විදේශ රටවල් සමඟ මිත්‍රත්වය සඳහා වූ චීන මහජන සංගමයේ සභාපති (CPAFFC ) ලින් සොන්ටියැන් මහතා අද (12දා) සිව් දින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය. ශ්‍රී ලංකාවේ චීන මිත්‍රත්ව සංවිධාන සාමාජිකයන් පිරිසක් විසින් ඒ මහතා අද කොළඹ ෂෑංග්‍රිලා හෝටලයේ දී පිළිගනු ලැබීය.
අති සාර්ථක තානාපතිවරයෙකු ලෙස ජනප්‍රියත්වයට පත් ලින් සොන්ටියැන් මහතා අප්‍රිකානු කලාපය සහ චීනය අතර සම්බන්ධතාවය වර්ධනය කිරීම සඳහා සිය උපරිම දායකත්වය දැක්වූ චීන තානාපතිවරයා ලෙසද සැලකේ. 2020 සිට විදේශ රටවල් සමග මිත්‍රත්තවය සඳහා වූ චීන මහජන සංගමයේ සභාපතිවරයා ලෙස පත් කෙරුනු සොන්ටියැන් මහතා සිය පළමු සංචාරය ලෙස සිදුකළ පාකිස්ථානයේ සංවාරයකින් පසුව ශ්‍රී ලංකාවට පැමිණියේය. ඒ මහතා ඉදිරි දින කිහිපයේ දී ශ්‍රී ලංකා චීන මිත්‍රත්වය වර්ධනය කිරීමට මුල් වූ රබර් සහල් ගිවිසුම අත්සන් කළ ජී.ආර්. සේනානායක මහතා ගේ ඥාතීන්, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා සහ නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරතුමිය හමුවීමට නියමිතය. එසේම ශ්‍රී ලංකා-චීන මිත්‍රත්ත්වය සංගම් සංවිධානය කරන සම්මන්ත්‍රණයකට සහභාගී වීමට නියමිත සොන්ටියැන් මහතා ලබන අඟහරුවාදා ශ්‍රී ලංකා - චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය හමුවේ විශේෂ දේශනයක් පැවැත්වීමට ද නියමිතය.
චීනයේ මිත්‍රත්ව සංගම් 46 කින් සැදුම්ලත් CPAFFC සංවිධානය ලොව පුරා රටවල් 157ක මිත්‍රත්තව සංවිධාන 413 ක් සමග කටයුතු කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd