(අංජුල මහික වීරරත්න)
ජනතාව ඉල්ලන" සිස්ටම්" වෙනසට දේශපාලඥයින් එකඟ වුවද ඇතැම් රාජ්‍ය නිලධාරීන් එම වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම සදහා කටයුතු කරන බවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
රාජ්‍ය යාන්ත්‍රණය රටට වාසිදායක ලෙස පවත්වා ගෙන යාමේ වගකීම ඇතැම් රාජ්‍ය නිලධාරීන් නිසි ලෙස ඉටු නොකරන බව ද අමාත්‍යවරයා කීය.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිටින ශ්‍රමිකයින් ලියාපදිංචි කිරීමේ වැඩසටහන වසර 5ක් යනතුරු ආරම්භ නොකිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහිදී කණගාටුව පළ කළේය.
පසුගිය සමයේ ජනතාව පාරට බැස්සේ සැබවින්ම ඔවුන් පීඩාවට පත්වු නිසා බවත්, ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පැමිණීමට නොහැකි පාර්ශව ගෙවල් ගිනි තබා, ගහලා මරලා, අසරණ මිනිසුන්ගේ කර මතින් බලය ලබා ගැනීමට උත්සහ කළ බවත්, අමාත්‍යවරයා සදහන් කළේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිපුණතාවය සහිත ඉදිකිරීම් ශිල්පීන් ලියාපදිංචි කිරීම සහ ඔවුන් සදහා ශිල්පි හැදුනුම්පත් නිකුත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. මෙම උත්සවය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, සව්සිරිපායේදී පැවැත්විණි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඇමති ප්‍රසන්නගෙන් රාජ්‍ය නිලධාරීන්ට දොස්
sampath Friday, 11 November 2022 03:11 PM
ඉදිකිරීමෙන් පමණක් නොවේ. සියලුම ක්ෂේත්‍රවලට RPL ක්‍රමය යටතේ NVQ සහතික නිකුත් කළ හැකි මෙය නිලධාරීන් උනන්දු නොවෙන වග ඇත්තක්. ඒවා කරවාගන්න දැනුම ඇති පුද්ගලයින් ආයතනවලට පත්කිරීමයි කළ යුත්තේ...
Sunil Friday, 11 November 2022 03:29 PM
මේ ගොන් කතාවලට අදහස් දැක්වීමත් කාලය අපතේ හැරීමකි...
ravin Friday, 11 November 2022 04:13 PM
කප්පම් ගන්න අයගෙයි, කසිප්පු කාරයින්ගෙයි, කොමිස් කාරයින්ගෙයි, නූගත් අයගෙයි, මාලකඩන අයගෙයි, ස්ත්‍රීදූෂකයින්ගෙයි ඕනෑඑපාකම්වලට වැඩ කරන්න ගිහින් නිලධාරීන් කී දෙනෙක් අමාරුවේ වැටිලා ඉන්නවද කියලා ඔයගමන්ම කිව්වා නම් තමයි වඩාත්ම හොඳ...!
Rohitha Friday, 11 November 2022 05:56 PM
තාම ඉන්නේ අත්හිටවූ සිරදඬුවම් පිට නේද බබා?
Kumara Saturday, 12 November 2022 02:52 AM
කෑවා මදිද මන්දා.
Perera Saturday, 12 November 2022 09:26 AM
සිස්ටම් චේන්ජ් ගැන අවබෝධ කරගන්න මෙයාගේ පුංචි ඔලුවේ මොලයක් නැහැ.