(එම්.සුසිල් පියන්ත)
අම්බලන්ගොඩ කුලීගොඩ අප්පලදූව පදේශයේ පාලු නිවසක තනිකර දමා ගොස් සිටි දෙහැවිරිදි හා තුන් හැවිරිදි දියණියන් දෙදෙනකු සොයා ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මේ දියණියන් දෙදෙනා මෙසේ දමා යන්නට ඇත්තේ ඔවුන්ගේ මව විය හැකි බව ද පොලීසිය කියයි.
නම ගම වයසවත් කීමට නොහැකි මේ නොදරුවන් දෙදෙනා කාගේ කවුදැයි යන්න තවම අනාවරණය නොවූ බව ද පොලීසිය කියයි.
දැනට සිය භාරයේ සිටින දරුවන් දෙදෙනා ළමා නිවාසයකට භාරදීම සදහා අධිකරණයේ අවසරය ලබා ගන්නා බවද පොලිසිය කියයි.
මේ නොදරුවන් දෙදෙනා පොලීසියට රැගෙන් ආ අවස්ථාවේ සිට ඔවුනට සුළු මව්වරුන් වෙමින් අම්බලන්ගොඩ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන් කටයුතු කරනු දක්නට ලැබුණි.
මේ නොදරුවන්ට කෑම කැවිම පෙවීම ඇතුළු අනෙක් සියළුම අවශයතාවයන් ඉටු කෙරුනේ මේ නිළධාරිනියන් අතිනි.
මේ දරුවන්ගේ දෙමාපියන් සොයා ගැනීමට මහජන සහයෝගය පතන බවත් ඔවුන් සොයා ගෙන නීතිමය පියවර ගන්නා බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසියේ බහුතරයක් බලු වැඩ අතර මේ වගේ මනුස්සකම් ගැන අහන්න ලැබෙන්නේ අවාරෙට කජු හැලෙනව වගේ.