
(නිමල කොඩිතුවක්කු)
සියලුම අධිවේගී මාර්ග බස්රථ ලබන ඉරිදා(20) සිට ධාවනයෙන් ඉවත් වන බව ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ මහතා පැවසීය.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් අධිවේගී මාර්ග බස් රථ වලින් අසාධාරණ ලෙස ටෙන්ඩර් ගාස්තු අය කරන බවත් එයට එරෙහිව මෙම විරෝධතාවය ක්‍රියාත්මක කරන බවත් රණසිංහ මහතා සඳහන් කළේය.
අධිවේගී මාර්ග වල ධාවනය කරන සියලුම බස් රථ සංගම් සමඟ මෙම විරෝධතාවය ක්‍රියාත්මක කරන බවත් ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානය ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවමින් ඊයේ(14) කොළඹ දි පැවසීය.
අධිවේගී මාර්ග බස් රථ වලින් අසාධාරණ ලෙස මාසිකව රුපියල් ලක්ෂ දෙකකට අධික ටෙන්ඩර ගාස්තු අය කරන බවත් මේ හේතුවෙන් තවදුරටත් බස් රථ ධාවනය කළ නොහැකි බවත් ඔහු සඳහන් කළේය.
එම ටෙන්ඩර් ගාස්තු අය නොකර අධිවේගී මාර්ග ගාස්තුවලින් මගියෙකුගෙන් රුපියල් දෙසියක පමණ මුදලක් අඩුකර එම සහනය ඔවුන්ට ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවත් රණසිංහ මහතා තවදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාසයකට මොවුන්ගේ ලයිසන් එක කැන්සල් කරන්න....! හොඳම පාඩම එයයි!! එතකොට ටයර් හතරටම දැනේවී..!
මොන අපරාදයක්ද මෙ ලක්ශ දෙකත් අංහින්සක ජන්තවගෙන් එකතු කරගන්න වෙනව නෙද පුදුම සුරා කෑමක්
අනේ නිකන් අරගෙන පලයල්ලබන් සුපිරි බුස්ටික. මිනිස්සුන් 3 දෙනෙක්ව මැරුවෙත් ඔය සුපිරි බස්නේඩද ඒ-9 එකේ ගිය සතියෙ. එනිසා අපි උඹලාගෙ බස්වල නගින්නටත් දැන හරිම බයයි.
මේ රජය යටතේ රාජ්‍ය ආයතන වල තේමා ගීතය වී ඇත්තේ "කල දුටු කල වල ඉහගෙන මඩි තර කර ගනිල්ලා "යන්නයි .ජනතාවට සෙත සලසනවා වෙනුවට .ජනතාවගෙන් තවත් සූරා කෑමයි අරමුණ
සහසර කමය ක්‍රියාත්මක කරපල්ලා, ප්‍රවාහන අධිකාරියේ ඉන්න රටට බරක් වුනු හරක් ටික පන්නන. මේ මිනිස්සු මහජනයාට පුදුම වදයක් දෙන්නේ. වෙලාවට බස් නැහැ, රෑ 9 පස්සේ බස් නැහැ, පාරේ කොටනවා, ගාස්තු වැඩි කරන ව හිතේ හැටියට. කොවිඩ් ,සීට් ගානට විතරක් ගෙනියනවා කියල වැඩි කරපු බස් ගාස්තු උඩට තව ගාස්තු එකතු කරලා සැමන් පැක් කරලා වාගේ මිනිස්සු ගෙනියනවා. ප්‍රවාහන අධිකාරිය කියන්නේ ම රටට බරක්