(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
21 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන සමාජිකයන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවා ඇත.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41අ ව්‍යවස්ථාව අනුව ස්ථාපිත කිරිමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙහි සාමාජිකයන් ලෙස පත් කිරීමට සලකා බැලීම සඳහා විශිෂ්ටත්වයෙන් හා අවංක භාවයෙන් යුත්, පොදු හෝ වෘත්තීය ජීවිතයේ දී කීර්තියට පත්, කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයන් නොවන තැනැත්තන් වෙතින් අයදුම්පත්‍ර කැඳවා ඇත.
මේ සඳහා www.parliament.lk යන පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි පළකර ඇති ආකෘතිය අනුව පිළියෙල කරන ලද අයදුම්පත්‍රය සහ ජීව දත්ත සටහන 2022 නොවැම්බර් මස 28 දින හෝ එදිනට පෙර පාර්ලිමේන්තුවේ මහ ලේකම්, ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ. යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුය.
ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සාමාජිකයන් පත්කිරීම’ යනුවෙන් සඳහන් කළ යුතුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලුවන්ගෙ හෙන්චයියො සෙට් එකකට වරමක් වගෙයි.