මහජන හදිසි අවස්ථා තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ රට තුළ මහජන හදිසි අවස්ථා තත්වයක් ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. 02 April 2022
බස්නාහිර පළාතට ඇදිරි නීතිය පැනවේ බස්නාහිර පළාතට අද (01) මධ්‍යම රාත්‍රී 12 සිට හෙට (02) අලුයම 06 දක්වා පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ. 01 April 2022
රාජ්‍ය මර්දනයට ලක් වන ජනතාව වෙනුවෙන් 600 ක නීතිඥ මණ්ඩලයක් රාජ්‍ය මර්ධනයට ලක්වන ජනතාව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින බවත් ඔවුන් වෙනුවෙන් 600ට අධික නීතිඥ මණ්ඩලයක් සූදානම් කර ඇති බවත් සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 01 April 2022
කඩිනම් විසඳුම් නැත්නම් භාරකාර ආණ්ඩුවක් පිහිටුවන්න ජනතා ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබාදීමට නොහැකි නම් පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර භාරකාර ආණ්ඩුවක් පිහිටුවා හෝ විසඳුම් ගෙන එන ලෙස ජනාධිපතිවරාගෙන් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ බව එහි ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ‘ලංකාදීප’යට පැවසීය. 01 April 2022
බේරුවල නගරයේ පන්දම් දල්වා ජවිපෙ විරෝධතාවයක ජනතා විමුක්ති පෙරමුණ බේරුවල නගරයේ පන්දම් දල්වා අද (01) විරෝධතාවයක නිරත විය . 01 April 2022
අග්බෝපුර ඕඅයිසී රිය අනතුරින් මරුට කන්තලේ අග්බෝපුර පොලිස් ස්ථානාධිපති ගමන් ගත් මෝටර් රථය හබරණ හතරැස්කොටුව ප්‍රදේශයේදී වැලි පැටවූ ට්‍රිපර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් පොලිස් ස්ථානාධිපතිවරයා මියගොස් ඇතැයි හබරණ පොලිසිය කියයි. 01 April 2022
කොවිඩ් ආසාදිතයන් 150 ක් කොවිඩ් ආසාදිතයින් තව 150 ක් අද (1) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 01 April 2022
’’ජනතාවගේ විරෝධය’’ මර්ධනය සහ විකෘති මතවාදවලින් විසඳන්න බෑ ආණ්ඩුවේ අකාර්යක්ෂම පාලනය තුළින් පීඩාවට පත්ව සිටින ජනතාවගේ විරෝධය මර්දනය සහ විකෘති මතවාද තුළින් විසදිමට නොහැකි බව ආණ්ඩුවට අවධාරණය කර සිටින බව සමගි ජන බලවේ බණ්ඩාර ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. 01 April 2022
විදුලියට ඉන්ධන ගන්න මහජන උපයෝගීතා කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට විදුලිය උත්පාදනයට අවශ්‍ය ඉන්ධන විදුලිබල මණ්ඩලයට අඛණ්ඩව ලබා දෙන ලෙසට බලශක්ති අමාත්‍යවරයාට නියෝගක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (01) ගොනුකර ඇත. 01 April 2022
බුද්ධි අංශ ’’ෆේල්’’ : ප්‍රසංස්කරණයක් අවශ්‍යයි ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති ආර්යාවගේ ජීවිතවලට තර්ජනයක් ඇති බවට බුද්ධි අංශ මගින් පූර්ව දැනුම් දීමක් සිදුකර නැතැයි ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (01) පැවසීය. 01 April 2022
කොවිඩ් මරණ 2 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් දෙදෙනකු ඊයේ (31) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (1) තහවුරු කළේය. 01 April 2022
මොරටුව නගරාධිපතිගේ නිවසට ගල් ප්‍රහාරයක්? මොරටුව නගරාධිපතිගේ නිවස ඉදිරිපිට විශාල පිරිසක් දැඩි කලබලකාරී ලෙස හැසිරෙන බව අප වර්තා කරුවෝ පවසති. 01 April 2022
ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාව රැස්වෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමක් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී මේ වන විට පැවැත්වෙමින් තිබේ. 01 April 2022
අරලියගහ මන්දිරයේ ජනාධිපති ප්‍රධාන විශේෂ රැස්වීමක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී මේ වන විට පැවත්වේ. 01 April 2022
කැබිනට් මණ්ඩලය විසුරුවා අන්තර් පාලනයක් පිහිටුවන්න වර්තමාන කැබිනට් මණ්ඩලය වහාම විසුරුවා හැර කෙටි කාලයක් සඳහා අන්තර් පාලනයක් පිහිටුවිය යුතු බවත් කෙටි කාලීන අන්තර් පාලනයෙන් පසුව මහා මැතිවරණයක් පැවැත්විය යුතු බවත් ආණ්ඩුවේ පක්ෂ දහය විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අද (1) පැවසීය. 01 April 2022
කෝටි 12ක දුම්වැටි සමග 5ක් අත්අඩංගුවට එංගලන්තයේ සිට රෙදිපිළි ගෙන්වන මුවාවෙන් මෙරටට හොර රහසේ ගෙන් වූ රුපියල් කෝටි 12 පමණ වටිනා මෙරට තහනම් දුම්වැටි තොගයක් සමග පුද්ගලයන් පස් දෙනෙක් පෑලියගොඩ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. 01 April 2022
විරෝධතාව වාර්තා කරන්න ගිය මාධ්‍යවේදීන්ට පහර දී ඇතැයි පැමිණිල්ලක් මිරිහාන පැඟිරිවත්තේ විරෝධතාවය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ද පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව විසින් පහරදී ඇතැයි ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට සහ පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබේ. 01 April 2022
’’රජයට විරුද්ධ ජනතා රැල්ලක් ඇතිවෙලා’’ රජයට විරුද්ධ ජනතා රැල්ලක් මතුවී තිබෙන බව යම් යම් හේතු කාරණා නිරික්ෂණයේදී පෙනී යන්නේ යැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (01) පැවසීය. 01 April 2022
පොදු දේපල විනාශ කළේ ආණ්ඩුවේ හෙන්චයියලාද ? මිරිහානේ පැවති ජනතා උද්ඝෝෂණයේදී පොදු දේපලවලට හානි කරන ලද්දේ ආණ්ඩුව විසින්ම එයට ඇතුල් කරන ලද කණ්ඩායම් විසින්දැයි සැකයක් මතුවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 01 April 2022
පාර්ලිමේන්තුවේ බස් ප්රශ්නය පක්ෂ නායක රැස්වීමේදීත් කතාබහට පාර්ලිමේන්තුව සඳහා වෙන් කෙරුණු බස්රථ 12 ක් තිබියදී එහි සේවකයන් ප්‍රවාහනය සඳහා ලංගම බස් රථ නවයක් යොදා ගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී අද ප්‍රශ්න කර ඇත. 01 April 2022
මිරිහානේ සිද්ධියට ජාතිවාදී-ත්‍රස්තවාදී ලේබල් අලවන්න එපා මිරිහාන පැඟිරිවත්තේ වූ සිද්ධිය ජාතිවාදී හෝ ත්‍රස්තවාදී සිද්ධියක් නොවන හෙයින් එවැනි ප්‍රකාශ කිරීමෙන් පවතින තත්ත්වය තවත් උග්‍රවිය හැකි බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (1) පැවසීය. 01 April 2022
හෙට විදුලි කප්පාදුව පැය අටහමාරක් විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (2) ප්‍රදේශ රැසකට පැය 8 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම අද (1) පස්වරු පැවසීය. 01 April 2022
හිරුණිකාගේ විරෝධයට යාපනයේදී විරෝධයක් රටේ අර්බුදයට වගකිවයුතු වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වන ලෙස බලමින් සමගි ජනබලවේගයේ ‘මව්වරුන්ගේ අරගලය‘ යාපනය නගරයේ සංවිධානය කළ විරෝධතාව අතර ඇති වූ විරෝධතාවක් හේතුවෙන් එය අතරමඟ නතර කළේය. 01 April 2022
යුක්රේනයෙන් රුසියාවේ තෙල් ගබඩාවට ප්‍රහාර යුක්රේන හමුදාවට අයත් ප්‍රහාරක හෙලිකොප්ටර් යානා දෙකක් රුසියානු දේශ සීමාවට ඇතුළු වී, රුසියාවේ බෙල්ගොරොඩ් පළාතේ බොර තෙල් ගබඩාවකට ප්‍රහාර එල්ල කර ඇතැයි එම පළාතේ ආණ්ඩුකාර ගොල්ඩ්කොව් පවසයි. 01 April 2022
මිරිහාන විරෝධතා ජාත්‍යන්තරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන නිවස ඉදිරිපිට පැවති උද්ඝෝෂණය පිළිබඳ පුවත මුළු ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත් විය. 01 April 2022
අයි.එම්.එෆ් වාර්තාව ගැන විවාදය 8 වෙනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව ගැන ලබාදී ඇති වාර්තාව සම්බන්ධයෙන් ලබන 8 වෙනිදා සිකුරාදා පැය 10 ක විවාදයක් ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (01) තීරණය කළේය. 01 April 2022
ගාල්ල නිතිඥයෝ ජනතාවට සහන ඉල්ලති ජනතාව මේවනවිට දැඩි පිඩාවට පත්ව සිටින නිසා දුර්දාන්ත පාලනය අවසන් කොට මහජනාතවට සහන ලබාදෙන ලෙස ඉල්ලා ගාල්ල නිතිඥයෝ ගාල්ල කොටුව අධිකරණ සංකිර්ණය ඉදිරිපිට අද (01) සවස නිහඬ විරෝධතාවයක් පැවැත්වුහ. 01 April 2022
අයිස් මිල වැඩියි: ධීවරයොත් පාරට අයිස් මිල අඩු කරන ලෙසත්, ගැස් හා ඉන්ධන ලබාදෙන ලෙසත් ඉල්ලා ගාල්ලේ ධිවරයින් විශාල පිරිසක් ගාල්ල නගරයේ අද (01) දහවල් උද්ඝෝෂණයක් පවත්වන ලදි. 01 April 2022
ශෂේන්ද්‍රගේ ඔප්පු ප්රදානයටත් විරෝධයක් රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කිරිඉබ්බන්ආර මහවැලි ක්‍රිඩාංගනයේ අද පැවැත්වීමට නියමිතව තිබූ ඔප්පු බෙදා දීමේ උත්සවයකට ජනතාව විරෝධය පළ කිරීම නිසා ඇමති ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා සහභාගී නොවීය. 01 April 2022
මිරිහාන විරෝධයෙන් මිලියන 39ක පාඩුවක් මිරිහාන ඇතිවූ කලහාකාරී සිද්ධියෙන් මේ වන විට තක්සේරු කර ඇති දේපලවල හානිය මිලියන 39කට ආසන්න බව ජේෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය 01 April 2022
මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත් ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒ.. 02 January 2026