IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


දියවැඩියාවෙන් අන්ධ වීම වැලැක්වීමට අක්‍ෂි රෝහලෙන් ‘එස්.එම්.එස්. එකක්

 

(යොහාන් භාසුර)

දියවැඩියාව නිසා අතිවන අන්ධභාවයෙන් ජනාතව ආරක්‍ෂා කරගැනීම සඳහා ශ්‍රී ලංකා ජාතික අක්‍ෂි රෝහල නව තාක්‍ෂණය භාවිතා කරමින් නව ව්‍යාපෘතියක් අද (14) ආරම්භ කළේය.

ජාතික අක්‍ෂි රෝහලේ අක්‍ෂි ශල්‍ය විශේෂඥා වෛද්‍ය කපිල බන්දුතිලක මහතා පැවසුවේ එම වැඩසටහනේ නියමු වැඩසටහන යටතේ එම රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණෙන දියවැඩියා රෝගීන් පරීක්‍ෂා කිරීමෙන් පසුව ලියාපදිංචි කර නැවත පැමිණීම සඳහා දිනයක් ලබාදෙන බවත් එම දිනයට සතියක පමණ කාලයක් තිබියදී දුකරථන කෙටි පණිවුඩයක් මගින් රෝගියා නැවත දැනුවත් කරන බවත්ය.

දියවැඩියාව හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් අන්ධභාවට පත්වීමට ප්‍රධාන හේතුවක් ලෙස නියමිත අවස්ථාවේදී අඛණ්ඩව ප්‍රතිකාර නොලැබීම හදුනාගෙන ඇති බව කී විශේෂඥා වෛද්‍ය කපිල බන්දුතිලක මහතා ඒ සඳහා ක්‍රියාමාර්ගයක් ලෙස මෙම පියවර ගත් බව ද සඳහන් කළේය.

වැඩසටහනේ සාර්ථකත්වය මත සෙසු දිස්ත්‍රිකවලට දියවැඩියා රෝගීන් සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ‘ඩයලොග්’ සමාගම වැඩසටහනට තාක්‍ෂණික සහයෝගය දක්වන බවත් කපිල බන්දුතිලක මහතා වැඩි දුරටත් කීය.

අද දිනයට යෙදී ඇති ‘ලෝක දියවැඩියා දිනය’ වෙනුවෙන් ‘දියවැඩියාව නිසා ඇතිවන අන්ධභාවය වලක්වාලමු’ යන මැයෙන් ජාතික අක්‍ෂි රෝහල සංවිධානය කළ විශේෂ සම්මන්ත්‍රණයේදී මෙම වැඩසටහන ආරම්භ කළේය.   



අදහස් (2)

දියවැඩියාවෙන් අන්ධ වීම වැලැක්වීමට අක්‍ෂි රෝහලෙන් ‘එස්.එම්.එස්. එකක්

AB Monday, 14 November 2022 07:02 PM

දියවැඩියාව නිසා ඇතිවන අන්ධභාවයෙන් ජනාතව ආරක්‍ෂා කරගැනීම සඳහා ශ්‍රී ලංකා ජාතික අක්‍ෂි රෝහල නව තාක්‍ෂණය භාවිතා කරමින් නව ව්‍යාපෘතියක් සමගම දියවැඩියාව නිසා ඇතිවන අන්ධභාවයෙන් පාසලේ පලවන ශ්‍රේණියේ සිට දරුවන් දැනුවත් කිරීම ආරම්භ කරන්න. මේ පිලිබදව පාසල් දරුවන් දැනුවත් කිරීම ඉතාම වැදගත්වේ

:       0       1

JAYATH Tuesday, 15 November 2022 11:01 AM

මේක මහගු අගය කලයුතු කර්තව්‍යයක් මේ සදහා මූලික උන කාට කාටත් ස්තුතියි බොහෝ දිය වැඩියා රෝගීනට දියවැඩියාව නිසා ඇතිවන අක්ෂි සංකූලතා ගැන අවබෝදයක් ඇත්තෙම නැහැ බොහෝ දෙනෙක් සමාජයේ පැතිර පවතින - ගොඩ වෙද්දුන් ප්‍රචලිත කරන දුර්මත නිසා බෙහෙත් ටික හරියට බොන්නෙත් නැහැ එක මතයක් තමයි බෙහෙත් බිව්වම වකුගඩු අක්මාව නරක්වෙනවා කියනඑක මේ තරම් අමන මෝඩ තකතීරු කතාවක් තුන්ලෝකෙම නැහැ ඇස් ගැන නොසලකා හැරීම නැවත ආපසු නොගත හැකි පූර්ණ අන්දභාවයට හේතුවෙනවා මේක වෙන්නේ ක්ෂණිකව . ඒ හින්ද කාට හරි දියවැඩියාව තියනවනම් අනිවාර්යයෙන්ම ඒ සදහා ඉන්න විශ්ස්ශ්ඥ වයිදවරයකුගෙන් නොකඩවා -ඔව් මැරෙනකම්ම -තමන් කැමති උනත් අකමැති උනත් බෙහෙත් බොන්නම හරි ඉන්සියුලින් නික්ෂේපනය ගන්නම වෙනවා නැත්නම් වෙන්නේ අකාලයේ සංකූලතා වලින් මියයන්න ඒක අපරාදයක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 156 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 304 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 653 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site