ටික් ටොක් සමාජ මාධ්‍යත් අවහිර කරයි මේ වන විට ශ්‍රී ලංකාව තුළ ටික් ටොක් (Tik Tok) සමාජ මාධ්‍ය ජාලයත් අවහිර කර තිබේ. 03 April 2022
තංගල්ලේ එළවලු මැස්සක් උඩ කපා කොටා දැමූ මළ සිරුරක් තංගල්ල නෙටොල්පිටිය වැලිආරේ පිහිටි එළවලු මැස්සක් උඩ කපා කොටා මරා දමා තිබුණු 38 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (03) හමු වූ බව තංගල්ල පොලීසිය කියයි. 03 April 2022
එනසල් තොගයක් රේගුවෙන් පන්නන්න බැරි වෙයි ආනයනය කිරීම තහනම් කර ඇති එනසාල් තොගයක් , නීතිවිරෝධී ලෙස ඩුබායි සිට අලුයම මෙරටට ගෙන ආ ව්‍යාපාරිකයන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය . 03 April 2022
තොරතුරු තාක්ෂණ ආයතනයේ සභාපති ඉල්ලා අස්වෙයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ ඕෂධ සේනානායක මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. 03 April 2022
තැනින් තැන අදත් වැසි බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (3) මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 03 April 2022
රාජ්‍ය ඇමැති සොහොයුරු ප්‍රා.මන්ත්‍රී ආරච්චිකට්ටුවේ යකා නටයි හලාවත ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනාඥයකුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ඇතුළු සන්නද්ද කල්ලියක් ආරච්චිකට්ටුවල ආනවිලූන්දාවල රාජකදලූව යන ප්‍රදේශවලදී නිවෙස් 3ට බලහත්කාරයෙන් ඇතුලූවී එහි නිවැසියන් බිය ගන්වා මරණ තර්ජන කරමින් එම නිවෙස්වලට සහ රථවාහනවලට අලාභහානි කර ඇතිබව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි. 03 April 2022
ඇඳිරිය කඩ කළ 664ක් කූඩුවේ රජය මගින් ප්‍රකාශයට පත් කළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 664 දෙනකු බස්නාහිර පළාත තුළින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ තල්දූව මහතා පැවසීය 03 April 2022
පොදු ස්ථාන තහනම් කරමින් ගැසට්ටුවක් පොදු ස්ථාන අද (2) පස්වරු 6.00 සිට 4 වැනිදා පෙරවරු 6.00 දක්වා තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 03 April 2022
සමාජ මාධ්‍ය ජාලා අවහිර වෙයි යූ ටියුබ්,වට්ස්ඇප්,මෙසේන්ජර්,ෆේස් බූක්,වයිබර්,ට්විටර් සමාජ මාධ්‍ය ජාල භාවිතා කිරීමට බාධා එල්ල වී තිබේ. නව යාවත්කාලීන කිරීම් ලබා ගැනීම,පණිවිඩ යැවීම,වීඩියෝ හුවමාරු කිරීම ආදිය සිදු කිරීම අපහසු වෙයි. 03 April 2022
මැදිරිගිරිය රෝහලේ ප්‍රතිකාර ඉටිපන්දම් එළියෙන් මැදිරිගිරිය ඉන්ධන පිරවුම්හලේ මැදිරිගිරිය මූලික රෝහලට අවශ්‍ය පරිදි ඉන්ධන ගබඩා කර නොමැතිවීම හේතුවෙන් රෝහලේ වැඩ කටයුතුවලට බාධා ඒල්ල විය. 02 April 2022
ඇදිරි දිනයේ විදුලියෙන් බෝනස් හෙට දිනයේ දී විදුලි සැපයුම විසන්ධි කරන කාලය පැය 1යි විනාඩි 40 කට අඩු කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම දන්වයි. 02 April 2022
ඩොලර් නැතුව ලාෆ් ගෑස් නෞකාව හරවා යවයි රට වර්තමානයේ මුහුණ දී සිටින ඩොලර් අර්බුදය හේතුවෙන් ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි වීමෙන් ලාෆ් ගෑස් සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික්ටොන් 5000 කට අධික ප්‍රමාණයත් රැගත් නෞකාවක් නැවත හරවා යාමට සිදු වූ බව ලාෆ් ගෑස් සමාගමේ උසස් නිළධාරියෙක් පැවසීය. 02 April 2022
බෙරගල-වැල්ලවාය මාර්ගය වැසෙයි පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද 02 සවස ගල් කුළු සමඟ විශාල පස් කන්දක් කඩා වැටී බෙරගල වැල්ලවාය මාර්ගය ගල්කන්ද ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් අවහිර වී ඇතැයි හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් ගයානිගේ රණතුංග මහත්මිය පැවසුවාය. 02 April 2022
මගේ ජීවිතය අනතුරේ - ඉම්රාන් කියයි තම ජීවිතය අනතුරේ බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කියයි. 02 April 2022
මල්වතු අස්ගිරි අමරපුර රාමඤ්ඤ මහා නාහිමිවරුන්ගෙන් ලිපියක් මෙරට ජනතාව මුහුණ දී සිටින දැඩි අර්බුදකාරී අවස්ථාවෙන් මිදීම සඳහා රජය සහ ඇමැතිවරුන් මැදිහත් ව වහාම වැඩපිළිවෙළක් සකස් කරන්නැයි මල්වතු අස්ගිරි අමරපුර රාමඤ්ඤ මහා නිකායන්හි මහා නාහිමිවරුන් ගේ අත්සනින් යුතුව විශේෂ ලිපියක් යොමු කොට යොමු කොට තිබේ. 02 April 2022
හිරුණිකා ඥානක්කාගේ දෙවොල වටලයි අනුරාධපුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී චන්ද්‍රානි බණ්ඩාර,කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා පේමචන්ද්‍ර ඇතුළු පිරිසක්’’ දූෂිත ආණ්ඩුව පලවා හරිමු.’’’.යන මැයෙන් සංවිධානය කළ අනුරාධපුරයේ දී සංවිධානය කළ උද්ඝෝෂණයක් ආරක්ෂක අංශ මැදිහත්වි වී විසුරුවා හැරියේය . 02 April 2022
ඇඳිරි දිනයේ එළිය වැඩිවෙයි හෙට දිනයේ PQRSTUVW යන කලාප සඳහා පැය 06 ක කාලයක් ද ABCDEFGHIJKL යන කලාපවලට පැය 5 යි විනාඩි 15 ක කාලයක් ද විදුලි සැපයුම විසන්ධි කරන බව මහජන උපයෝගීතා කොමිසම දන්වයි. 02 April 2022
පාසල් සිසුන් වාර විභාග සහ අත්‍යාවශ්‍ය වැඩවලට පමණයි ලබන සඳුදා (04දා) සිට අප්‍රේල් 08 වැනිදා ( සිකුරාදා) දක්වා කාලය තුළ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වලවලට අත්‍යාවශ්‍ය සිසුන් පමණක් ගෙන්වීමට විදුහල්පතිවරුන්ට අවසර දීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත. 02 April 2022
කළුබෝවිල සිද්ධියට රෝහල් සිටි 23ක් රිමාන්ඩ් නුගේගොඩ පැඟිරිවත්තේ ජනාධිපති නිවෙස ආසන්නයේ උද්ඝෝෂණය කරමින් මහජන ආරක්ෂාවට තර්ජනය වන අයුරින් ක්රියකළැයි සැකපිට අත්අඩංගුවට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 23 දෙනකු රිමාන්ඩ් ගත ගල්කිස්ස වැඩ බලන මහේස්ත්‍රාත් රවී මතුගම මහතා සැකකරුවන් හතරවැනිදා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන්නැයි නියෝග කළේය. 02 April 2022
අද සවස 06.00 සිට සඳුදා උදේ 06.00 දක්වා රට පුරා ඇඳිරි නීතිය අද (02දා) සවස 06.00 සිට සඳුදා (04දා) උදෑසන 06.00 දක්වා පැය 36 ක කාලයක් රට පුරා ඇඳිරි නීතිය පනවා තිබේ. 02 April 2022
මැති ඇමැතිවරු රසායනික පොහොර ගැන ජනපතිට ගතු කියයි යල කන්නයේ වගාව සදහා රසායනික පොහොර ලබා දෙන්නැයි ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. 02 April 2022
මෛත්‍රි නිල නිවසෙන් යයි? හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අලුත් අවුරුද්දෙන් පසුව කොළඹ මහගමසේකර මාවතේ පිහිටි නිල නිවසෙන් ඉවත්ව යාමට තීරණය කර ඇතැයි වාර්තා වේ. 02 April 2022
ආණ්ඩුවේ මැති ඇමැතිවරු උත්සව මඟහරිති ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මේ දිනවල උත්සව, රැස්වීම්, මහජන හමුවීම ආදියට සහභාගි වීම මග හරිමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 02 April 2022
ඉන්දියාව අපිව මේ ණය අර්බුදයේ තවත් හිර කරවනවා -හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ අපට ලොකුම හානියක් කරන රටක් තමයි ඉන්දියාව. ඔවුන් ණය දෙන්නේ සද්භාවයකින් තොරව බව අපට තේරෙනවනෙ. ඒ නිසානේ අවුරුද්දකින් ගෙවීමේ පදනම මත ඒ ණය දුන්නේ. 02 April 2022
කෝටි 7 ක වියදමින් ඇරඹි රත්මලාන - මාලදිවයින් ගුවන් ගමන් ‘ලත් තැනම ලොප් ‘ රුපියල් කෝටි 7කට අධික මුදලක් වැය කර උත්සවශ්‍රීයෙන් ඇරඹුණු රත්මලාන- මාලදිවයින ගුවන් සේවාව ඇරඹුණු දිනට පසුදිනම මාලදිවයින විසින් අවලංගු කර ඇති බව වාර්තාවේ. 02 April 2022
රාජ්‍ය ඇමති රොෂාන් මැයි 01දා අස්වෙයි ගොවීන්ට වන්දි ලබා දීමට සහ පොහොර සහනාධාරය ලබා දීමට රජයට බලකරමින් පළාත් පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් මැයි පළමුවැනිදා ඉල්ලා අස්වන බව රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ ජනාධිපතිවරයාට ලිපියක් යවමින් දන්වයි. 02 April 2022
පාර්ලිමේන්තුව කල්තබන සූදානමක් ? බලතුලනයේ යම් ප්‍රශ්නයක් මතුවී ආණ්ඩුවේ බහුතරය අහිමිවීමේ අවදානමක් මතු වුවහොත් ප්රශ්නය කළමනාකරණය කර ගැනීමේ පියවරක් ලෙස පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමට හෝ කෙටි කලකට කල්තැබීමට රජයේ අවධානය යොමුවී ඇතැයි දේශපාලන ආරංචිමාර්ගවලින් පැවසේ. 02 April 2022
බොහෝ ප්‍රදේශයන්ට සවස් කාලයේ වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (2) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 02 April 2022
සිද්ධාලේප වෙද මහතා අභාවප්‍රාප්ත වෙයි සිද්ධාලේප නිර්මාතෘ, වික්ටර් හෙට්ටිගොඩ මහතා අද (2) උදෑසන අභාවප්‍රාප්ත විය. 02 April 2022
මහජන හදිසි අවස්ථා තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ රට තුළ මහජන හදිසි අවස්ථා තත්වයක් ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. 02 April 2022
මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත් ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒ.. 02 January 2026