(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලබන වසර(2023) සඳහා වන රජයේ අයවැය ලේඛනය ( අයවැය විසර්ජන පනත් කෙටුම්පත ) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට අද(14) පස්වරු 1.30 ට ඉදිරිපත් කෙරේ.
මෙය වර්තමාන රජයේ දෙවැනි අයවැය ලේඛනයයි. මේ වසරේ අවසාන මාස හතරේ වියදම් සඳහා වූ අතුරු අයවැයක් ජනාධිපතිවරයා විසින් මෙයට පෙර ඉදිරිපත් කරනු ලැබීය.
ජනාධිපතිවරයා මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස අද දින ඉදිරිපත් කිරීමට නියමිත අයවැය ලේඛනය ආර්ථික ගැටලු හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාවගේ මූලික පහසුකම් සපයාදීම ඉලක්ක කරමින් සකස් කෙරුණු එකක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
රටේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට හැත්තෑවක් සහන අපේක්ෂාවෙන් සිටින අතර එම ජනතාව ගැන මෙවර අයවැය ලේඛනයෙන් විශේෂ අවධානය යොමු කෙරෙණු ඇතැයිද ඔහු සඳහන් කළේය.
ලබන වසරේදී රට ආර්ථික වශයෙන් ගොඩගැනීම සඳහාඅනුගමනය කෙරෙන මූලික උපක්‍රම සහිතව සකස් කෙරුණු මේ අයවැය යෝජනාවලිය මගින් 2024 වර්ෂයේදී ආර්ථික අර්බුදයෙන් සහ උද්ධමනයෙන් මිදුණු සමෘද්ධිමත් දේශයක් ඇති කිරීම අරමුණු කරගෙන ඇතැයි රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් පැවසීය.
අයවැය ලේඛනය පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය හෙට( 15) සිට ආරම්භ කෙරේ. දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ ලබන 22 වැනිදා පස්වරු 5.00ටය.
අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය ලබන 23 වැනිදා ආරම්භ වන අතර අයවැය ලේඛනය පිළිබඳ අවසාන ඡන්ද විමසීම පැවැත්වෙන්නේ දෙසැම්බර් මස 8 වැනිදා පස්වරු 5.00ටය.
රජයේ අයවැය ලේඛනය ඉදිරිපත් කෙරෙන අද දිනයේ පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් ආරක්ෂක විධිවිධාන දෙගුණයකින් පමණ වැඩි කිරීමට ආරක්ෂක අංශ ප්‍රධානීන් තීරණය කර ඇත.
මේ යටතේ පාර්ලිමේන්තුවට අද දිනයේ පැමිණෙන මන්ත්‍රීවරුන්, අමුත්තන් සහ මාධ්‍යවේදීන් ඇතුළු පිරිස් දැඩි ලෙස පරීක්ෂාවට ලක් කෙරෙනු ඇත.
මන්ත්‍රීවරුන්ගේ කාමරද පූර්ව පරීක්ෂාවකට ලක් කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදු ජනයාට සහන සලසන එක හොඳ වැඩක්, යස වැඩක්... 225ට සහන හා වාසි තියෙනවා නම් අන්න එතැන තමයි කොස්ස තියෙන්නේ...!
අයවැය පරාජය විය යුතුයි මේ ඉන්න 225 ම එලවන්ඩ ඕනි ගොඩ ගන්න නම්.