(ජමීලා හුසේන්)
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් දෙවන ඇප තැන්පතුවක් සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ දෙකක් සොයා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව වාර්තා වේ. ධනුෂ්ක ගුණතිලකට නැවත වරක් ඇප ඉල්ලීම සඳහා ඔහු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ඩේලි මිරර් පුවත් පත වෙත වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්, දැනටමත් මේ සඳහා ඇතැම් පුද්ගලයන්ගෙන් පරිත්‍යාග ඉල්ලා ඇති බවත් දැනගන්නට තිබේ. ඒ අතර ධනුෂ්කට ඇප ලබාගැනීමේ උත්සාහයට සහයෝගය දීමක් වශයෙන් වනිඳු හසරංග දැනටමත් විශාල මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බාර දී ඇති බව සමීප ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
ධනුෂ්කට ඇප ලබාගැනීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙන අභියාචනයක් වෙනුවෙන්, ඇප තැන්පතුවක් ලෙස, ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්‍ෂ දෙකක මුදලක් අවශ්‍යව වී තිබේ.
ධනුෂ්කට එරෙහිව ප්‍රධාන නඩුව ජනවාරි 12 වැනිදා කැඳවීමට නියමිතය.
ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් ඕස්ට්‍රේලියානු අධිකරණයේ පෙනී සිටීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගිය සතියේ නව නීතීඥයෙකු බඳවා ගන්නා ලදි. ඔහුගේ නීතීඥයින් පවසන්නේ ක්‍රිකට් ක්‍රීඩකයා සියලු ලිංගික අතවර චෝදනා සම්බන්ධයෙන් ඔහුගේ නිර්දෝෂීභාවය ප්‍රකාශකර සිටින බවයි.
ඩේලි මිරර් ඇසුරිනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිළිකා වගේ දරුණු අසනීප තියන ලෙඩ්ඩුන්ට බෙහෙත් ගෙන්න වත් ඩොලර් නැති එකේ දැන් ස්ත්‍රී අතවර කරපු කෙනෙක් බේරාගන්න ඩොලර් හොයන්න එපැයි. හරි වැඩේ ජනතාවට උනේ.
සමහරුන්ට නොතේරෙන ලෝක ධර්මතාවයක් තියෙනවා. ඒ තමයි වැරැද්ද කුමක් වුණත් පවුලේ සාමාජිකයන් හොඳම යාළු මිත්‍රෙයා්... වරද කුමක් වුණත් බේරගන්න ඉදිරියට එනවා.
එයා සැප ගන්නවා.. අපි ඇප දෙන්නම්...!
ලංකාවට ඩොලර් නැතිවෙලාවේ පිහිටට හිටපු නැති දේශප්‍රේමීන් දැන් පහළවෙයිද බලමුකෝ...!
Slc එක ලැබෙයි කියලා කිව්වා නේද? සභාපතිතුමා, ඉතින් ඒකෙන් කොටසක් දාන්නකෝ අනිත් අයට කරදර නොකර...!
ඔස්ට්‍රලියාවේ උසාවියක ඇප ඉල්ලීමට මෙතරම් මුදලක් අවශ්‍ය නොවන බවයි මගේ අදහස. මෙතන තවත් හොර ඩීල් එකක් ඇති බව පෙනේ.
රට වෙනුවෙන් ක්‍රිකට් ගහන්න යවපු ධනුෂ්ක ආබාධිතයි කියල ඉන්නකොට, ආබාදෙ සනීප වෙන්න ගෑනු එක්ක ලගින්න යවන්න ඇත්තෙත් ක්‍රිකට් ආයතනේ කට්ටියම වෙන්ටැ.. ඒකයි මං හිතන්නෙ එයාව බේරගන්න ක්‍රිකට් ආයතතනේ තවත් කෝටි ගනනං වැය කරකර ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්නෙ..
මොන ආධාරද.. ලංකාවෙ වෙන වැඩ නැද්ද?
වරදට දඬුවම් ලැබිය යුතුයි.
මොනව කාළකන්නි රටවල් වලද යකෝ අපි ඉපදිලා ඉන්නේ. නොදකින් මේ වගේ මූසල රටවල්. මේ වගේ ඉපදිලා ඉන්න කාළකන්නියෝ. මේ වගේ රටවලුයි මේ මිනිස්සුයි නැතිම වෙලා පලයං.
සල්ලි තියනව නම් අර අහිංසක පාසල් යන පොඩි වුණ්ට පාන් කාලයක් අරන් දෙනව. රටේ නමත් කාළා තමනුත් විහින් නැති කරගත්තු අයට මුදල් එකතු කරන්නේ මොකටද?
Very good deed ,,,
ඩොලර් ලක්ෂ 2 න් අසරණ රෝගීන්ට මොනතරම් බෙහෙත් ගන්න හැකිද. මේ හාදයා ක්‍රිකට් ගහන්න ගියාට එහෙදි ක්‍රිකට් ගහලා නැහැනේ. ක්ලබ් ගානේ ගිහින් ගැහැනුන් සමග අසික්කිත විදිහට හැසිරුනාම ක්‍රිකට් ගහන්න හයිය කොහෙද..? රට වෙනුවෙන් ක්‍රිකට් ගහන්න ගියාට මෙයාට රට වෙනුවෙන් **ගහන්න කවුරුවත් අවසර දීල නැහැනේ.අනිත් එක ඒ ගහන එකත් හරියකට කරලා නැහැ.ඔහේ හිටපුවාවේ. දැන් ඕස්ට්‍රේලියාවේ ගෑනු කෙස් වලට දෙන දඬුවම් වැඩිකරලා පසුගිය ජුනි මාසේ ඉඳලා. මේ හාදයා අරාබි රටක මේ ජරා වැඩේ කලානම් දැනටමත් එක්කෝ බෙල්ල නැහැ ..නැත්නම් අවයවය නැහැ.
හසරංග වගේ කෙනෙකුට මම ගරු කරනවා ක්‍රීඩාවෙන් හොඳටම දස්කම් දක්වන කෙනෙක් හැටියට. ඒත් මෙවැනි දෙයකට ඔහු ඉදිරිපත්වීම ඔහුගේ පෞද්ගලික කැමැත්ත. නමුත් මිනිසුන් දරුවන් අසරණ වෙලා ඉන්න වෙලාවේ ඒ අය වෙනුවෙන් යම්කිසි දෙයක් නොකර මෙවැනි ස්ත්‍රීන් පසුපස්සෙන් ගිහින් ප්‍රශ්න ඇති කරගත් කෙනෙක් වෙනුවෙන් ඉදිරිපත් වීම මගේ පෞද්ගලික මතය අනුව අගය නොකරමි. මෙම පුද්ගලයන්ගේ පළමු විනය විරෝධී ක්‍රියාව මේක නෙවෙයි නේද? මේ කියන පුද්ගලයා ඉක්මනට විවාහ කරලා දුන්නනම් තියන අමාරුව සනීප වෙයි. ඒත් බඳින ගෑණු ළමයා ගැන දුකයි.
රාජකාරිය කරන්න ගිහින්නේ අමාරුවේ වැටිලා තියෙන්නේ. ඉතින් ජනාධිපති අරමුදලෙන් අර්ථසාධක අරමුදලෙන් සෝමාලියාවෙනුත් ණයක් අරන් මූට ඇප දීලා බේරා ගන්න.
රෝගාතුරවෙලා හෝටලයක ඉන්න පුද්ගලයා එයින් පිටතට ගියේ අවසරයක් ඇතුවද? නැතුවද?
ආබාධ නිසා බෝල කෙළිය කරන්න බෑ. රති කෙළිය නම් පුළුවන්.
ලෙඩ්ඩුන්ට බෙහෙත් ගෙන්න වත් ඩොලර් නැති එකේ දැන් ස්ත්‍රී අතවර කරපු කෙනෙක් බේරාගන්න ඩොලර් හොයන්න එපැයි.
අපි අසාවෙන් බලපු ක්‍රිකට්.
හසරංග, ඔබ ඉතාමත් දක්ෂ ක්‍රිකට් ලෝලීන්ගේ ආදරය දිනාගත් අහිංසක ක්‍රීඩකයෙක්, උදව් කරන්න ඒක ඔබතුමාගේ කැමැත්ත. එත් කියන්න ඔබතුමාගේ නම ප්‍රසිද්ද කරන්න එපා කියලා.