික අක්‍ෂි රෝහල නව තාක්‍ෂණය භාවිතා කරමින් නව ව්‍යාපෘතියක් අද (14) ආරම්භ කළේය.
ජාතික අක්‍ෂි රෝහලේ අක්‍ෂි ශල්‍ය විශේෂඥා වෛද්‍ය කපිල බන්දුතිලක මහතා පැවසුවේ එම වැඩසටහනේ නියමු වැඩසටහන යටතේ එම රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණෙන දියවැඩියා රෝගීන් පරීක්‍ෂා කිරීමෙන් පසුව ලියාපදිංචි කර නැවත පැමිණීම සඳහා දිනයක් ලබාදෙන බවත් එම දිනයට සතියක පමණ කාලයක් තිබියදී දුකරථන කෙටි පණිවුඩයක් මගින් රෝගියා නැවත දැනුවත් කරන බවත්ය.
දියවැඩියාව හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් අන්ධභාවට පත්වීමට ප්‍රධාන හේතුවක් ලෙස නියමිත අවස්ථාවේදී අඛණ්ඩව ප්‍රතිකාර නොලැබීම හදුනාගෙන ඇති බව කී විශේෂඥා වෛද්‍ය කපිල බන්දුතිලක මහතා ඒ සඳහා ක්‍රියාමාර්ගයක් ලෙස මෙම පියවර ගත් බව ද සඳහන් කළේය.
වැඩසටහනේ සාර්ථකත්වය මත සෙසු දිස්ත්‍රිකවලට දියවැඩියා රෝගීන් සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ‘ඩයලොග්’ සමාගම වැඩසටහනට තාක්‍ෂණික සහයෝගය දක්වන බවත් කපිල බන්දුතිලක මහතා වැඩි දුරටත් කීය.
අද දිනයට යෙදී ඇති ‘ලෝක දියවැඩියා දිනය’ වෙනුවෙන් ‘දියවැඩියාව නිසා ඇතිවන අන්ධභාවය වලක්වාලමු’ යන මැයෙන් ජාතික අක්‍ෂි රෝහල සංවිධානය කළ විශේෂ සම්මන්ත්‍රණයේදී මෙම වැඩසටහන ආරම්භ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියවැඩියාව නිසා ඇතිවන අන්ධභාවයෙන් ජනාතව ආරක්‍ෂා කරගැනීම සඳහා ශ්‍රී ලංකා ජාතික අක්‍ෂි රෝහල නව තාක්‍ෂණය භාවිතා කරමින් නව ව්‍යාපෘතියක් සමගම දියවැඩියාව නිසා ඇතිවන අන්ධභාවයෙන් පාසලේ පලවන ශ්‍රේණියේ සිට දරුවන් දැනුවත් කිරීම ආරම්භ කරන්න. මේ පිලිබදව පාසල් දරුවන් දැනුවත් කිරීම ඉතාම වැදගත්වේ
මේක මහගු අගය කලයුතු කර්තව්‍යයක් මේ සදහා මූලික උන කාට කාටත් ස්තුතියි බොහෝ දිය වැඩියා රෝගීනට දියවැඩියාව නිසා ඇතිවන අක්ෂි සංකූලතා ගැන අවබෝදයක් ඇත්තෙම නැහැ බොහෝ දෙනෙක් සමාජයේ පැතිර පවතින - ගොඩ වෙද්දුන් ප්‍රචලිත කරන දුර්මත නිසා බෙහෙත් ටික හරියට බොන්නෙත් නැහැ එක මතයක් තමයි බෙහෙත් බිව්වම වකුගඩු අක්මාව නරක්වෙනවා කියනඑක මේ තරම් අමන මෝඩ තකතීරු කතාවක් තුන්ලෝකෙම නැහැ ඇස් ගැන නොසලකා හැරීම නැවත ආපසු නොගත හැකි පූර්ණ අන්දභාවයට හේතුවෙනවා මේක වෙන්නේ ක්ෂණිකව . ඒ හින්ද කාට හරි දියවැඩියාව තියනවනම් අනිවාර්යයෙන්ම ඒ සදහා ඉන්න විශ්ස්ශ්ඥ වයිදවරයකුගෙන් නොකඩවා -ඔව් මැරෙනකම්ම -තමන් කැමති උනත් අකමැති උනත් බෙහෙත් බොන්නම හරි ඉන්සියුලින් නික්ෂේපනය ගන්නම වෙනවා නැත්නම් වෙන්නේ අකාලයේ සංකූලතා වලින් මියයන්න ඒක අපරාදයක්