‘ශ්‍රී ලංකාවට ණය දෙන්න ඉදිරියේදී සාකච්ඡා කරනවා ‘ ශ්‍රී ලංකා රජයට ලබා දිය හැකි ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග ඉදිරි දින කිහිපයේදී සාකච්ඡා ආරම්භ කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මාධ්‍ය ප්‍රකාශක ජෙරී රයිස් ඊයේ (31) පැවසුවේය. 01 April 2022
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට ලෝක බොරතෙල් වෙළඳපොලේ අද (01) දින බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 98.80 දක්වා පහත වැටී තිබේ. 01 April 2022
‘කළහකාරී සිද්ධිය පිටුපස අන්තවාදී කණ්ඩායමක්‘ නුගේගොඩ, ජුබිලි කණුව අසල ඇතිවූ කළහකාරී සිද්ධිය පිටුපස අන්තවාදී කණ්ඩායමක් සිටින බව අනාවරණය වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 01 April 2022
රාජ්‍ය ඇමැති ලොහාන්ගෙන් මැණික් ව්‍යාපාරිකයන්ට ආරාධනයක් තමන් සන්තකයේ පවතින මැණික් විකුණා එම විදේශ මුදල් ( ඩොලර්) රටට රැගෙන එන්නැයි මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සියලුම දේශීය මැණික් ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලීමක් කරයි. 01 April 2022
රජයට විරෝධය පා නුවරඑළියේ පිරිස් පාරට බසිති ඩීසල් නොමැතිවීම හා ජනතාවට දරාගත නොහැකි ලෙස ජීවන වියදම ඉහලයාම වෙනුවෙන් රජයට විරෝධය පාමින් නුවරඑළියට නගරයට එක්රැස් විශාල පිරිසක් නුවරඑළිය නගරයේදී අද (01) දැවන්ත විරෝධතාවය නිරතවුහ. 01 April 2022
මිරිහාන සිද්ධියෙන් තුවාල ලැබූ 37ක් ජාතික රෝහලේ මිරිහානේදී ඊයේ රාත්‍රියේ ඇතිවූ කලහාකාරී සිද්ධියෙන් අනතුරුව තුවාල ලැබූ පුද්ගලයන් 37 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව එහි ප්‍රකාශකයෙක් පැවසීය . 01 April 2022
විල් ස්මිත් අත්අඩංගුවට ගන්න පොලිසිය සූදානමින් හොලිවුඩ් නළු විල් ස්මිත්, විකට නළු ක්‍රිස් රොක් ට අතුල් පහරක් එල්ල කිරීම සම්බන්ධයෙන් ලොස් ඇන්ජලීස් පොලිසිය විල් ස්මිත් අත් අඩංගුවට ගැනීමට සුදානම් වූ බව ඔස්කාර් නිෂ්පාදක විල් පැකර් පවසයි. 01 April 2022
‘නුවරඑළිය වසන්ත උදාන සමාරම්භක උත්සවය නවතී‘ නුවරඑලිය නගරයේ පිහිටි කාල්ටන් පෙර පාසලක අවුරුදු උත්සවයකට සහ නුවරඑලිය මහ නගර සභාව පවත්වන වසන්ත උදානයේ සමාරම්භක උත්සවයට ප්රදේශවාසින්ගේ මතු වු විරෝධය මැද්දේ නතර කිරිමට සංවිධායක මණ්ඩලය පියවර ගත්තේය. 01 April 2022
රජයේ ආයතනවලට ලිපි ද්‍රව්‍ය අවුරුද්දටම අච්චු ගැසීම නවත්වයි මුද්‍රණ කඩදාසි හිඟය නිසා රජයේ ලිපි ද්‍රව්‍ය මුද්‍රණ කටයුතුද බොහොමයක් ඉතාම කෙටි කලකින් අඩපණවීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙයි. 01 April 2022
ගොඩවායේ ධීවර විරෝධයක් සමස්ත ලංකා පොදු ධිවර සම්මේලනයේ පිරිසක් අම්බලන්තොට - හම්බන්තොට මාර්ගයේ ගොඩවාය ප්‍රදේශයෙන් පාර වසා විරෝධතාවක නිරතව සිටිති. 01 April 2022
මිරිහානේ සිද්ධියට අත්අඩංගුවට ගත් පිරිස 54 දක්වා ඉහළට මිරිහාන ඇඹුල්දෙණිය ජනපති නිවෙස ඉදිරිපිට පැවැති විරෝධතාවක් අතර තුර බස් රථ සහ වාහන රැසකට පහර දී ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය 01 April 2022
වඩු කාර්මිකයෝ ගාලු පාර වහති වඩු කාර්මිකයො පිරිසක් ගාලු පාර මොරටුව කුරුස හන්දියෙන් වසා මේ වන විට විරෝධතාවක නිත වෙති. මේ හේතුවෙන් ගාල්ල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතින අතර විශාල කොට ලොරියක් පාර හාරහා තබා මාර්ගය හරස් කර ඇතැයි අප වාර්තා කරුවෝ කියති. 01 April 2022
කෝටි 14 ක විදේශ සිගරට් විනාශ කරයි නීති විරෝධීව චීනයෙන් ආනයනය කළ රුපියල් කෝටි 14 කට අධික වටිනාකමින් යුත් සිගරැට් ලක්ෂ 10 ක පමණ ප්‍රමාණයක් රේගු අධ්යක්ෂ ජනරාල් විජිත රවිප්‍රිය මහතාගේ අධීක්ෂණයෙන් කොළඹ 15 පිහිටි ලංකා දුම්කොළ සමාගම් පරිශ්‍රයේදී අද (1) පෙරවරුවේ විනාශ කළේය. 01 April 2022
ඩීසල් ඉල්ලා පුත්තලම-කොළඹ මාර්ගය අවහිර කරයි සිය වාහන සදහා ඩිසල් ලබා දෙන ලෙස ඉල්ලමින් පිරිසක් අද(1 ) උදෑසන සිට පුත්තලම මදුරන්කුලිය ප්‍රදේශයෙන් මාර්ගය සම්පුර්ණයෙන් වසා දමා ඇති බව මදුරන්කුලිය පොලිසිය කියයි. 01 April 2022
තමා බලයෙන් නෙරපන්න හදන්නේ ඇමෙරිකාව තමා විශ්වාසභංගයෝජනාවක් හරහා ධුරයෙන් ඉවත් කිරීමට උත්සහ දරණ විදේශීය බලවේගය ලෙස පකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, ඇමෙරිකා එක්සත් ජනපදය නම් කර ඇත. 01 April 2022
සිමෙන්ති මිල 500කින් ඉහළට කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට 500 කින් ඉහළ දමා තිබේ. 01 April 2022
නීතිඥ සංගමයේ පෙත්සම 24 කැඳවයි ආණ්ඩුව ජනතාවට ලබාදෙන දෙන අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල අසාධාරණ ලෙස ඉහල දැමීම හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාල නීතිපති උපදෙස් දැනුම් දීම සඳහා ලබන අප්‍රේල් 24 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) නියෝග කළේය. 01 April 2022
වඩු කාර්මිකයෝ මොරටුව නගර සභාව වටලති සිය වෘත්තිය කරගත නොහැකිව දැඩි ලෙස අසරණව සිටින මොරටුව නගර සභා ප්‍රධාන දොරටුව අසල විරෝධතාවක නිතරව සිටි. 01 April 2022
‘මන්ත්‍රී නිවාසවල පිටස්තරයන් පදිංචි කරලා‘ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 30 කට වැඩි පිරිසක් තමන්ට ලැබුණු මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවල ඥාතීන්, හිතවතුන්, හිටපු මන්ත්‍රීවරුන් සහ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් පදිංචිකරවා ඇතැයි වාර්තා වේ. 01 April 2022
රාත්‍රී කාලයේදී බොහෝ ප්‍රදේශවලට වැසි උතුරු පළාත හැර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (1) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 01 April 2022
කොළඹ - ගම්පහ ඇඳිරි නීතිය ඉවතට කොළඹ උතුරු,කොළඹ මධ්‍යම සහ කොළඹ දකුණ සහ මිරිහාන පොලිස් බල ප්‍රදේශවලට පැනවූ පොලිස් ඇඳිරිනිතිය අද උදෑසන 05ට ඉවත් කළ බව පොලිසිය පවසයි. 01 April 2022
කොළඹ - මහනුවර මාර්ගයත් වැහෙයි කොළඹ - මහනුවර මාර්ගය හරස් කරමින් පිරිසක් විරෝධතාවයේ නිරතවීම නිසා කොළඹ මහනුවර මාර්ගය කැලණිය දළුගම ප්‍රදේශයෙන් සම්පුර්ණයෙන්ම අවහිරවී ඇතැයි වාර්තා වෙයි. 01 April 2022
මිරිහානේ විරෝධතාකරුවෝ බසයකට ගිනි තබති ජනාධිපතිවරයාගේ නිවස අසල විරෝධතාවයේ නිරත පිරිස් ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් යුද හමුදා බසයකට හා තවත් වාහන කීපයකට ගිනි තබා ඇතැයි තහවුරු නොවු පුවත් වාර්තා කරයි. 31 March 2022
මිරිහානේ විරෝධතාකරුවන් විසුරුවන්න කඳුළු ගැස් ජනාධිපතිවරයාගේ නිවස අසල විරෝධතාවයේ ප්රචණ්ඩත්වය වැඩිවීමත් සමඟ පිරිස විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට පොලිසිය පියවර ගත්තේය. 31 March 2022
ඖෂධ ගැන ජනපති සමග සාකච්ඡා බිඳ වැටේ රෝහල් සඳහා ඖෂධ ශල්‍ය උපකරණ රසායන ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඩොලර් ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ අද (31) පස්වරුවේ පැවැත්වූ සාකච්ඡා සම්පූර්ණයෙන්ම අසාර්ථකවී ඇතැයි වාර්තා වේ. 31 March 2022
අලුත් ආසාදිතයෝ 178 ක් කොවිඩ් ආසාදිතයින් තව 178 ක් අද (31) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 31 March 2022
ජනපති නිවෙස අසල මහා විරෝධතාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස පිහිටි නුගේගොඩ මිරිහාන පිවිසුම් මාර්ගය අසලට අද (31) පස්වරුවේ රැස් වූ දහස් සංඛ්‍යාත ජනකායක් ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත්වන ලෙස බලකරමින් උද්ඝෝෂණයක් කළහ. 31 March 2022
බැසිල් ආයෙත් ආණ්ඩුවට ඇවිත් ජනතා බලාපොරාත්තු සුන් කරන බවට සැකයක් තිබුණා බැසිල් මහත්මයා මහින්ද රාජපක්ෂ මහතාගේ පසුගිය ආණ්ඩුව විනාශ වීම සඳහා බලපෑ ප්‍රධාන සාධකයක් බවත් ඔහු නැවත ආණුඩවට පැමිණ 69 ලක්ෂයක පමණක් නොව මුළු මහත් දේශයට ආදරය කරන ජනතාවගේ උතරීතර අභිලාශයට හානියක් වේවි යන බිය සහ සැකය සියලුදෙනා තුළම තිබූ බවත් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ අද (31) පැවසූහ. 31 March 2022
හෙටත් පැය 12 ක් ලයිට් නෑ විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (01) ප්‍රදේශ රැසකට පැය 12 ක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම අද (31) පස්වරු පැවසීය. 31 March 2022
බස් නැතිව කොළඹ මගීහු අතරමං බස් රථ ප්‍රමාණවත් තරම් ධාවනය නොවීමෙන් කොළඹ නගරයෙන් පිටත්ව යාමට සිටි මගීහු අද (31) දැඩි අපහසුතාවයකට පත් වූහ. 31 March 2022
මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත් ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒ.. 02 January 2026