IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කෝවිඩ් මට්ටු කරන්න ගෙනා උපකරණ වැඩකට ගෙන නෑ

(මුදිතා දයානන්ද) 
කොවිඩ් වසංගත සමයේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කෝටි 4.389 ක් වැය කර මිලදී ගත් ආරක්ෂිත ඇඳුම් (PPE set) 5000ක් හා ඇස් ආවරණ(safety goggles)  10200ක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ගබඩාවල පවතින බව විගණන වාර්තාවකින් අනාවරණය වේ.
වීෂ බීජවලින් ආරක්ෂා වීමට භාවිතා කරන ආරක්ෂිත ඇස් ආවරණ වෙනුවට සංස්ථාව මිලදි ගෙන තිබෙන්නේ පිහිනුම් සඳහා භාවිතා කරන ඇස් ආවරණ (Swimming goggles.) බවද එම වාර්තාවේ සඳහන් වේ. 
අලුත් කට්ටල ඇණවුම් කරන විටත් වෛද්‍ය සැපයුම් අංශය ඉල්ලා සිටි ආරක්ෂිත ඇඳුම් කට්ටල 4997ක් ගබඩාවල පැවති බවද හිගව තිබුනේ කට්ටල තුනක් පමණක් බවද එහි සඳහන් වේ. 
විගණන වාර්තාවේ දැක්වෙන පරිදි ආරක්ෂිත ඇස් ආවරණ යැයි කෝටි 1.427ක් වැය කර මිලදි ගත් පිහිනුම් ඇස් ආවරණ 10,200න් 54ක් පමණක් අලෙවි කර ඇති අතර දෙසීයක් අස්ථාන ගතව ඇත. සංස්ථාව මෙම ඇස් ආවරණ මිලදී ගෙන තිබෙන්නේ නැවත අලෙවිය සඳහාය. 
එම වාර්තාවට අනුව වෛද්‍ය සැපයුම් අංශයේ ඉල්ලීම පරිදි ආරක්ෂිත ඇඳුම් කට්ටල 5000ක් මිලදි ගැනීමේද් සංස්ථාව ඊට අදාල පිරිවිතර සකස් කිරිමක්, මිල කැඳවීමක් මෙන්ම තාක්ෂණක ඇගයීමක් සිදු නොකර කෝටි 2.49ක් වැය කරමින් සියලු කට්ටල අවස්ථා දෙකකදී එක් සැපයුම්කරුවෙකුගෙන් මිලදි ගෙන ඇත.
පළමුව මිලදී ගත් කට්ටල 2000 සංස්ථාව විසින් වෛද්‍ය සැපයුම් අංශය වෙත යොමුකර තිබුණද එහි තිබෙන්නේ ආරක්ෂිත ඇඳුම (Isolation gown)  පමණක් බව සඳහන් කරමින් එම තොගය භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත. එසේ තිබියදී සංස්ථාව එම සැපයුම්කරුගෙන්ම 3000කි න් යුත් දෙවන තොගයද මිලදි ගෙන තිබේ. 
මෙම තොග සියල්ලම 2021 වසර අවසන් වන විටද ගබඩාවල ඉතිරිව පවතින බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

 



අදහස් (9)

කෝවිඩ් මට්ටු කරන්න ගෙනා උපකරණ වැඩකට ගෙන නෑ

Kalinga Wednesday, 09 November 2022 09:29 PM

වියත් මගේ තවත් එකෙක්ගෙ ආඩම්බර හොරකමක්.. පොහොට්ටුවේ අපිට ඇත්තටම සතුටුයි

:       0       17

sampath Wednesday, 09 November 2022 10:03 PM

මේ රටේ ගොඩක් තැන්වල ට ගෙනාපුව මළකඩ කාලා තියෙන්නේ.

:       0       10

Samantha Wednesday, 09 November 2022 10:31 PM

ලංකාව කියන නම වෙනුවට කාබාසිනියාලන්තය වගේ නමක් දැම්මොත් නරකද ඒකනම් සුපිරියට ඝන පිහිටයි හැම බූරු පාලකයෙකුටම.

:       0       16

C.K.LankaputhraThursday, 10 November 2022 06:29 AM

චී චී චී, ඒ නම හරි මදියි, අපි දාමු මාටියාලන්තය කියල. කොච්චර මාටියා ගැහුවත් කමක් නෑ, පුද පූජා හරියට කෙරෙනවා නං.

:       0       7

Lahiru Wednesday, 09 November 2022 11:53 PM

වියත්මගේ හොඳම කාර් සේල් කාරයෙක් හිටියේ, හාල් වලින් ගැහැව්වා , ගල් වෙඩි වලින් ගැහැව්වා, මෙකෙන්ද නොගැහැව්වේ කියලත් හොයලා බැලුවනන් හරි,

:       0       6

vipula and nadeesha Thursday, 10 November 2022 08:49 AM

ඔය සංස්තාවේ ඉන්න්වා සුපිරි කඳපනුවෝ සැට් එකක්.. නීතී හදන මහගෙදර නිදා ගන්න ජපන් කොමිස් කොට මැතිතුමා ගේ ඤාතී පුතෙක් තමා ඔය ස්විමින් ගොගල්ස් ගෙනාවේ.. එයාගේ පුතා ගේ ස්විමින් ඉන්ස්ට්‍රක්ටර් තමා සැපයුම් කරු.. අනිත් එව්වා නම් වියත් මගේ මහ වියතා.. අප්‍රසන්න අගුණසේන මැතිතුමා ජාතිය බේර ගන්න ගෙනාපුවා..

:       0       6

Lalith M Thursday, 10 November 2022 09:12 AM

භාවිතය නොදන්න බූරුවන්ට මොනව දුන්නත් වැඩ ගන්න බෑ. කාරණාව ඒකයි...

:       0       3

sharm warn Thursday, 10 November 2022 09:59 AM

බඩු ටික පුස් කෑවට කොමිස් ගහපුව පුස් කන්න නැතුව ඇති මගෙ හිතෙ. . . මෙච්චර අපරාධ එලිපිට වෙන රටක් මෙ ් නම් නැතුව ඇති.. රට පාලනය කරන්නෙ හොරු කියල කොච්චර කිව්වත් ඇහෙන්නෙ නැති මොඩයි මෙච්චර ම ඉන්න රටක්...

:       0       3

fairoos Thursday, 10 November 2022 11:58 AM

අපේ නන්දසේන ගොයියා සහ සෙට් එක රටට කරපු අපරාධයට නම් මේ අයට හෙණ වදින්න ඕනෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 157 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site