
(අංජුල මහික වීරරත්න)
මැයි මස 9 වැනිදා කලහකාරීන් විසින් ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතා වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පරිත්‍යාග කළ රුපියල් අනූලක්ෂ විසිපන්දහසක මුදල අමරකීර්ති අතුකෝරාළ මහතාගේ බිරිඳ වෙත ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී නියෝජ්‍ය කථනායක අජිත් රාජපක්ෂ මහතා අදාළ චෙක් පත ජනාධිපතිවරයාට බාරදුන් අතර අනතුරුව ජනාධිපතිවරයා චෙක්පත අමරකීර්ති අතුකෝරාළ මහතාගේ බිරිඳ සහ පුතණුවන්ට ප්‍රදානය කළේය.
මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 183දෙනෙකු මුදල් පරිත්‍යාග කර තිබේ.
මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ සිටින ආණ්ඩු පක්ෂ පර්ලිමේන්තු මන්ත්‍රීවරු 20 දෙනකුගෙන් සමන්විත “මාදිවෙල සංවිධානය" අමරකීර්ති අතුකෝරාළ මහතා වෙනුවෙන් මෙම අරමුදල් එකතු කිරීම ආරම්භ කළ බවත්, ඊට පසුව ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඊට හිමිවීම සුවිශේෂී කරුණක් බවත් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.
ඝාතනයට ලක්වූ අමරකීර්ති අතුකෝරළ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ලබාදෙන විශ්‍රාම වැටුප ලබාදීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී නියෝජ්‍ය කථානායකවරයා මෙයට පෙර පාර්ලිමේන්තුවේදී ඝාතනයට ලක්වූ හිටපු මාතර දිසා අමාත්‍යවරයකු වූ කීර්ති අබේවික්‍රම මහතා වෙනුවෙන්ද මන්ත්‍රී විශ්‍රාම වැටුප් ලබාදෙන බවත් ඒ අනුව අතුකෝරාළ මන්ත්‍රීවරයාගේ පවුලට ද එම දීමනාව ලබා දිය හැකි බවත් සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
දැන් බලමු අපි අර රඹුක්කනදී පොලිසියෙන් වෙඩි තියපු කෙනාට රනිල් කීයක් දෙනවද කියල.
ඒ ගොල්ල නිසා අසරන මිනිසාගේ පව්ලට මොනවද දුන්නේ
නිකම් නෙවයි මෙ අය පාර්ලිමෙන්තු යන්ඩ මෙචර දගලන්නෙ
එතකොට. . .ඔතනදි වෙඩි තියද්දි. .වෙඩි වැදිලා මැරිච්ච පිරිමි ලමයට . . ?? හුලන් ද?
කීර්ති අබේවික්‍රම මහතා මෙන්ම අතුකෝරල මන්ත්‍රීවරයා ද ඝාතනය කළේ එකම මිනීමරු කොට්ටාසය විසිනි. ඒ මුර්ගයින් හිර ගෙවලට ගාල් කිරීම අත්‍යවශ්‍ය කාරණයකි.