(තිලකරත්න දිසානායක සහ ආනන්ද ජයකොඩි)
ඉහළ යාගොඩ ප්‍රදේශයේ නිවසක ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් 66 හැවිරිදි පුද්ගලයකු නිවසේ ඉහළ මාලයේ සිට පහළට වැටීමෙන් මියගොස් ඇති බව යක්කල පොලීසිය පවසයි.
ආරවුලින් මියගොස් ඇත්තේ විජේසිංහ ගම්අච්චිගේ විල්බට් විජේසිංහ නමැත්තෙකි.
මියගිය අයගේ දියණිය සමග විවාහ වී සිටින තැනැත්තා යාබද නිවසෙහි හිමිකරු සමග හිතවත්කම් පැවැත්වීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිදත් බිරිඳගේ පියා සහ මව අකමැති බවත් සිද්ධිය වූ පෙරේදා (13) රාත්‍රීයේදී යාබද නිවසට යාම මත බිරිද , මාමණ්ඩිය සහ නැන්දනිය දොස් පවරමින් ආරවුලක් හටගෙන ඇත.
මෙහිදී මාමණ්ඩිය මොහුට පහරදීමට තැත් කිරීමේ එය දුරදිග ගොස් නිවසේ ඉහළ මාලයේ සිට පහළට වැටීමෙන් මාමණ්ඩිය තුවාල ලබා මිය ගොස් ඇති බවත් පොලීසිය පවසයි.
මේ සම්බන්ධයෙන් නාවික හමුදාවේ සුළු නිලධාරියකු වශයෙන් සේවය කරන බව කියන 42 හැවිරිදි සැකකාර බෑනා අත් අඩංගුවට ගනු ලැබූ බවත් පොලීසිය සදහන් කරයි.
මෙම ආරවුලේදී මොහුගේ බිරිදගේ මවද ඇද වැටීමෙන් තුවාල ලබා ඇති බවත් පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd