(ටෝනි කරුණානායක)
සරුංගල් ප්‍රශ්නයක් මුල් කරගෙන මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ දී පියකු සහ ඔහුගේ පුතුන් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුට සහ ඔහුට පලා යාම සදහා ආධාර අනුබල දුන් සැකකරු ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන 23 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් නාමල් කොළඹගේ මහත්මිය අද (12) නියම කළාය.
ගුවන් හමුදාවේ විශේෂ ගුවන් භට මෙහෙයුම් ඒකකයේ හිටපු කෝප්‍රල්වරයකු වන 38 හැවිරිදි සැකකාර වෙඩික්කරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා ආවරණය කර අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි .
ආවරණය කර අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ සැකකරුව ලබන 23 වැනිදාට ආවරණය කර අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය මීගමුව බන්ධනාගාර අධිකාරි වෙත නියම කලේය .
ඝාතන සිද්ධියේ සැකකාර වෙඩික්කරු අනුරාධපුරය, පදවිය ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ පොලිසියට භාරදී තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd