’’අලි රණ්ඩු වන විට තැලෙන්නේ තණකොළ’’ ලෝක දේශපාලන එදිරිවාදිකම් වලට මුහුණ දීම සඳහා සැලසුම් සකස් නොකළොත් පළමු ලෝක සංග්රාමයෙන් පසු යුරෝපයේ වුවා සේ ආසියා කලාපයත් අස්ථාවර වී අසාර්ථක වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනයේ දී පැවසීය. 30 September 2022
ළමා පාර්ලිමේන්තු සංසදයෙන් අලුත් වැඩක් දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉදිරියේදී විශාල වැඩකොටසක් කිරිමට බලාපොරොත්තු වෙන බව ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිනී පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්න මහත්මිය පැවසුවාය. 30 September 2022
පුනරුත්ථාපන පනත ව්‍යවස්ථාවට පටහැනියි: මරික්කාර්ගෙන් පෙත්සමක් පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සදහන් කරමින් එම පනත් කෙටුම්පත විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් සහ ජනමත විචාරණයකින් සම්මත කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇත. 30 September 2022
කෝප්, කෝපා පත්කිරීම සඳුදා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් කමිටුව) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) සඳහා පත් කෙරෙන සාමාජික මන්ත්‍රීවරුන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේදී ලබන 3 වැනිදා ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 30 September 2022
ධීවරයන්ට අනතුරු ඇඟවීමක් ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ අද (30) සහ හෙට (1) දිනවල විටින් විට රළු විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවුක කටයුතුවලදී අවධානයෙන් කටයුතු කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවුක ප්‍රජාවට දැනුම්දීමක් කරයි. 30 September 2022
ඇඹිලිපිටිය නගර සභාපති අත්අඩංගුවට නගර සභාවට අයත් වාහනයකින් ගොස් පුද්ගලයෙකුට පහරදීම සම්බන්ධයෙන් සැකපිට ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති දිනේෂ් මධුෂංක මහතා ඇඹිලිපිටිය පොලීසිය මගින් අද (30 ) අත්අඩංගුවට ගනු ලැබී ය. 30 September 2022
පාස්කු ප්‍රහාර පැමිණිල්ල බලරහිත කරන්නැයි මෛත්‍රීපාලගෙන් පෙත්සමක් ආරක්ෂක අමාත්‍යවරයාව සිට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන දැනත් එය වලක්වා නොගත්තේ යැයි කියමින් තමාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පවරා ඇති අපරාධ පැමිණිල්ල බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් අද (30) ගොනු කරනු ලැබ ඇත. 30 September 2022
මියන්මාරයේ මිලිටරි පාලනයට එරෙහිව මෙරට විරෝධතාවක් මියන්මාරයේ මිලිටරි පාලනය එරට වෘත්තීය සමිති හා අනෙකුත් සිවිල් සංවිධාන වලට හා ජනතාව වෙත එල්ල කර ඇති දරුණු මර්දනයට එරෙහිව ලෝක ව්‍යාප්ත වෘත්තීය සමිති සංවිධානයක් වන UNI global union හි ශ්‍රී ලංකා ශාකාව මගින් සංවිධානය කරන ලද නිහඩ විරෝධතාවයක් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටදී අද (30) පැවත්විය. 30 September 2022
දියවැඩියා රෝගීන්ගේ බෙහෙත් හිඟයක් කොළඹ ජාතික රෝහලේ දියවැඩියා සායනයට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය බෙහෙත් රැසක් නොමැතිවිමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ද වාර්තා වේ. 30 September 2022
සිමෙන්ති සංස්ථාවට කෝටි 18ක පාඩුවක් ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත රාජ්‍ය සමාගමට ලබාදී ඇති ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ කන්කසන්තුරේ තෙල් ටැංකි දෙක සහ නළ පද්ධති සඳහා 2010 වර්ෂයේ සිට පසුගිය වර්ෂයේ (2021)දෙසැම්බර් 31 වෙනිදා දක්වා ලැබිය යුතු රුපියල් දහඅට කෝටි හතළිස් හය දහසකට වැඩි බදු කුලී ආදායමක් අයකරගැනීමට සංස්ථාව මේ දක්වා අපොහොසත්ව ඇතැයි ජාතික විගණන කාර්යාලයේ වාර්තාවක සඳහන් වේ. 30 September 2022
එස්.ටී.එෆ් සුභසාධක කඩේ බඩු පිට කළැයි පොලිස් පරීක්ෂකවරියට ඇප පොලිස් විශේෂ කාර්ය බලකායේ සුභ සාධක වෙළෙඳසල භාරව සිටිමින් රුපියල් ලක්ෂ තුනකට අධික වටිනාකමින් යුත් භාණ්ඩ අවසරයකින් තොරව බැහැර කිරීම හා පරිහරණය කරන ලදැයි කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් පරීක්ෂකවරිය රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඊයේ(29) නියෝග කළේය 30 September 2022
දේශගුණ සෞභාග්‍ය සැලසුම එළිදකී ලංකාවට අදාලව දේශගුණික සෞභාග්‍ය සැලසුම සකස් කිරීම පිළිබඳ මූලික සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාතයාංශයේදී පැවැත්විණි . 30 September 2022
ඇෆ්ගන් පාසලකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ‘දාස්ත් ඊ බර්චී’ නමැති පළාතේ ෂියා මුස්ලිම් පාසලකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 29 කි. 30 September 2022
විස්සයි 20 ලෝක ශූරයන්ට කෝටි 58 කට ත්‍යාගයක් ඕස්ට්‍රේලියාවේදී ලබන මස 16 වැනිදා ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2022) ශූරයන්ට ඇමරිකානු ඩොලර් මිලියන 1.6 ක් හෙවත් රුපියල් කෝටි 58 කට ආසන්න මුදල් ත්‍යාගයක් පිරිනැමෙන බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) පවසයි. 30 September 2022
ලංකාවට ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් ගන්න මූලික පියවර තබයි දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවෙි පිහිටුවන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ මැනිලා නුවරදී ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී යෝජනා කළේය . 30 September 2022
කෝටි 17ක රත්තරන් තොගයක් කටුනායකදී අත්අඩංගුවට රුපියල් කෝටි 17 ක් වටිනා කිලෝ ග්රැම් 08 යි ග්රැම් 500 ක් බරැති රත්තරන් තොගයක් , නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන එමින් සිටි ගුවන් මගීන් සිව් දෙනෙකු, කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (30) දින උදෑසන අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා පැවසීය . 30 September 2022
එක්සත් ජාතීන් සමඟ කටයුතු කළැයි ලාංකික ජනතාව පළිගැනීම්වලට ලක්වෙලා මානව හිමිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම නිසා ශ්‍රී ලංකාව ඇතුළුව ලොව පුරා රටවල් 42 ක ජනතාවට පළිගැනීම් සහ බිය ගැන්වීම්වලට මුහුණ දීමට සිදුව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ. 30 September 2022
අග්‍රහාර කාඩ්පත් අක්‍රියවී කෝටියක පාඩුවක් රාජ්‍ය සේවකයන් සඳහා ක්‍රියාත්මක වන අග්‍රහාර රක්ෂණ අරමුදලේ කාඩ්පත් (2014 වර්ෂයේ ලද) සියල්ල අක්‍රිය තත්වයේ පැවතීම හේතුවෙන් එම කාඩ්පත් සහ යන්ත්‍ර සඳහා ගෙවන ලද රුපියල් කෝටියකට ආසන්න මුදලක් නාස්තිවී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 30 September 2022
ආනයන සීමා ඉවත් කිරීමේ සූදානමක් යම් යම් භාණ්ඩ වර්ග ආනයනය තාවකාලිකව අත්හිටුවමින් පනවා ඇති තහනම ප්‍රමුඛතාව මත වරින් වර ඉවත් කිරීමට රජය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 30 September 2022
යුගදනවි-සොබාදනවි බලාගාර නිරීක්ෂණය කරති මෙගාවොට් 300 ක විදුලි ධාරිතාවකින් යුත් යුගදනවි විදුලි බලාගාරයේ කටයුතු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඇතුළු පිරිසක් අද (30) නිරීක්ෂණය කළහ. 30 September 2022
දුම්රිය නියාමකයෝ වර්ජනය අත්හරිති දුම්රිය නියාමකයන් අද (30) පෙරවරු 10.00 ට පමණ ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය මීට සුළු මොහොතකට පෙර අවසන් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය. 30 September 2022
‘සිපෙට්කෝ’ ඉන්ධන පිරවුම්හල් වර්ජනයකට සැරසෙයි අළෙවියට සාපේක්ෂව පසුගිය වසරේ ගෙවූ වට්ටමෙන් කොටසක් බද්දක් ලෙස ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිලදීගැනීමට තැන්පත් කරන මුදලින් අයකරගත හොත් ඉන්ධන ඇනවුම කිරීම නතර කරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා පැවසීය. 30 September 2022
රටපුරා සත්වෝද්‍යානවලට හෙට ඇතුළුවීම නොමිලේ ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනය නිමිත්තෙන් හෙට (01) සියලුම ළමයින්ට හා අවුරුදු 60ට වැඩි වැඩිහිටියන්ට සත්වෝද්‍යාන වලට නොමිලේ ඇතුළු වීමට හැකි බව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 30 September 2022
දුම්රිය නියාමකයන් හදිසි වර්ජනයක දුම්රිය නියාමකයන් මීට සුළු මොහොතකට පෙර ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් අද දිනයේ ධාවනය වීමට නියමිත දුම්රිය ප්‍රමාද වීමට හෝ අවලංගු වීමට ඉඩ ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 30 September 2022
කුලියට ගෙයක් ගන්න ගිහින් අයිතිකාරියට පිහි පෙන්වා රන්බඩු කොල්ලකාලා කුලියට නිවසක් ලබා ගැනීමේ මුවාවෙන් තලවතුගොඩ ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී නිවෙස් හිමිකාරිය ට පිහියක් පෙන්වා බිය ගන්වා පහරදී තුවාල සිදුකර අනතුරුව නිදි පෙති පොවා රුපියල් ලක්ෂ ගණනාවක රන් භාණ්ඩ කොල්ල කෑ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය කියයි 30 September 2022
අල්ලා ගත් පළාත් රුසියාවට ඈඳා ගැනෙයි රුසියන් හමුදා විසින් අල්ලා ගනු ලැබූ යුක්රේන පළාත් 4 ක් රුසියාවට ඈඳා ගනිමින්, එම පළාත් නිල වශයෙන් රුසියාවේ කොටසක් වුණැයි නිවේදනය කිරීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සූදානම් වෙයි. 30 September 2022
පහළගමදී තරුණයකු ඝාතනය කළ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට ගම්පහ, පහළගම ප්‍රදේශයේදී ඉකුත් 20 වෙනිදින මංකොල්ලයක් සිදු කරමින් අයෙකු ඝාතනයට ලක් කළ පුද්ගලයා , පොලිස් නිලධාරීන්ට පහරදීමට යාමේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව අද අලුයම ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි. 30 September 2022
නිරිත දිගට තරමක තද වැස්සක් දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වයේ වැඩිවීමක් අද (30) සහ ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 30 September 2022
පිය-පුතු ඝාතනයේ සැකකරු වසර 32 කට පසු අල්ලයි කිසිදු හෝඩුවාවක් දැන ගැනීමට ඉඩ නොතබා වසර 32 කට පෙර සිදුකළ පිය පුතු ඝාතනයක තොරතුරු අනාවරණය කරගත් පොලිසිය ඊට සෘජුවම සම්බන්ධ විශ්‍රමික හමුදා සෙබලෙක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 29 September 2022
පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුව දික් වෙයි පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව හෙට (30) දිනයේ ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (29) පස්වරුවේ පැවසීය. 29 September 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026