(අජන්ත කුමාර අගලකඩ)
පළාත් ආණ්ඩුකාරවරුන් පත් කිරීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක අතර එම තනතුරු බෙදී යන ආකාරයට පත් කිරීමට යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ආණ්ඩුකාරධුර නවයෙන් පහක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ද ,හතරක් එක්සත් ජාතික පක්ෂයට ද වෙන් කිරීමට එමගින් යෝජනා කර ඇතැයි දැනගන්නට තිබේ.
ආණ්ඩුකාරධුර සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ජෝන් අමරතුංග, දයා ගමගේ,ආනන්ද කුලරත්න සහ ශමල් සෙනරත් යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇති බවද දැනගන්නට ඇත.
පොදුජන පෙරමුණෙන් පස් දෙනකු සහ එජාපයෙන් හතර දෙනකු පත් කිරීමේ යෝජනාවට පොදුජන පෙරමුණෙන් එතරම් කැමැත්තක් පළ වී නැති බවද දැනගන්නට ඇත.
කෙසේවුවද නව ආණ්ඩුකාරවරුන් පත්කිරීම ළඟදීම සිදුවනු ඇතැයි දැනගන්නට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd