(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන පාසල් දරු දැරියන්ට කිරිවීදුරුවක් නොමිලේ ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.
පාසල් දරුවන්ට පාර්ලිමේන්තු සභාගර්භයේ කටයුතු මහජන ගැලරියේ සිට දැක බලා ගැනීම සඳහා මෑතක සිට අවස්ථාව හිමිවිය.
පාසල් දරුවන් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පැමිණීම කොවිඩ් රෝගය පැතිර යාමත් සමඟ
නතර කරන ලදි.
පාර්ලිමේන්තුව දැක බලා ගැනීම සඳහා අවස්ථාව ලබාදීමෙන් පසු පාසල් ගණනාවකම දරුවෝ පාර්ලිමේන්තුවට පසුගිය දිනවල පැමිණියහ.
පාර්ලිමේන්තුව දැක බලා ගැනීම සඳහා පාසල් දරුවන් රැගෙන ඒමට බලාපොරොත්තු වන්නේ නම් බලධාරීන් ඒ සම්බන්ධයෙන් ලිඛිතව ඉල්ලීමක් කළ යුතු බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
157
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
953
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාර්ලිමේන්තුව බලන්න එන දරුවන්ට කිරිවීදුරුවක්
Eranga gunasekara Wednesday, 09 November 2022 06:11 PM
ඇයි මෙහෙම අමාරුවෙන් වියදම් කරන්නේ... පිස්සන් ටිකක් විගඩම් නටන හැටි බලාගෙන ඉන්න ළමයි ගෙන්වාගෙන ඒ ළමයින්ට කිරි පොවන්න කිසිම අවශ්‍යතාවයක් නෑනේ... ඊට වැඩිය ළමයින්ගේ පෝෂණය ගැන ගැටළු තියෙනවා මේ රටේ...
ravin Wednesday, 09 November 2022 06:25 PM
ඕක ඇතුළේ තියෙන විස ළමා මනසට ඇතුළු වූවිට කිරි වීදුරුවකින් නොව බවුසරයකින්වත් නසන්න බැරි වෙයි.
රන්ජන් Wednesday, 09 November 2022 10:43 PM
කවුද දැන් සල්ලි දෙන්නේ ? කාරක සභාවේ ඉන්න අයගේ පුද්ගලික මුදල්ද ? නැතිනම් මේ හොදටම බදු වැදිච්ච මේ රටේ වෘත්තිකයොද ?
nihal Thursday, 10 November 2022 01:13 AM
හොරා කන්න තවත් මගක් හොයාගෙන වගේ
rocky Thursday, 10 November 2022 06:15 AM
කවුද ඉල්ලුවේ.? මේක තවත් කොමිස් මගඩියක් වෙන්න ඇති.
Saththaya Thursday, 10 November 2022 08:57 AM
ළමයිට ගද ගහන අපාය පෙන්නන්න, පිරිත් කියල ඇතුලට ගන්න . කිරි පොවලා මල පෙරේත , බුත දෝස නැති කරන්න බැහැ.
sharm warn Thursday, 10 November 2022 10:11 AM
දැන් කිරි වීදුරුවෙන් හරි ඡන්ද ටික රැක ගන්න හදනවද.?