IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අධිවේගයේ සැප බස් ඉරිදා සිට වර්ජනයක

(නිමල කොඩිතුවක්කු)

සියලුම අධිවේගී මාර්ග බස්රථ ලබන ඉරිදා(20) සිට ධාවනයෙන් ඉවත් වන බව ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ මහතා පැවසීය.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් අධිවේගී මාර්ග බස් රථ වලින් අසාධාරණ ලෙස ටෙන්ඩර් ගාස්තු අය කරන බවත් එයට එරෙහිව මෙම විරෝධතාවය ක්‍රියාත්මක කරන බවත් රණසිංහ මහතා සඳහන් කළේය.

අධිවේගී මාර්ග වල ධාවනය කරන සියලුම බස් රථ සංගම් සමඟ මෙම විරෝධතාවය ක්‍රියාත්මක කරන බවත් ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානය ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවමින් ඊයේ(14) කොළඹ දි පැවසීය.

අධිවේගී මාර්ග බස් රථ වලින් අසාධාරණ ලෙස මාසිකව රුපියල් ලක්ෂ දෙකකට අධික ටෙන්ඩර ගාස්තු අය කරන බවත් මේ හේතුවෙන් තවදුරටත් බස් රථ ධාවනය කළ නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

එම ටෙන්ඩර් ගාස්තු අය නොකර අධිවේගී මාර්ග ගාස්තුවලින් මගියෙකුගෙන් රුපියල් දෙසියක පමණ මුදලක් අඩුකර එම සහනය ඔවුන්ට ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවත් රණසිංහ මහතා තවදුරටත් කීවේය.

 



අදහස් (5)

අධිවේගයේ සැප බස් ඉරිදා සිට වර්ජනයක

වී-AC Monday, 14 November 2022 06:55 PM

මාසයකට මොවුන්ගේ ලයිසන් එක කැන්සල් කරන්න....! හොඳම පාඩම එයයි!! එතකොට ටයර් හතරටම දැනේවී..!

:       1       1

ranjith Monday, 14 November 2022 08:23 PM

මොන අපරාදයක්ද මෙ ලක්ශ දෙකත් අංහින්සක ජන්තවගෙන් එකතු කරගන්න වෙනව නෙද පුදුම සුරා කෑමක්

:       0       2

arschfikaa Monday, 14 November 2022 10:20 PM

අනේ නිකන් අරගෙන පලයල්ලබන් සුපිරි බුස්ටික. මිනිස්සුන් 3 දෙනෙක්ව මැරුවෙත් ඔය සුපිරි බස්නේඩද ඒ-9 එකේ ගිය සතියෙ. එනිසා අපි උඹලාගෙ බස්වල නගින්නටත් දැන හරිම බයයි.

:       1       0

Sunil Tuesday, 15 November 2022 06:15 AM

මේ රජය යටතේ රාජ්‍ය ආයතන වල තේමා ගීතය වී ඇත්තේ "කල දුටු කල වල ඉහගෙන මඩි තර කර ගනිල්ලා "යන්නයි .ජනතාවට සෙත සලසනවා වෙනුවට .ජනතාවගෙන් තවත් සූරා කෑමයි අරමුණ

:       1       2

SL Tuesday, 15 November 2022 09:44 AM

සහසර කමය ක්‍රියාත්මක කරපල්ලා, ප්‍රවාහන අධිකාරියේ ඉන්න රටට බරක් වුනු හරක් ටික පන්නන. මේ මිනිස්සු මහජනයාට පුදුම වදයක් දෙන්නේ. වෙලාවට බස් නැහැ, රෑ 9 පස්සේ බස් නැහැ, පාරේ කොටනවා, ගාස්තු වැඩි කරන ව හිතේ හැටියට. කොවිඩ් ,සීට් ගානට විතරක් ගෙනියනවා කියල වැඩි කරපු බස් ගාස්තු උඩට තව ගාස්තු එකතු කරලා සැමන් පැක් කරලා වාගේ මිනිස්සු ගෙනියනවා. ප්‍රවාහන අධිකාරිය කියන්නේ ම රටට බරක්

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site