(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තීරණයට පිටුපා ඇමතිකම් ලබාගත් අයට අනාගතයේ දී යළිත් පක්‍ෂයට එන්නට සිදුවනු ඇතැයි එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
එම පිරිසට ඉදිරි මැතිවරණයකදී යළිත් පැමිණීමට සිදුවිය හැකි නිසා දැන් පක්‍ෂයට නොබැණ තමන්ගේ කටයුතු කරන්නැයි තමන් දැනුම් දෙන බව ද හෙතෙම සඳහන් කළේය.
දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරයේදී පැවති බෝධි පූජා පිංකමකට සහභාගීවීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
කොවිඩ් වැළඳී සිටින පක්‍ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සෙත් පතා ඊයේ (8) මෙම පිංකම පැවැත්විණි.
පක්‍ෂයේ පිරිසක් පක්ෂය ගත් තීන්දුව නොසලකා ඇමතිකම් වෙනුවෙන් පක්ෂය පාවා දුන් බවත්, පක්‍ෂය විනාශ වී ඇති බව ඔවුන් කියන්නේ නම් එහි වගකීම ඔවුන්ම ගත යුතු බව ද මහලේකම්වරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය අය ගන්න බලාපොරොත්තුවෙන්ද ඉන්නෙ. ඒ කියන්නෙ ඔහෙලත් බංකොලොත්. අලුත් අය එන්නෙ නැහැ ඔහෙලත් එක්ක.