(ඩයනා උදයංගනී)
විෂබීජ නාශක දියර නිෂ්පාදනය සඳහා යොදා ගන්නා එතනෝල් ආනයන බද්ද යළි ඉහළ දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
මෙමගින් රුපියල් බිලියන 1.6ක බදු ආදායමක් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
කොවිඩ් වසංගත සමයේ විශබීජ නාශක දියර විශාල වශයෙන් නිෂ්පාදනය කෙරුණු නිසා මෙම එතනෝල් බද්ද 2020 වසරේ අවස්ථා දෙකක දී පහත දැමූ බවත්, යළි එය සාමාන්‍ය මට්ටමට ගෙනඒම මෙහිදී සිදුවන බවත් ඇමතිවරයා කීවේය.
එමෙන්ම රා ලීටරයක් සඳහා අය කෙරුණු රුපියල් 25ක සුරා බද්ද රුපියල් 50 දක්වා යළි ඉහළ දැමීමට ද තීරණය කර ඇති බවත්, ඉකුත් ජනවාරි මාසයේ දී එය රුපියල් 25 දක්වා පහත දැමුව ද එම වාසිය පාරිභෝගිකයාට නොලැබීම හේතුවෙන් මෙම පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පවසයි
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
එතනෝල් ආනයන බද්ද යළි ඉහළට
de silva Friday, 11 November 2022 03:31 PM
එතකොට ජොනියා ව්‍යාපාරෙ කරගෙන යන්නේ කොහොමද?
BamunuarachchiSaturday, 12 November 2022 06:03 PM
ජොනී මීතයිල් ඇල්කොහොල් පාවිච්චි කරන්නේ නැහැ හලෝ....