
(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළමණ්ඩලයේ භික්ෂු බළමණ්ඩලයේ කැදවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි සහ අන්තර් විශ්ව විද්‍යාලය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුරුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස රජයට බලකරමින් විරෝධතා පා ගමනක යෙදුණු කාන්තාවන් දෙදෙනකු අද ඇතුළු පස් දෙනකු භාරයට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
සැකකරුවන්ගෙන් මේ වන ප්‍රශ්න කිරීම සිදු කරගෙන යනු ලබන බව පොලිසිය පොලීසිය පැවසීය.
අදාල කාන්තාවන් දෙදෙනා අද උදෑසන 9:30 ට පමණ කළුතර බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් රඳවාගෙන සිටින සිරිධම්ම හිමි සහ වසන්ත මුදලිගේ රුව ඇතුළත් පුවරු දෙකක් අතැතිව විරෝධතාව පළකරමින් පාගමන යෙදුණු අතර, කළුතර පාලම මතදී සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු සහිත පොලිස් නිලධාරින් දෙසීයකට ආසන්න පිරිසක් විසින් මග හරස් කරමින් ඔවුන් හරවා යවන ලදී.
පසුව එම කාන්තාවන් දෙදෙනා ඇතුළු පිරිසක් බස්රථවලින් ගාලු පාර ඔස්සේ කොළඹ දෙසට පැමිණ කළුතර උතුර ප්‍රදේශයෙන් බැස නැවත පාගමන යෙදෙන ලදී.
ඉන් පසුව පිළිවෙලින් වාද්දුව පින්වත්ත සහ පානදුර දකුණ පොලිස් නිලධාරීන් නිළධාරීන් කණ්ඩායම් ඔවුන් හරවා යැවීමට අවස්ථා කිහිපයකදී උත්සාහ ගත් අතර, ඒ මොහොතේ විරෝධතා පෙළපාලියේ පැමිණි පිරිස් සහ පොලිස් නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයන් ඇතිවිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් රාජපක්ෂ ගෑණුන්ටත් හොදටම බය වෙලා තියපං චන්දයක් එතකොට තේරෙයි උබලට ජනතාවගේ ප්‍රතිචාරය.
වෙනත් ආණ්ඩුවක් යටතේ මේ මොවුන්ගේ අනාගතය, රැකියාව, අනිවාර්යයෙන්ම නැතිකළ යුතුයි. පෙන්ෂන් නැතිකළ යුතුයි.එක එක දේශකාපාලුවන්ගේ අසුචි බුදින ශ්‍රී ලංකා පොලිසියේ වැඩ කිඩ දිනපතාම දියුණු රටවල රුපවාහිනි වල පෙන්වනවා. ගෝත්‍රික පොලිස් කාරයින්ට ළඟදීම වැඩ වරදිනවා.
අහිංසක කාන්තාවන්ට පවා නිදහසේ මග තොටේ ගමන් කළ නොහැකි යුගයක් වත්මන් දුර්දාන්ත පාලකයින් විසින් ඇති කර තිබේ. පාලකයින්ගේ සපත්තු ලෙවකන්නෝ මේ අවස්ථාවේ ක්‍රියා කළ ආකාරය තදින් හෙළා දකිමි. පාලකයින්ට අප කිය්නනේ එළැඹෙන ඡන්දයකිදි අපි මේ ගැන හොඳින් බලා ගන්නම්.
මේ පාරනම් වැඩ වරදීවි. කේස් එක දුර දිග යනවා වගේ. එක එක පොලිෂ් කාරයාගේ නමින්ම චුදිතයින් කරලා නඩු දාන්න යන්නේ...රාළහාමිලා , දැන් ඉල්ලන් කෑවා වගේම තම තමන්ගේ පොකට් එකෙන් පෙරකදොරුවන්ට ගෙවලා, නඩුව පැරදුනොත් දඩ මුදලුත් තම තමුන්ම ගෙවන්න ලැහැස්තිවෙන්න. ඔය ගැහැනුන්ට ගහන්න කියලා ඕඩර් එක දුන්න අය රාළහාමිලාගේ දඩ ගෙවන්නේ නැහැ හොඳේ.ආයෙත් වතාවක් මේ වගේ අසික්කිත වැඩ කලොත් මුළු ගමේම මිනිස්සු එකතුවෙලා රාලහාමිලාවත් රාලහාමිනේලාවත් සම්බෝලකරාවී.
මේ පොලිස් කාන්තාවන් දෙන්නා අරගලයට ආ අයද? . නැතිනම් මේ පොලිස් ලෝක්කා පිනාගේ කටු කන හිවලේකද??
එන්ජීඕ කල්ලි ඉතින් මේවා කරලා තමයි තමුන්ගේ බඩ වියත ගැටගහගන්න පිටරටවල් වලින් ඩොලර් ගෙන්න ගන්නේ.
යහපාලන කාලේ ලෝකෙන් නය අරගෙන ආර්ථික වැටීම මගහරවාගෙන ගත ණයෙන් මන්තිත්රියන්ගේ දීමනා වැඩිකරගැනීම් , එක එකාගේ කොනේදේ අමාරුවලට ම්ර්සිඩීස් බෙන්ස ගෙවා ගත්තාට, නය අරගෙන චන්ද ගුන්ඩුවක් හැටියට රු,10000 පඩි වැඩිකලාට මේ කාලකන්නි රැල පෙළපාලි ගියේ නැහැ. එහෙම කලානම් අපිත් මුලුසිතින්ම සහයෝගය දක්වනවා. හේතුව ඒ කාලේ ජෙප්පෝ රතු අලි වෙලා හිටිය නිසා. යහපලකයින්ගේ කෙරුවාව නිසාත් කොරෝනාව නිසාත් ආර්ථිකය කඩා වටුන වෙලාවේ මුන් පෙළපාලි යන්නේ දුර්වල තැනින් බලලා රජය කඩාගෙන ගෙන ජෙප්පන්ට බලය අරන් දෙන්නයි. එකට අපේ සහයෝගයක් නැහැ හේතුව ජෙප්පෝ ගොඩ එන්න ඕනෙත් මේ වලේ කටින්ම නිසා. ජෙපන්නට ගොඩ එන්න වේනම් දෝනා හාරලා නැත. හැබැයි ජෙප්පෝ වටා එකතුවෙලා ඉන්න එවුන්ගෙන් පෙනෙන්නේ මොවුන් ගොඩ වෙන්න හදන්නේ අපේ බෙල්ල පාගාගෙනබවයි.
ඒ කියන්නේ අපිට දෙතුන් දෙනෙකුට දැන් නිදහසේ පාරේ බැහැලා යන්නත් බැහැ
පොලිසිය යොදවා ජනතා ඉල්ලීම් යටපත් කරන රනිල් රාජපක්ෂ ආණ්ඩුව පලවා හරිමු...
සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරනවලු. .පොස්ටරයක් අරන් මහ මග අවිහින්සාවාදීව යන කාන්තාවන් දෙන්නෙක් සැක කරුවන් වෙන්නෙ අහවල් ක්‍රියාව සම්බන්දයෙන්ද? වාඅර්තකරුවනි මහජනතාවට නිගා දෙන වචන පාවිච්චිය නවත්තන්න.. මෙ ඔබෙ මව හො සොහොයුරිය විය හැකියි.. පාදඩ පොලිසිය කරන අමන ක්‍රියාව සාඅධාරණීකරනය කරන්න එපා. . .