(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඩොලර් පහක් හෝ ⁣විදේශයකින් හිඟා කන තරමට රට පහතට ඇද වැටී ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ .සී අලවතුවල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 

මෙවැනි ඛෙිදනීය තත්ත්වයක් ඇති වෙන්න පෙර සමගි ජන බලවෙිගය වගකීමෙන් කරුණු ඉදිරිපත් කර තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.

 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රසායනික පොහොර සම්බන්ධයෙන් ගත් තීන්දුවේ සිට අවුරුද්දකට බිලියන හයසියයක් බදු අහිමි කරගැනීමට ගත් තීන්දුව ගැන පක්ෂයක් හැටියට සමගි ජන බලවෙිගය වගකීමෙන් කරුණු ඉදිරිපත් කළ බවද ජේ.සී අලවතුවල මහතා කීය.