IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ව්‍යවස්ථා සභාවට මන්ත්‍රීන් නොවන සාමාජිකයන් පත්කිරීමට අයදුම්පත් කැඳවයි

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

21 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  නොවන සමාජිකයන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවා ඇත.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41අ ව්‍යවස්ථාව අනුව ස්ථාපිත කිරිමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙහි සාමාජිකයන් ලෙස පත් කිරීමට සලකා බැලීම සඳහා විශිෂ්ටත්වයෙන් හා අවංක භාවයෙන් යුත්, පොදු හෝ වෘත්තීය ජීවිතයේ දී කීර්තියට පත්, කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයන් නොවන තැනැත්තන් වෙතින් අයදුම්පත්‍ර කැඳවා ඇත.

මේ සඳහා www.parliament.lk යන පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි පළකර ඇති ආකෘතිය අනුව පිළියෙල කරන ලද අයදුම්පත්‍රය සහ ජීව දත්ත සටහන 2022 නොවැම්බර් මස 28 දින හෝ එදිනට පෙර පාර්ලිමේන්තුවේ මහ ලේකම්, ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ. යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුය.

ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සාමාජිකයන් පත්කිරීම’ යනුවෙන් සඳහන් කළ යුතුය.



අදහස් (1)

ව්‍යවස්ථා සභාවට මන්ත්‍රීන් නොවන සාමාජිකයන් පත්කිරීමට අයදුම්පත් කැඳවයි

Perera Tuesday, 15 November 2022 09:25 AM

දේශපාලුවන්ගෙ හෙන්චයියො සෙට් එකකට වරමක් වගෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site