(තිලකරත්න දිසානායක සහ ආනන්ද ජයකොඩි)
ඉහළ යාගොඩ ප්‍රදේශයේ නිවසක ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් 66 හැවිරිදි පුද්ගලයකු නිවසේ ඉහළ මාලයේ සිට පහළට වැටීමෙන් මියගොස් ඇති බව යක්කල පොලීසිය පවසයි.
ආරවුලින් මියගොස් ඇත්තේ විජේසිංහ ගම්අච්චිගේ විල්බට් විජේසිංහ නමැත්තෙකි.
මියගිය අයගේ දියණිය සමග විවාහ වී සිටින තැනැත්තා යාබද නිවසෙහි හිමිකරු සමග හිතවත්කම් පැවැත්වීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිදත් බිරිඳගේ පියා සහ මව අකමැති බවත් සිද්ධිය වූ පෙරේදා (13) රාත්‍රීයේදී යාබද නිවසට යාම මත බිරිද , මාමණ්ඩිය සහ නැන්දනිය දොස් පවරමින් ආරවුලක් හටගෙන ඇත.
මෙහිදී මාමණ්ඩිය මොහුට පහරදීමට තැත් කිරීමේ එය දුරදිග ගොස් නිවසේ ඉහළ මාලයේ සිට පහළට වැටීමෙන් මාමණ්ඩිය තුවාල ලබා මිය ගොස් ඇති බවත් පොලීසිය පවසයි.
මේ සම්බන්ධයෙන් නාවික හමුදාවේ සුළු නිලධාරියකු වශයෙන් සේවය කරන බව කියන 42 හැවිරිදි සැකකාර බෑනා අත් අඩංගුවට ගනු ලැබූ බවත් පොලීසිය සදහන් කරයි.
මෙම ආරවුලේදී මොහුගේ බිරිදගේ මවද ඇද වැටීමෙන් තුවාල ලබා ඇති බවත් පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෑනා සමග වලියක දා ගත් නැන්ද මාමා ඉහළ මහලෙන් බිමට