IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බේරුවල ව්‍යාපාරිකයෙක් ගිනි අවි සමග මාට්ටු

(තුසිත කුමාර ද සිල්වා)

බේරුවල දීනගොඩ ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසේ තිබී නීති විරෝධී ගිනි අවි 3 ක්, ජීව උණ්ඩ 630ක් සමග සැකකාර  හැවිරිදි ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය  කියයි.

බේරුවල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අපරාධ නිවාරණ මෙහෙයුම් රාජකාරියෙහි නිරතව සිටියදී බේරුවල නගරයට නුදුරින් ගමන්ගත් සැකකටයුතු පුද්ගලයකු පරික්ෂා කිරීමේදී ගමන් මල්ලේ සඟවා තිබූ ගිනිඅවිවලට භාවිතා කරන ජීව උන්ඩ 50ක් හමුවීමත් සමඟ සැකකරුගෙන් දීර්ඝ ලෙස කර ප්‍රශ්න කිරීම් හමුවේ නිවසේ සඟවා තිබූ ගිනි අවි තුනක් සමඟ තවත් ජීව උන්ඩ 580ක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ගිනි අව් තුන අතර මෙරට නිෂ්පාදනකර තිබෙන බව කියන සුවිශේෂීගිනි අවියක්ද තිබී ඇති අතර එම ගිනි අවිය මගින් ලේසර් කිරණ ආලෝක ධාරා භාවිතා කර ඉලක්කය ඇල්ලීමට හැකි බව ද පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබේ. 

2018 වසරේ දෙසැම්බර් මස නව වන දින බේරුවල සැකකරුගේ නිවස වැටලීමේදී මෙයට පෙරද ගිනි අවි තොගයක් සමග මෙම සැකකරු පොලිසියට කොටුවී ඇති බව විමර්ශන සිදුකළ පොලීසිය කියයි.



අදහස් (1)

බේරුවල ව්‍යාපාරිකයෙක් ගිනි අවි සමග මාට්ටු

සමිත සේනක අලුත්ගමගේ. Friday, 11 November 2022 09:48 AM

මේ සඳහා කැපවූ පොලිස් නිලධාරීන් වෙත රට ජාතියේ ප්‍රණාමය .. !!! පොලීසියේ සැබෑ මෙහෙවර සඳහා මෙවන් නිලධාරීන් විශේෂ ඇගයීමකට ලක් කළ යුතුයි.මීට පෙර අවස්ථා වලදී මේ පුද්ගලයා සතුව ගිනි අවි ආයුධ තිබී ඇත්තේ නම්,මෙවර සමාවක් නොදී,මේ ආයුධ රැස්කිරීමේ සුළමුල සොයාගත යුතුයි.

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site