ලංකාවෙන් මෙගාවොට් 4000 ක් සිංගප්පූරුවට දෙන්න සැලසුම්
විදේශීය ආයෝජනයක් ලෙස හම්බන්තොට මුහුද මත මෙගාවොට් 5,000ක සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත්, ඉන් මෙගාවොට් 4000ක් සිංගප්පූරුවට අපනයනය කිරීමට යෝජිත බවත් සූර්යබල, සුළං සහ ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.