රාජ්‍ය ඇමති සනත්ගේ නිවෙස ගිනි තැබූ ප්‍රධාන සකකරුට ඇප රාජ්‍ය ඇමති සනත් නිශාන්ත හා සොහොයුරාගේ නිවාස ගිනි තබා වනසා දැමිමට සම්බන්ධ සිද්ධිෙය් ප්‍රධාන සැකකරුවකු වු හලාවත ජාතික ජන බලවේගය පක්ෂයෙ ප්‍රධාන සංවිධායකවරයා ආරච්චිකට්ටුව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේන් පසු හලාවත අංක 2 මහේස්ත්‍රාත් සසිත ද සිල්වා මහතා රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇප මත මුදා හැරිමට නිෙයා්ග ක ෙළ්ය. 27 September 2022
ජනපති අධිආරක්ෂිත කලාප ඉවත් කිරීමට සැරසෙයි කොළඹ නගරයේ විශේෂ මර්මස්ථානයන් කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් නිකුත් කළ ගැසට් පත්‍රය බල රහිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සොයාබලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපතිවරයා වෙත උපදෙස් දී ඇතැයි වාර්තා වේ. 27 September 2022
විදේශගත ලාංකිනයන්ගේ පාර්සල් අස්ථානගතවීම්-හානිවීම් ඉහළට විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සහ නේවාසිකයන් ශ්‍රී ලංකාවට එවන සහ පැමිණිමේදී කැටුව නොඑන ගමන්මලු සහ භාණ්ඩ ආනයනය කිරීමේදී භාණ්ඩ අස්ථානගත වීම සහ හානිවීම් පිළිබඳව රේගුවට ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට භාණ්ඩ එවීමේදී ශ්‍රී ලංකා රේගුවේ ලියාපදිංචි ආයතන හරහා පමණක් කළ යුතු බවත් ශ්‍රී ලංකා රේගුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 27 September 2022
ප්‍රංශ තානාපති කතානායක හමුවෙයි ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවේටු මහතා සිය සේවය නිමකර නැවත ප්‍රංශයට පිටත්ව යෑම නිමිත්තෙන්කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු විය. 27 September 2022
කෝටි 02ක රත්‍රං පන්නන් හැදූ ගුවන්තොටුපළ ආරක්ෂකයා අත්අඩංගුවට රුපියල් කෝටි දෙකක් පමණ වටිනා කිලෝ ග්‍රෑම් එකක් බරැති රන් බිස්කට් 08 ක් කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට රැගෙන ගිය ගුවන් තොටුපළ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීවරයෙකු අද (27) දහවල් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 27 September 2022
රියැදුරා නිදාගෙන: කෝච්චිය බිල්ඩිමක් ඇතුළේ දෙමටගොඩ දුම්රිය අංගනය තුළ ධාවනය වූ දුම්රිය කඩා වැදීමෙන් පැරණි ගොඩනැගිල්ලක බරපතළ අලාභ සිදු වී ඇතැයි දෙමටගොඩ පොලීසිය කියයි. 27 September 2022
ජාතික සභාව පළමු වරට 29 වැනිදා රැස්වෙයි ජාතික සභාවේ සමාරම්භක රැස්වීම ලබන 29 වනදා පෙරවරු 10.30 ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. 27 September 2022
පරිභෝජනයට නුසුදුසු සීනි කිලෝ 3000 පෑලියගොඩින් අල්ලයි පෑලියගොඩ ප්‍රදේශයේ ගබඩාවක තිබී මිනිස් පරිභෝජණයට නුසුදුසු සීනි කිලෝ 3000ක් අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි 27 September 2022
හදිසි විදුලිය මිලදී ගැනීමට අවසර දෙයි නොරොච්චෝලේ බලාගාරය යථා තත්වයට පත් කරන තෙක් පුද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිව ඇති බවත් විදුලි කප්පාදුව හෙට (28) සිට ඉහළ නොදමන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 27 September 2022
අද පැය 3 ක් විදුලිය කපයි නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වැනි විදුලි ජනන යන්ත්‍රයේ බිඳවැටීම හේතුවෙන් අද (27) දිනයේ විදුලි කප්පාදුව පැය 3 ක් දක්වා ඉහළ දැමීමට සිදුව ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 27 September 2022
පානදුර - ගම්පොළ සමූපකාර ඡන්දයෙන් පොහොට්ටුව විශිෂ්ට ජයක් පානදුර සහ ගම්පොළ විවිධ සේවා සමූපාකාර ඡන්දවලින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළකළ කණ්ඩායම් ජයග්‍රහණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 27 September 2022
ලාංකිකයන්ට ජපන් රැකියා දොර ඇරෙයි ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයන් සඳහා 2023 වර්ෂයේ ජපානයේ වැඩි රැකියා අවස්ථාවක් සැලසීමට මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇති බව ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පැවසීය. 27 September 2022
පැවති රජය සමයේ බිඳ වැටුණු ජපන් සබඳතා ගැන ජනපති කනගාටුව පළකරයි පැවැති රජය විසින් ජපාන ආයෝජන කිහිපයක් අවලංගු කිරීම සමඟ බිඳ වැටුණු ජපන් ශ්‍රී ලංකා සබඳතා පිළිබඳ කණගාටුව පළ කරන බව මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ විදේශ අමාත්‍යවරයා හමුවේ පැවසීය. 27 September 2022
සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට සූදානම් සිංගප්පූරුව සමඟ ඇති කරගත් නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම තම රජයේ ප්රමුඛ අරමුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. 27 September 2022
පෘථිවිය බේරා ගැනීමේ නාසා මෙහෙයුම සාර්ථකයි අනාගතයේ දිනෙක පෘථිවියේ හැපීමට පැමිණෙන ග්රහකයක ගමන් මඟ වෙනස් කර, පෘථිවිය බේරා ගැනීමේ අරමුණින්, ඇමෙරිකාවේ නාසා ආයතනය පුහුණු මෙහෙයුමක් අත්හදා බැලූ අතර එම මෙහෙයුම සාර්ථක විය. 27 September 2022
ණය ප්‍රතිව්‍යුහගතකරණයට අත දෙන්න ජපායෙන් ප්‍රතිඥා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය හිමියන් සමඟ සාකච්ඡා කොට ප්රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමට ජපානය ප්‍රතිඥා ලබා දුන් බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි. 27 September 2022
නොරොච්චෝලේ බිඳ වැටීමක්: විදුලි කප්පාදුව තවත් ඉහළ යයි නොරොච්චෝලේ විදුලි බලාගාරයේ 3 වැනි ගල්අඟුරු බලාගාරය දෝෂයක් හේතුවෙන් වසා ඇති බවත් ඒ නිසා දෛනික විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදුවනු ඇති බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (27) පෙරවරුවේ පැවසීය. 27 September 2022
ජනපති විදෙස් සාකච්ඡා අරඹයි ජපානයේ සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා සමඟ මීට සුළු මොහොතකට පෙර ටෝකියෝ නුවරදී සාකච්ඡා පවත්වා තිබෙි. 27 September 2022
තඔුත්තේගම ලක්ෂ 223 කොල්ලයට ප්‍රා.මන්ත්‍රී මාට්ටු තඹුත්තේගම ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක් ඉදිරිපිට දී ව්‍යාපාරිකයකු සතුව තිබූ රුපියල් ලක්ෂ 223 මුදල් කොල්ලකෑමට තැත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජාංගනය ප්‍රාදේශිය සභාවේ පොදු පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 27 September 2022
ප්රචණ්ඩ ක්‍රියා කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට දිවයින පුරා පසුගිය මැයි මස 9 වෙනිදා සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලට අදාල විශේෂ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරියේදී ඉදිරිපත් කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. 27 September 2022
අපරාදයකට පැමිණි බවට සැක දෙකක් මාට්ටු මන්නයක් සහ කඩුවක් රැගෙන යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු බියගම බණ්ඩාරවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 27 September 2022
රටේ පැත්තකට තද වැසි මධ්‍යම,ඌව, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත්, තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 27 September 2022
ස්නෝව්ඩන්ට රුසියාවේ පුරවැසිභාවය ඇමෙරිකන් ජාතික ආරක්ෂක ඒජන්සිය ඇමෙරිකාව තුළ සහ ජාත්‍යන්තර මට්ටමින් සිදු කළ ඔත්තු බැලීම් සම්බන්ධයෙන් රහස් රැසක් ලොවට අනාවරණය කරමින්, ඇමෙරිකාවේ උදහසට ලක් වුණු එඩ්වඩ් ස්නෝව්ඩන්ට රුසියාවේ පුරවැසිභාවය හිමි වී ඇත. 27 September 2022
හලාවත සිසුවියකගෙන් සිසුවකුගේ උපන්දිනයට බියර් සාජ්ජයක් හලාවත ප්‍රධාන පාසලක සිසුවියක් ඇගේ පන්තියේ සිසුවකුගේ උපන් දිනය සමරන්නට නිවසින් සොරා ගෙන ආ රුපියල් 20000 ක් යොදා ගනිමින් උපන් දින පාටියක් දමා ඇති බව වාර්තා වෙයි. 26 September 2022
රටපුරා බේකරි 2000ක් වැහිලා පාන් පිටි, බිත්තර ඇතුළු අමුද්‍රව්‍ය හිඟය සහ ඒවායේ අධික මිල ගණන් හේතුවෙන් රටපුරා පාන් බේකරි දෙදහසකට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවැසීය. 26 September 2022
පසුගිය වසරේ ඉතිරි ගල්අඟුරු ඇනවුම් කරයි නොරොච්චෝලේ විදුලි බලාගාරයේ හදිසි අවශ්‍යතා සඳහා පසුගිය වසරේ ඉතිරිව ඇති ගල්අඟුරු ටෙන්ඩරයෙන් ඇණවුම් කරන බවත් ඒ සඳහා වන පළමු ඇණවුමට අත්තිකාරම් මුදල් අද (26) ගෙවූ බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 26 September 2022
යුද හමුදාවේ 73 වන සංවත්සරයට ඉස්ලාමීය ආශිර්වාදය ලබා ගනී ඔක්තෝම්බර් මස 10 ට දිනට යෙදන යුද හමුදාවේ 73 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන ආගමික වතාවත් වලට සමගාමීව ස්ලාමීය ආගමික වතාවත් අද (26) කොල්ලුපිටිය ජුම්මා මස්ජිද් දේවස්ථානයේදී පැවැත්විණි. 26 September 2022
පාසල් සිසුවියක පැහැර ගැනීමේ තැත වරදි පාසල් යමින් සිටි 12 හැවිරිදි දැරියකගේ ගෙලේ තිබූ ටයිපටියෙන් අත්දෙක ගැට ගසා පැහැරගෙන යාම තැත් කරද්දී අසල වත්තක වැඩ කරමින් සිටි කාන්තාවක පැන එම දැරිය බේරාගෙන ඇතැයි රත්නපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය කියයි. 26 September 2022
කුඩු විකුණා ඉපැයූ දේපොළ රාජ සන්තක කරයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපයූ මුදල්වලින් පොල්ගස්ඕවිට ප්‍රදේශයේ ඉදිකරන ලද රුපියල් කෝටි තුනක් පමණ වටිනා සුඛෝපභෝගී දෙමහල් නිවසක් පරිහරණය තහනමට ලක් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 26 September 2022
බස් බස් අනතුරුනි 25ක් රෝහලට ඇඟලූම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයක් සහ පාසල් බස් රථයක් හොරණ ඉළිඹ ප්‍රදේශයේ දී එකිනෙක ගැටීමෙන් 25 කු පමණ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි. 26 September 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026