(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන පාසල් දරු දැරියන්ට කිරිවීදුරුවක් නොමිලේ ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.
පාසල් දරුවන්ට පාර්ලිමේන්තු සභාගර්භයේ කටයුතු මහජන ගැලරියේ සිට දැක බලා ගැනීම සඳහා මෑතක සිට අවස්ථාව හිමිවිය.
පාසල් දරුවන් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පැමිණීම කොවිඩ් රෝගය පැතිර යාමත් සමඟ
නතර කරන ලදි.
පාර්ලිමේන්තුව දැක බලා ගැනීම සඳහා අවස්ථාව ලබාදීමෙන් පසු පාසල් ගණනාවකම දරුවෝ පාර්ලිමේන්තුවට පසුගිය දිනවල පැමිණියහ.
පාර්ලිමේන්තුව දැක බලා ගැනීම සඳහා පාසල් දරුවන් රැගෙන ඒමට බලාපොරොත්තු වන්නේ නම් බලධාරීන් ඒ සම්බන්ධයෙන් ලිඛිතව ඉල්ලීමක් කළ යුතු බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මෙහෙම අමාරුවෙන් වියදම් කරන්නේ... පිස්සන් ටිකක් විගඩම් නටන හැටි බලාගෙන ඉන්න ළමයි ගෙන්වාගෙන ඒ ළමයින්ට කිරි පොවන්න කිසිම අවශ්‍යතාවයක් නෑනේ... ඊට වැඩිය ළමයින්ගේ පෝෂණය ගැන ගැටළු තියෙනවා මේ රටේ...
ඕක ඇතුළේ තියෙන විස ළමා මනසට ඇතුළු වූවිට කිරි වීදුරුවකින් නොව බවුසරයකින්වත් නසන්න බැරි වෙයි.
කවුද දැන් සල්ලි දෙන්නේ ? කාරක සභාවේ ඉන්න අයගේ පුද්ගලික මුදල්ද ? නැතිනම් මේ හොදටම බදු වැදිච්ච මේ රටේ වෘත්තිකයොද ?
හොරා කන්න තවත් මගක් හොයාගෙන වගේ
කවුද ඉල්ලුවේ.? මේක තවත් කොමිස් මගඩියක් වෙන්න ඇති.
ළමයිට ගද ගහන අපාය පෙන්නන්න, පිරිත් කියල ඇතුලට ගන්න . කිරි පොවලා මල පෙරේත , බුත දෝස නැති කරන්න බැහැ.
දැන් කිරි වීදුරුවෙන් හරි ඡන්ද ටික රැක ගන්න හදනවද.?