(අංජුල මහික වීරරත්න)
රට කරවන නායකයන් නීතිමය රාමුවක් තුළ රටේ ආර්ථිකයට වගකියන පසුබිම සැකසීමට වත්මන් රජය අඩිතාලම යොදා ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.
සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ වත්තල, දික්ඕවිට ධීවර වරාය සංකීර්ණයේ ස්ථාපනය කෙරුණු Northwest Marine Lanka Pvt Ltd හි නව බෝට්ටු අංගනයට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.
ආර්ථික කළමනාකරණයේදී නොගැළපෙන තීන්දු තීරණ ගැනීමේ ප්‍රතිවිපාක රටක් ලෙස අත්විඳිමින් සිටින බව පෙන්වා දුන් සාගල රත්නායක මහතා ඉන් ගොඩ ඒමට දරණ වෑයමේ දී පෞද්ගලික අංශයේ දායකත්වය ඉතා අගය කරන බව සඳහන් කළේය.
ජනතා පීඩනය ලිහිල් කර රට දියුණු කිරීම ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ බව පැවසූ සාගල රත්නායක මහතා ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් සඳහන් කරන කරණුවලට එහා ගොස් ජනතාව වෙනුවෙන් වූ වගකීම ඉටුකිරීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බව ද පැවසීය.
ශ්‍රී ලංකාව දියුණු කළ හැක්කේ අපනයන කර්මාන්තය දියුණු කිරීම තුළින් බවත් විදේශ අයෝජන ඉහළ නංවා ගනිමින් ඒ සඳහා අවශ්‍ය පසුබිම සැකසීමේ වැඩපිළිවෙළ මේ වන විට රජය ආරම්භ කර තිබෙන බවත් ඒ මහතා කියා සිටියේය.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ද මෙල්, සීනෝර් පදනමේ සභාපති ඒ.පී. රාජ්, Northwest Marine Lanka Pvt Ltd හි සභාපති ජගත් උදයකුමාර, අධ්‍යක්ෂ ෂෙවන්ත රොද්‍රිගෝ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමනල රාමුව හැදුවනම් නරකද?
කටින් බතල හිටවන්නේ නැතුව මහ බැංකුව හොරාකාපු එවුන්ව කුදලගෙන එන්න.
රාමු කරලා පොටෝ එල්ලලා සංදර්ශයෙන් පටන් ගනිද්දි බලන්න ආපු උන් ගහලා එලවයි නේද?
ඔය දවල් හීන. හොරකම් කරල ආර්ථිකය කාපු, ජනතාව හිගන්නන් බවට පත් කළ නායකයන්ට දඬුවම් නොකර බොරු
දවල් හීන. හොරකම් කරල, ජනතාව හිඟන්නන් බවට පත් කළ පල් හොර නායකයන්ට දඬුවම් නොකර බොරු කයිවාරු ගහල මිනිසුන් තවත් රවට්ටන ඔහෙලාට ස්වභාව ධර්මය නිසි දඬුවම් දෙනු ඇත.
එතකොට නන්දසේනයා ගොඩ.