(අංජුල මහික වීරරත්න)
2021/22 මහ කන්නයේ වගා හානි සිදු වූ ගොවීන්ට වන්දි ලබා දීම සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් රුපියල් මිලියන 800ක මුදලක් වෙන් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොවීන්ට වන්දි ප්‍රදානය කිරීම කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර එහිදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොවීන් 2535කට රුපියල් මිලියන 33ක මුදලක් ලබා දීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
කුරුණෑගල දිස්ත්‍රික්කයට අවශ්‍ය පොහොර, කෘමිනාශක සහ වල්නාශක බෙදාහැරීම, ඉන්ධන ලබාදීම සහ පශු සම්පත් ක්ෂේත්‍රය සම්බන්ධ කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බව අමාත්‍යාංශය පවසයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
වගා හානි වන්දි දීම ඇරැඹේ
wedage Friday, 11 November 2022 04:21 PM
වී ගන්න සල්ලි නැති ආණ්ඩුවට වන්දි දෙන්න සල්ලි කොහෙන්ද?
Sunil Saturday, 12 November 2022 04:31 AM
තවත් ප්‍රෝඩාවක ඇරඹුම.