IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගල් අඟුරු ගනුදෙනු ගැන කෝප් කමිටුවෙන් නියෝගයක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ගල් අඟුරු මිලදීගැනීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප් කමිටුව) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු ප්‍රධානින්ට නියෝග කළේය.

නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරය සඳහා (2022 - 2025 අතර කාල පරිච්චේදයට අදාළව) ගල් අගුරු මිලදීගැනීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ඉදිරිපත් කර ඇති නිර්දේශ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන ලෙසද දැනුම් දුන්නේය.

ගල් අඟුරු මිලදීගැනීමට ටෙන්ඩර් කැඳවන අවස්ථාවේ පැවති සුවිශේෂී තත්වයන් පිළිබඳව කෝප් කම්ටුව සාකච්ඡා කළේය.

විගණකාධිපතිවරයා සිය වාර්තාවෙන් පෙන්වාදී ඇති ප්‍රසම්පාදන දුර්වලතාවන් පිළිබඳව ද දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ අතර මෙම සාකච්ඡා කළ කරුණු පිළිබඳ පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමටද කමිටුවේ සියලුම සාමාජික මන්ත්‍රීවරු එකගත්වය පළ කළහ.

 



අදහස් (0)

ගල් අඟුරු ගනුදෙනු ගැන කෝප් කමිටුවෙන් නියෝගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site