තීරණයක් ගන්න ශ්‍රීලනිප මන්ත්‍රීහු සභාපති නිවෙසට ආණ්ඩුවේ තවදුරටත් සිටිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම තව සුළු මොහොතකින් හිටපු හිටපු ජනාධිපති මෛත්රීපාලසිරිසේන මහතාගේ නිවසේ දී රැස් වීමට නියමිතය. 03 April 2022
’’භාරකාර ආණ්ඩුවක් නැත්නම් අපි ආණ්ඩුවෙන් යනවා’’ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර භාරකාර ආණ්ඩුවක් යටතේ රට පාලනය කිරීමට පියවර ගත යුතු බවත්, එසේ නොකළොත් තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් දැනුම් දී ඇත. 03 April 2022
ඇමැති චමල් ඔප්පු බෙදීමේ උත්සවය මගහරී සූරියවැව ප්‍ර දේශවාසීන්ට ඔප්පු බෙදාදීමේ උත්සවයක් සූරියවැව නගර ශාලාවේ දී අමාත්‍ය චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (02) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබුණු අතර ආණ්ඩුවට ඇති වී තිබෙන ජනතා විරෝධය හේතු කොටගෙන ඇමතිවරයා එම අවස්ථාවට සහභාගී නොවීය. 03 April 2022
’’අන්තර්වාර ආණ්ඩුවකට ජනපති අගමැති එකඟ වුණා’’ සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පත්කිරීම සඳහා කළ යෝජනාවට ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. 03 April 2022
පැය 7 ක විදුලි කප්පාදුවට කොමිසම විරුද්ධ වෙයි පැය 7 කට වැඩි විදුලි කප්පාදුවක් හෙට (4) ක්‍රියාත්මක කිරීමට විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 03 April 2022
නාමල් බිරිය ඇතුළු ඥාතීහු 9 ක් විදෙස්ගත වෙති නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ බිරිය , දරුවා ඇතුළු සමීපතම ඥාතීන් 09 දෙනෙකු ඊයේ (2) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ ගත වී තිබේ . 03 April 2022
‘වැඩ කරන අපේ විරුවා ‘ ගීතයේ නිර්මාතෘ සමාව ඉල්ලයි ජනාධිපත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද ප්‍රචාණ වැඩසටහන් වෙනුවෙන් ’’වැඩ කරන අපේ විරුවා’’ තේමා ගීතය නිර්මාණය කළ ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂකවරයෙක් වන පසන් ලියනගේ ජනතාවගෙන් සමාව ඉල්ලා තිබේ. 03 April 2022
දෙමටගොඩ රුවන්ගේ බිරිය සතු කෝටි පහක රන් සොයාගනී සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන චමිල ප්‍රසන්න නොහොත් දෙමටගොඩ රුවන් නැමැත්තාගේ අනියම් බිරිඳ භාරයේ තිබී පවුම් විස්සක් බර 20 ක් රන් ඔටුන්නක් ඇතුළු රුපියල් කෝටි 5 කට අධික වටිනා රන් භාණ්ඩ තොගයක් සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී දේපොළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි 03 April 2022
මන්ත්‍රීවරුන් 70 ක් වාහනවල ’’මන්ත්‍රී ලාංඡනය’’ ඉවත් කරගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිහකට වැඩි පිරිසක් සිය වාහනවල ඉදිරිපස වීදුරුවේ ප්‍රදර්ශනය කෙරෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දැක්වෙන ලාංඡනය ඉවත්කරගෙන ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 03 April 2022
සමාජ මාධ්‍ය අවහිරයට විරෝධය පාන්න ගිහින් විදුලි සැර වැදී මරුට සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීමට විරෝධය පාමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ආසන්නයේ එදිරිසිංහ මාවතේ අධිබලති විදුලි කණුවකට අද (3) දහවල් නැගී පුද්ගලයෙකු විදුලිසැර වැදී මියගොස් ඇතැයි මිරිහාන මුලස්ථාන පොලිසිය සඳහන් කරයි . 03 April 2022
සමාජ මාධ්‍ය තහනම ඉවතට ෆේස්බුක්, වට්ස්ඇප්, යූ ටියුබ් ආදී සමාජ මාධ්‍ය සඳහා පනවනු ලැබ තිබූ තහනම පස්වරු 3.30ට ඉවත් කෙරිණි. 03 April 2022
බහුජාතික සමාගමේ වැට මායිම කපා විනාශ කරති වෙල්ලස්සේ ජන අයිතීන් සුරකීමේ පෙරමුණ දෙහිගම හා ඇකිරියන්කුඹූර ප්‍ර දේශයේ අක්කර 510ක ගොවිබිම් වට කර කිලෝමීටර් අටක් දුරට බහුජාතික සමාගමක් විසින් ඉදිකර තිබුන පැළ ඉනි වැට (2) දින කපා විනාශ කළ බව එම සංවිධානයේ අනුශාසක දොඩන්ගොල්ලේ සෝරත හිමියෝ පැවසුහ. 03 April 2022
මන්ත්‍රී නිවාස වලට හමුදා ආරක්ෂාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාදිවෙල පිහිටි නිවාස සංකීර්ණයේ ආරක්ෂාවද වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කර ඇත. 03 April 2022
රට ගොඩගන්න හැටි සෝභිත හිමි කියයි රටේ පවතින ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට ජනතාව සතු රත්රන් සංචිත නිසි ක්‍රමවේදයක් යටතේ රජයට බාර දියයුතුයි. එම රන් සංචිත ලෝ්කයට ප්‍රදර්ශනය කර ඩොලර් සපයාගත යුතු යැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ඇඹිලිපිටයේ අද පැවැති මාධ්‍ය හමුවකදී පැවැසූහ. 03 April 2022
විදුලිය ගැන සුභ ආරංචියක් ඉදිරි දිනවල විදුලිය කපාහරින කාලය අඩු කළ හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි. 03 April 2022
ලිෆ්ට් කවුළුවෙන් වැටී සිකියුරිටි ඕ අයි සී මරුට හෝමාගම දියගම පිහිටි මොරටුව සරසවියේ තාක්ෂණ පීඨ ගොඩනැගිල්ලේ විදුලි සෝපානය ගමන් ගන්නා කවුළුවෙන් බිමට වැටී එම සරසවියේ ස්ථානභාර ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත්ව ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි. 03 April 2022
හපුතලේ ගල්කන්දේ නාය අවදානමක්:පවුල් 4ක් ඉවතට පවතින ධාරානිපාත වර්ෂාව සමඟ කදු නාය යාමේ අවදානමක් නිසා හපුතලේ ගල්කන්ද ප්‍රදේශයේ පවුල් 4ක පුද්ගලයින් 15 දෙනෙකු අද (03 ) පදිංචි නිවාසවලින් ඉවත් කළ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් ගයානි කේ රණතුංග මහත්මිය කීවාය. 03 April 2022
පාකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවයි විපක්ෂ සන්ධානය පාකිස්තාන ජාතික සභාවට (පාර්ලිමේන්තුවට) ඉදිරිපත් කළ විශ්වාසභංගය සම්බන්ධයෙන් ඡන්ද විමසුම අද (3) පැවැත්වීමට නියමිතව තිබුණත්, පාර්ලිමේන්තු කතා නායක අසාද් කයිසර් ඊට විරෝධය දක්වමින් විශ්වාසභංගය අවලංගු කළේය. 03 April 2022
‘සමාජ මාධ්‍ය ජාලා යථා තත්වයට පත්කරන්න‘ සමාජ මාධ්‍ය ජාලා අක්‍රීය කිරීමෙන් ඉදිරි විදුලි කප්පාදුව පිළිබඳව විදුලි පාරිභෝගිකයන් දැනුවත් කිරීමට නොහැකි බැවින් සියලුම සමාජ මාධ්‍ය ජාලා වහාම යථා තත්ත්වයට පත් කරන ලෙස මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විදුලි සංදේශ නියාමන කොමිසමෙන් සහ සියලු දුරකථන සේවා සමාගම්වලින් ඉල්ලා තිබේ. 03 April 2022
පේරාදෙණිය සරසවි උද්ඝෝෂණයට කදුළු ගෑස් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී ක්‍රියාත්මක කරන විරෝධාතව පාලනය කිරීමට පොලිසිය මීට සුළු මොහොතකට පෙර කඳුළු ගෑස් ප්‍රහාරයක් එලල්කර තිබේ. 03 April 2022
හාල් ටොන් 40,000 ක් ලබන සතියේ එයි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පසුගියදා එළඹි ඩොලර් බිලියනයක ණය යෝජනා ක්‍රමය යටතේ ආනයනය කරන පළමු සහල් තොගය ලබන සතියේ ශ්‍රී ලංකාවට ළඟා වන බව වෙළෙඳ අමාත්‍යංශය කියයි. 03 April 2022
ඇඳිරිය අස්සේ සුද්දෝ සීගිරිය තරණය කරති සීගිරිය නැරඹීම සඳහා මෙරටට පැමිණි විදේශීය සංචාරකයන් 350ක් 400 දෙනකුට සීගිරිය නැරඹීම සඳහා ඇඳිරි නීතිය දිනයේ පැය දෙකක කාලයක් අවස්ථාව ලබාදීමට මධ්‍යම සංස්කෘතික අරමුදල ඉහළ කළමනාකාරිත්වය අද පියවර ගත්තේය 03 April 2022
‘ජනතා පරමාධිපත්‍යට කරන බලපෑම් නතර කරන්න‘ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය ඉවත් කර ගන්නා ලෙසත් ජනතා අයිතිවාසිකම් මර්දනය කිරීම නතර කරන ලෙසටත් රජයට නිර්දේශ කරන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටී. 03 April 2022
ජීවන්ගෙන් ආණ්ඩුවට රතු එළියක් වත්මන් රජය විසින් වතුකරයේ ජනතාවට ලබාදුන් පොරොන්දු ලබාදිමට රජය කටයුතු නොකරන්නේ නම් තමන් රජයට දක්වන සහයෝගයෙන් ඉවත් වන බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන රජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය. 03 April 2022
බස්නාහිර කතෝලික පාසල් මේ සතියේ වැසෙයි බස්නාහිර පළාතේ සියලුම කතෝලික පුද්ගලික පාසල් හා කතෝලික ජාත්‍යන්තර පාසල් හෙට (4) සිට සිකුරාදා (8) දක්වා වසා තබන බව කතෝලික පුද්ගලික පාසල් සාමාන්‍යාධිකාරි ගැමුණු ඩයස් පියතුමෝ පවසති. 03 April 2022
පියල් නිශාන්තගේ නිවසට පොලිස් ආරක්ෂාව පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක වීමත් සමඟ අළුත්ගම පොලිස් වසමට අයත් අලුත්ගම කන්දේ විහාර කළුවාමෝදර කාලවිල මාර්ගයේ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ නිවසට පිවිසෙන මාර්ගයේ ස්ථාන දෙකක මාර්ග බාධක යොදා පොලිස් නිලධාරීන් ආරක්ෂාවට යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු අද (3) සඳහන් කළහ. 03 April 2022
ජ.වි.පෙ. සමාජිකයෝ මහරගමදී විරෝධය දක්වති ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් මහරගම නගරයේ විරෝධතා පුවරු ඔසවාගෙන විරෝධතාවක නියැලි සිටිති. 03 April 2022
‘පීඩිතව සිටින ජනතාව මර්දනය නායකත්වයකට සුදුසු නෑ ‘ ජනතාව පීඩාවට පත් වෙද්දී එම පීඩාවන්ට එරෙහිව නැගී සිටින පුද්ගලයන් මර්දනය කිරීම ප්රජාතන්ත්රවාදී රටක නායකත්වයට කිසිසේත්ම සුදුසු නොවන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි. 03 April 2022
‘සමාජ මාධ්‍ය අවහිර කිරීම වැඩක් නැති වැඩක්‘ සමාජ මාධ්‍ය අවහිර කිරීම පිලිබඳ නැවත සලකා බලන ලෙස රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර තිබේ. 03 April 2022
විපක්ෂ පා ගමනට නිදහස් මාවතේ දී බාධා කරයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගයේ මැති ඇමැතිවරුන්ගේ සභාගීත්වයෙන් මීට සුළු මොහොතකර පෙර විරෝධතා පා ගමනක් ආරම්භ කළේය. 03 April 2022
මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත් ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒ.. 02 January 2026