(යොහාන් භාසුර)
ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 25 කින් අද (11) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.
නව මිල මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 430 ක් ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 365 ක් ද, වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.
සුපිරි ඩීසල් ලීටරයක් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 510 ක ද, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 370 ක ද, කාර්මික භූමිතෙල් ලීටරයක් රුපියල් 464 ක ද, ලෙස තව දුරටත් පවතින බව ද ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.
ඉන්ධන මිල නොවැම්බර් මස තුළ නැවත සංශෝධනය කිරීමට අපේක්‍ෂා නොකරන බව ද ඛනිජ තෙල් සංස්ථාව වැඩි දුරටත් කීය.
2025 නොවැම්බර් මස 04
502
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2243
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1677
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඩීසල් - භූමිතෙල් මිල ඉහළට
බද්රානි Saturday, 12 November 2022 02:48 AM
නියමයි!! භූමිතෙල් මිල තව ටිකක් ඉහල දමන්න ගිනි තියාගෙන මැරෙන්න. පස්ස උඩ දාගෙන කිරිබත් උය උයා නටපු නැටිල්ලට ඔහොම වෙලා මදි.
Soma dubayi Saturday, 12 November 2022 01:03 PM
පොඩි ගාණක්නේ වැඩිකරලා තියෙන්නේ.... රට දියුණු කරන්න කැප කිරීම් කරන්න අපි සූදානම්...!
Rexi Saturday, 12 November 2022 03:32 PM
සෝමා, ඇත්තටම ඩුබායි කියන්නේ නමේ කොටසක්ද? කොහොම වුණත් සෝමා ගොඩක් හම්බ කරන විදිහක් තමයි හිතෙන්නේ... ඒකනේ මේවා වැඩිකළාම සොච්චමක් කියන්නේ. ඒ වුණාට සෝමා සොච්චම, සොච්චම එකතු කළොත් ගොඩායි... සොච්චම සොච්චම හොරකම් කළොත් ගොඩායි....
NuwanSaturday, 12 November 2022 06:07 PM
ව්‍යංගාර්ථයෙන් කියනවා කියන දේ අහලා නැද්ද සිංහල භාෂාවේ... සෝමා කියලා තියෙන්නේ මේ වුණු දේ හොඳයි කියලා නෙවෙයි..
Rexi Saturday, 12 November 2022 03:41 PM
සෝමා ඉන්නේ මන්ද පෝෂණය තියෙන රටක වෙන්නැති. එතකොට පොඩි අයගේ ඇඟ කෙට්ටුවෙලා බඩගෙඩිය ලොකු වෙනවා. අර අපේ 225 ඉන්න තැන ඉන්න අයගේ ගොඩක් තියෙන්නේ...!
අනන්ද Sunday, 13 November 2022 09:38 PM
ඩීසල් මිල වැඩි විමෙන් සෑම භාණ්ඩයක්ම වැඩිවනු ඇත. පෙට්‍රල් මිල අඩුවීමෙන් පාරවල් ට්‍රැෆික් වලින් පිරීයනු ඇත...