බඩු මිල වහා අඩු කරන්නැයි කොම්පඤ්ඤ වීදියේ උද්ඝෝෂණ ජනතාව හාමතේ බඩු මිල වහා අඩු කරනු පැල්පතේ අපි කරුවලේ අපට භූමිතෙල් සොයා දියව් පෙට්‍රල් ඩීසල් මිල අඩු කර ජනතාවට සහන දෙනු ජනතාවනි එකතු වන්න පීඩනයට එරෙහි වන්න ඇතුළු සටන්පාඨ රසක් අතැතිව සමගි ජන බලවේගයේ මැද කොළඹ ආසනයේ සංවිධානය කළ උද්ඝෝෂණයක් අද 29 පස්වරුවේ කොම්පඤ්ඤ වීදිය හන්දියේ දී පැවති අයුරු එම අවස්ථාවට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා ද එක්ව සිටියහ 29 September 2022
වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් ආබාධිතව ඉපදුන දැරියට කෝටි 3 ක් ගෙවන්න වෙයි ගම්පහ රෝහලේ වෛද්‍යවරුන්ගේ සහ කාර් ය මණ්ඩලයේ නොසැලකිල්ල මත මවක ආබාධිත දරුවකු බිහි කොට ඇතයි තීන්දු කළ කොළඹ අතිරේක දිසා විනිසුරු කල්හාරී ලියනගේ මහත්මිය එම ආබාධිත දැරියට රුපියල් කෝටි 03 ක වන්දියක් ගෙවීමට රජයට නියම කළාය. 29 September 2022
හොරට තෙල් ගැසූ කොළඹ ෂෙඩ් එකක පොම්ප දෙකකට සීල් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 5.40 ක් වටිනා පෙට්‍රල් අඩුවෙන් නිකුත් කළ කොළඹ 7 පිහිටි ඉන්ධන පිරවුම්හලක ඉන්ධන පොම්ප දෙකක් මුද්‍රා තැබූ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (29) පස්වරුවේ පැවසීය. 29 September 2022
ඔක්තොම්බර් 01 සිට නුවරට සුඛෝගභෝගී දුම්රියක් කොළඹ කොටුව සිට මහනුවර අතර විශේෂ සුඛෝගභෝගී සති අන්ත දුම්රියක් පළවෙනිදා (1) සිට ධාවනය වන බව ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 29 September 2022
රණවීරගේ පුත්‍රයාට එරෙහිව සී.අයි.ඩි.යට පැමිණිල්ලක් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ පුත්‍රයා ඇතුළු පිරිසක් කිරිබත්ගොඩ උපකාරක පංතියකදී පාසල් සිසුන් පිරිසකට පහරදුන්නේ යැයි කියන අවස්ථාවට රජයට අයත් වාහනයකින් පැමිණීම රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමක් බවත් ඒ පිළිබඳව අමාත්‍යවරයාට සහ පුත්‍රයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක නිරාෂාන් විතානගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (29) පැමිණිල්ලක් කළේය. 29 September 2022
ඇමතිවරු සතුටු කරන්න ජනතාව මර්ධනය කරනවා ජනතා අවශ්‍යතාවයන් ඉටුකිරීම වෙනුවට ජනතාවට මර්ධනයත් මැති ඇමතිවරුන්ට සුඛ විහරණයත් ලබාදීම ආණ්ඩුවේ ක්‍රියාදාමය බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කොළඹදී පැවසීය. 29 September 2022
අයවැය යෝජනාවෙන් වෛද්‍යවරුන් බාගයක් ගෙදර අතුරු අයවැය යෝජනා අනුව රටේ සමස්ත ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන් 654 න් 350කට පමණ දෙසැම්බර් 31 වන විට විශ්‍රාමයාමට සිදුවන බව රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරී සංගමය පවසයි. 29 September 2022
ජාතික සභාවට පක්ෂ තුනක් නැහැ රටේ ප්‍රශ්න විසඳීම සඳහා පත් කෙරුණු ජාතික සභාව කමිටුවේ පළමු රැස්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (29) පෙරවරුවේ පැවැත්වුණු අතර එම රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානය යන පක්ෂවල මන්ත්‍රීවරුන් සහභාගී නොවීම විශේෂත්වයකි. 29 September 2022
ලොව ණය හිමියන් සහ ණය ගැතියන් සාමූහිකව වැඩ කළ යුතුයි ලොව ණය හිමියන් සහ ණයගැති ජාතීන් වත්මන් අර්බුද කඩිනමින් විසඳීම සඳහා සාමූහිකව කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනයේ මැනිලා නුවරදී ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දෙසුම කරමින් පැවසීය. 29 September 2022
කතානායකවරයා ජාතික සභාව අමතා කළ කතාව දේශපාලන පක්ෂ පාට භේද ඉක්මවා රටේ දිගුකාලීන ප්‍රතිපත්තිමය දිශානතිය වෙනුවෙන් පොදු එකඟතාවයකට පැමිණීම කාලීන අවශ්‍යතාවක් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. 29 September 2022
කෝටි 532 බදු වංචා කළැයි ඇලෝසියස්ට සිතාසි රුපියල් කෝටි 532 ක ආදායම් බදු මුදලක් රජයට නොගෙවා පැහැරහැරීමේ සිද්ධියකට අදාළව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් යන අයට ලබන 03 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. ඉලංගසිංහ මහතා සිතාසි නිකුත් කර ඇත. 29 September 2022
ඇහැලියගොඩ සිසුවිය ඝාතනයේ සැකකරු වසර 13 පසු දැලේ 2009 වසරේ දී ඇහැලියගොඩ කොස්ගහමූකලාන ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් සිසුවියකට අතරවර කර කැත්තකින් පහර දී ඝාතනය කර වසර 13ක් පුරා සැඟව සිටි ප්‍රධාන සැකකරු ඇහැලියගොඩ පලීගල ප්‍රදේශයේ දී නිවසක සැඟව සිටියදී ඊයේ (28) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව ඇහැලියගොඩ පොලිසිය පවසයි. 29 September 2022
ආනයන තහනම ක්‍රිකට් ක්‍රීඩාවටත් හරහට හිටී ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඩොලර් අර්බුදය හේතුවෙන් ලෙදර් ක්‍රිකට් පන්දුවල දැඩි හිඟයක් ඇතිවීමෙන් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව පවත්වාගෙන යෑමට නොහැකි තත්වයකට පත්ව ඇතැයි ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ක්ෂේත්රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය. 29 September 2022
ආණ්ඩුවෙන් විපක්ෂයට ගිය මන්ත්‍රීන්ට අදහස් දක්වන්න කාලය වෙන්කෙරෙයි ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයේ අසුන් ගත් මන්ත්‍රීවරුන්ට අදහස් පළ කිරීමට ආණ්ඩු පක්ෂයට වෙන් වන කාලයෙන් සියයට 5 ක් ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව එකඟත්වය පළ කර බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. 29 September 2022
අයි.එම්.එෆ් ණය මුදල් පේන තෙක් මානෙක නෑ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල ලබා ගැනීම සඳහා විධායක මණ්ඩලයේ අනුමැතිය දෙසැම්බර් මස මැද භාගය වන විට ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂාවෙන් සිටියත් එසේ කාල සීමාවක් ප්‍රකාශයට පත් කිරීම ඉතාමත් අපහසු කාර්යයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇතැයි නිකෙයි ඒෂියා පුවත්පත වාර් තා කළේය. 29 September 2022
උදැල්ලෙන් පහරදී පියා මැරූ සැකකරු අල්ලයි හෝකන්දර දකුණ විද්‍යාරාජ මාවතේ නිවසක් තුළ ඊයේ (28) අලුයම පියාට උදැල්ලකින් සහ පොල්ලකින් පහර දී සිරුරට පෙට්‍රල් දමා නිවස ඉදිරිපිට පියා පුළුස්සා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු හෝදන්දර සිංහපුර ප්‍රදේශයේ දී අද (29) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 29 September 2022
බොර තෙල් මිල යළි පහලට ඩොලරය ශක්තිමත් වීමත් සමග ලෝක බොරතෙල් වෙළඳපොලේ බොර තෙල් බැරලයක මිල නැවත වරක් පහත වැටුණු බව විදෙස් මාධ්‍ය වාර් තා කළේය.ඉකුත් සැසියේදී ඇමෙරිකානු ඩොලර් 3 කින් පමණ ඉහළ ගිය බොරතෙල් බැරලය අද(29) නැවත වරක් පහත වැටුණු බව විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය. 29 September 2022
සත්ත්ව ආහාර සදහා ධාන්‍ය ගෙන්න අවසර ගත් ආයතනවලට කොන්දේසි සත්ත්ව ආහාර සදහා ධාන්‍ය ගෙන්වීමට අවසර ලබාගත් ආයතන, එසේ බාරගත් ප්‍රමාණ දෙසැම්බර් 31 වනදාට පෙර මෙරටට ගෙන්වීමට අපොහොසත් වුවහොත් එම ආයතන සියල්ල අසාදු ලේඛණ ගත කිරීමට පියවර ගන්නා බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා පැවසීය. 29 September 2022
ආගමික සිද්ධස්ථානවල වහළයට සූර්ය පැනල ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ආගමික සිද්ධස්ථානවල වහළය මත සවි කරන සූර්ය පැනල සවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් එහිදී පිරිවෙන්වලට ප්‍රමුඛතාව ලබාදෙන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පැවසීය. 29 September 2022
ගල්අඟුරු ගන්න ටෙන්ඩර් කැඳවයි විදුලිය නිෂ්පාදනයට කෙටිකාලීන ගල් අඟුරු ප්‍රසම්පාදනය සඳහා ටෙන්ඩර් කැඳවීම ජාත්‍යන්තර තරගකාරී මිල ගණන් අනුව කරන බවත් ලංකා ගල්අඟුරු සමාගමේ ලියාපදිංචි සහ ලියාපදංචි නොමැති සැපයුම සම්පුර්ණ කළ හැකි ඕනෑම පාර්ශවයකට ටෙන්ඩර් ඉදිරිපත් කළ හැකි බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 29 September 2022
ජනපති පිලිපීන ජනපති හමු වෙයි ආසියානු කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය ඉදිරියට ගෙනයාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 29 September 2022
කඳවුරෙන් අතුරුදන් වූ සෙබළා බසයක් සොරාගද්දී මාට්ටු කළගෙඩිහේන ප්‍රදේශයේ හෝටලයක් අසල නවතා තිබූ රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා බස් රථයක් අද (29) පාන්දර සොරා ගෙන යමින් සිටි සැකකාර සෙබළෙක් අවට සිටි පිරිසක් විසින් අල්ලා භාර දුන් බව නිට්ටඹුව පොලීසිය පවසයි. 29 September 2022
කඩේ ලාච්චුවට බහින්න හැදූ සොරාට දුන් දඬුවම පිළියන්දල බටකැත්තර වෙළඳසැලක ලාච්චුවේ තිබූ මුදල් සොරා ගැනීමට උත්සාහ දැරූ පුද්ගලයකු අල්ලා වෙළඳසැල ඉදිරිපිට යකඩ කණුවක බැඳ තබා තිබෙන අයුරු අද පෙරවරුවේ දක්නට ලැබුණි 29 September 2022
සනත් නිශාන්තට සිතාසි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කිරීම සඳහා ලබන ඔක්තෝබර් මස 13 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට අභියාචනාධිකරණය (29) සිතාසි නිකුත් කළේය. 29 September 2022
මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට වෙනම දිනයක් මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න විමසීම සඳහා ලබන 3 වැනිදා සඳුදා දිනය සම්පූර්ණයෙන්ම වෙන් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය. 29 September 2022
මියන්මාර රූ රුජින කැනඩාවට මියන්මාරයේ හමුදා පාලනය විවේචනය කිරීම හේතුවෙන් හමුදා රජයේ උදහසට ලක් වී සිටි මියන්මාර රූ රැජින හැන් ලේ, තායිලන්තයේ සිට කැනඩාව බලා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 29 September 2022
22 ව්‍යවස්ථා විවාදයට දින දෙයි විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන මස 6 සහ 7 දෙදින විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය. 29 September 2022
සූර්ය බලයෙන් විදුලිය හදන ව්‍යාපෘතියක් අරඹයි අඩු ආදායම්ලාභී නිවාස 25,000ක් සදහා සූර්ය පැනල මගින් විදුලිය ලබාදීමේ ව්‍යාපෘතියක් ඇරඹීමට සැලසුම් කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. 29 September 2022
ජෝ බයිඩන් මැරුණු මන්ත්‍රීවරියට අඬගහලා සම්මන්ත්‍රණයකට සහභාගී වී සිටිද්දී, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, මියගිය මන්ත්‍රීවරියක එම සම්මන්ත්‍රණයේ සිටිනවාදැයි විමසීම රැස්ව සිටි කාගේත් පුදුමයට හේතුවක් විය. 29 September 2022
‘ඉයන්’ සුළි කුණාටුව ෆ්ලොරීඩා ප්‍රාන්තය කලඹයි කාලගුණ විද්‍යාඥයන්, ‘ඉයන්’ යන නමින් නම් කළ හරිකේන් සුළි කුණාටුව, මහ වැසි සහ තද සුළං ද සමඟ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට කඩා වැදුණි. 29 September 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026